වාමාංශික දේශපාලන ව්‍යාපාරයක ගමන් මගේදී විවිධ පංති බලවේග සංවිධානය කරමින් ඔවුන් පෙළගස්වමින් හා බලමුළු ගන්වමින් යන ගමනක් විවෘත කරගත යුතුය. විශේෂයෙන් වමේ ව්‍යාපාරයක ඉදිරිය තීරණය වන්නේ පන්ති බලවේග දේශපාලන ක‍්‍රියාවලියකට ලංවන ප‍්‍රමාණයට සාපේක්ෂවය.
එසේ බලවේග සංවිධානය කිරීමේ දී මුණගැසෙන විවිධ අය අතර ස්ත‍්‍රීන් විශේෂ ස්ථානයක් ගනී. එයට හේතුව වන්නේ ශිෂ්‍ය, ගොවි, කම්කරු, ධීවර ආදී විවිධ බලවේග ධනපති ක‍්‍රමය විසින්ම එක්තැනකට සංවිධානය කර දී තිබුණ ද ස්තී‍්‍රන් එලෙස සංවිධානය කරදී නොමැති නිසාය. එහෙත් ස්ත‍්‍රීය ද එම සියලූ ක්ෂේත‍්‍රයන් තුළ අපට හමුවන්නේ ශිෂ්‍යාවක්, කම්කරු ස්ත‍්‍රියක්, ගෙවිලියක් ආදී වශයෙනි. ඒ අනුව බලවේගයක් ලෙස ස්තී‍්‍රන් අපට වෙනම හමුවන්නේ නැත. එ් නිසාම ඔවුන් සංවිධානය කරන විට අභියෝගයක් ද අප හමුවේ ඇත. එ් ඔවුන් විසිරී සිටින පිරිසක් වන බැවිනි. මන්ද අප සමාජයේ සාතිශය බහුතරයක් ගෘහමය කටයුතු පමණක් ඉටුකරමින් සිටින ස්තී‍්‍රන් වීමයි. කෙසේ වෙතත් කාන්තා ව්‍යාපාරයක දේශපාලන අවශ්‍යතාවය මෙන්ම එහි ගමන් ම`ග පිළිබඳවත් මෙම කතිකාවේ දී ලාංකීය පීඩිත ස්තී‍්‍රන් එකී ක‍්‍රියාවලියට සම්බන්ධකර ගැනීමට ක‍්‍රමවේදයක් අවැසිය. එකී ක‍්‍රමවේදය කුමක් ද? එ් සඳහා මූලිකවන ‘හඳුනාගන්නා බලවේගය කවුරුන්ද’ යන්න පිළිබඳව අධ්‍යයනයක් ද සහිතව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සිය දේශපාලන වැඩපිළිවෙළ සකස් කරමින් සිටී.
එ් අනුව ස්තී‍්‍රන් සංවිධානය කිරීමේ දි හමුවී ඇති කරුණු මත ස්ත‍්‍රිය, ස්ත‍්‍රියක් වීම නිසා විශේෂ පීඩනයක් ඇති බවත් එකී පීඩාවට මූලික පදනම වී ඇත්තේ පන්ති සමාජය බිහිවීමත් සමඟ බිහි වූ පෞද්ගලික දේපළ අයිතිය සහ එ් නිසාම පවුලේ පාලනය පුරුෂයා අතට පත් වීමත් සමඟ ගොඩනැගුණු පුරුෂ මූලික සමාජය බවත් හඳුනාගෙන ඇත. මෙම ක‍්‍රියාවලිය පන්ති සමාජය ආරම්භයේදී ආරම්භ වීමෙන් අනතුරුව ඉදිරියට දිවයන්නක් වන අතරම අද අප ජීවත් වන නව ලිබරල් ධනවාදය තුළ එකී පීඩාව වෙනස් වෙනස් මානයන් ගෙන් අප හමුවට එ් නව ලිබරල් ධනවාදය තුළ ස්ත‍්‍රිය ශ‍්‍රමවෙළඳපළට කැඳවා තිබුණ ද තවමත් ඇය විසින්ම කළයුතු යැයි සමාජය සලකන ගෘහමය ක‍්‍රියාවලියෙන් ඇය නිදහස් වී නැත. එලෙසම පුරුෂමූලික විය ගසෙන් ද ඇය නිදහස් වී නැත. එ් නිසාම ස්ත‍්‍රිය මත පටවන පුරුෂමූලික පීඩනය දෘෂ්ටිවාදයක් මෙන්ම සංස්කෘතියක් ලෙසට ද පෙනෙන්නට තිබේ. එබැවින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයෙහි අරගලය දිශානති දෙකකට සම්බන්ධ වේ. එනම් ස්ත‍්‍රිය පෙළන පොදු සමාජ පීඩාව සහ ඇය ස්ත‍්‍රියක්වීම නිසා අත්විඳින පීඩාවයි.
එ් අනුව පක්ෂය විසින් න්‍යායික පදනමකින් ස්ත‍්‍රිය වෙනම සංවිධානය වීමේ අයිතිය පිළිගැනෙන අතර නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය වත්මන් මොහොතේ දී එකී පදනම තුළ පිහිටමින් ස්ත‍්‍රිය සංවිධානය කිරීමේ මූලික සටන් හා ක‍්‍රියාමාර්ග තෝරමින් තිබේ. එය කාන්තා ව්‍යාපාරය විසින් දැනුවත්ව සිඳුකරන කාර්යයක් වන අතර එ් සඳහා තෝරාගත් ක්ෂේත‍්‍ර කිහිපයක සංවිධාන වැඩපිළිවෙළක් දියත් කරණු ලබයි.
මේ අනුව වතුකරයේ පීඩිත ස්ත‍්‍රිය, උතුරේ පීඩිත ස්ත‍්‍රිය, මැද පෙරදිග ගෘහසේවයේ නියුතු ස්ත‍්‍රිය ආදී වශයෙන් මේ මොහොතේ ලාංකීය සමාජය තුළ පීඩිත ස්තී‍්‍රයගේ සැබෑ ප‍්‍රශ්නය හඳුනාගැනීමට සහ එ් අනුව ඔවුන් සංවිධානය කිරීමටත් කටයුතු කරමින් සිටී. ලාංකීය සමාජය තුළ විවිධ කතිකාවන්හි ස්තී‍්‍රන් මුහුණදෙන පීඩාවේ සැබෑ හරය පෙන්වන්නේ නැත. බොහෝ සාකච්ඡුා සංවාද එහි සැබෑව වෙනුවට මතුපිට පමණක් අතපතගාමින් ගැටලූව මඟහැර යන බව අප හඳුනාගෙන ඇත. ඉහත සඳහන් සියලූ තැන්හි වැඩකරන කාන්තාව ගෘහස්ත හිංසනයට, ලිංගික අතවරයන්ට, පුරුෂමූලික මනෝභාවයන් සහ බලහත්කාරයට මෙන්ම අවසානයේ මරණයට ද ගොදුරු වන බව සමාජයේ දී අප හඳුනාගෙන ඇත ආකල්පමය මෙන්ම පසුගාමී ලක්ෂණ විසින් ද ඇය වෙළඳ භාණ්ඩයක් වීමත් පරිභෝජනවාදී සමාජයේදී එනිසාම ඇය විකිණෙන විකුණන භාණ්ඩයක් බවටත් පත්වී ඇති බව අප හඳුනාගෙන ඇත. ඒ අනුව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මතවාදී මෙන්ම ප‍්‍රතිසංස්කරණ සටන් මතුකර ගනිමින් එ් සඳහා මැදිහත් වන ක‍්‍රියාවලියකට එක්වී සිටී ස්ත‍්‍රිය, ස්ත‍්‍රියක් ලෙස සමාජයේදී අත්විඳින පීඩාව සහ ඇය එ් වෙනුවෙන් සංවිධානය කරගැනීමට අවශ්‍ය සටන්පාඨ අප තෝරාගෙන ඇත .
ස්ත‍්‍රිය වෙළඳ භාණ්ඩයක් නොවේ
ස්ත‍්‍රිය ද මනුෂ්‍යයෙකි
මගේ ශරීරය මගේ අයිතිය
ස්ත‍්‍රියට එරෙහි සියලූ ප‍්‍රචණ්ඩත්වයන් පිටුදකිමු
ගෘහමය වහල්භාවයෙන් ස්ත‍්‍රිය නිදහස් කරනු
ගෘහමය ශ‍්‍රමය නිෂ්පාදනයේ කොටසක් ලෙස පිළිගනු
විදේශගත ලාංකීය කාන්තාවගේ වහල්භාවය අහෝසි කරනු
ලාභ ශ‍්‍රමයට ස්ත‍්‍රිය විදේශයට විකිණීම නවතනු
දෑවැද්ද ඉල්ලනත් එපා දෙන්නත් එපා
සමාන සේවයට සමාන වැටුප්
ස්ත‍්‍රියට එරෙහි සියලූ සමාජ ආකල්ප පිටුදකිමු
අවමානය වෙනුවට ගෞරවය මරණය වෙනුවට ජීවිතය
මෙලෙස ස්තී‍්‍ර පීඩනයට එරෙහිව ස්තී‍්‍රන් සංවිධානය කරන අතරම ශ‍්‍රම කාර්යයේදී ඇය අත්විඳින පීඩාව හඳුනාගත් ක්ෂේත‍්‍ර දෙකක ඔවුන් හා සාකච්ඡුා කරමින් එ් සඳහා ක‍්‍රියාමාර්ග තෝරමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය වතුකරයේ ස්ත‍්‍රිය සහ විදෙස්ගත රැුකියාවන්හි නියුතු ස්ත‍්‍රිය සංවිධානය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කොට ඇත. එ් අනුව වතුකරයේ ස්ත‍්‍රිය ජීවිතයේ මුහුණ දෙන ගැටලූ වලදී එ් වෙනුවෙන් මැදිහත්ව ඔවුන්ට යම් හෝ ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාණයකත් ලබා දීමටත් ඉන් නොනැවතී ඔවුන් පෙළෙන පීඩාවෙන් සැබෑ ලෙසම ඔවුන් මුඳවා ගන්නේ කෙසේදැයි යන දේශපාලන කතිකාව ආරම්භ කර ඇත . එ් සඳහා වන ප‍්‍රතිසංස්කරණ සටන්පාඨ,
දෛනික වැටුප රුපියල් 1000ක් දෙන තුරු අරගල කරනු
ස්ථිර මාසික වැටුපක් සඳහා අරගල කරනු
ස්ථිර නිවසක්, ඉඩමක් ලබා ගැනීම සඳහා අරගල කරනු
මෙම මැදිහත් වීම බලවේගයක් ලෙස ඔවුන් සංවිධානය කිරීම දක්වා පුළුල් කරගත යුතු අතර එ් සඳහා වන සටන් ක‍්‍රියාමාර්ග, මත දැක්වීම් හා ඔවුන් ද සම්බන්ධ කරගත් විවිධ ක‍්‍රියාමාර්ග තෝරා ගැනීමේ උපක‍්‍රමික වැඩපිළිවෙළක් අප විසින් සකස් කරගත යුතුය.
මීට අමතරව විවිධ ආර්ථික හේතූන් මත විදෙස් රැුකියාවන්හි නියැලීමට ගොස් සිටින සාතිශය බහුතරයක් ලාංකීය ස්ත‍්‍රියගේ ගැටලූව අතිශය සංකීර්ණය. බොහෝ සමාජ ප‍්‍රශ්න මෙන්ම වෙනත් කරුණු මෙම තත්වය තුළ මතුවී ඇති අතර උපයන ආදායම කෙසේවුවත් ඔවුන්ගෙන් සාතිශය බහුතරයක් මේ නිසා වන්දි ගෙවන්නේ ජිවිත වලිනි. එබැවින් එම තත්වය සමාජයක් ලෙස වටහා නොගැනීම පාලකයන් ලාභ ශ‍්‍රමයට ස්තී‍්‍රය විදේශයට විකිණීමට එරෙහිවත් අප හමුවේ අරගලයක් ඇත. කිසිදු කෙනෙකුට එදිනෙදා ඇස නොගැටෙන මෙම ගැටලූවෙන් පීඩාවට පත්වන්නේ සාතිශය බහුතරයක් ලාංකීය කාන්තාවන් බව අප හඳුනාගෙන ඇත. එ් නිසා එ් වෙනුවෙන් කරන සටන් ක‍්‍රියාමාර්ග නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් මෙලෙස ක‍්‍රියාත්මක කිරීමට මැදිහත් වී ඇත. එ් අනුව
ලාභ ශ‍්‍රමයට ස්ත‍්‍රිය විදේශයට විකිණීම නවතනු
විදේශගත ලාංකීය ස්තී‍්‍රයගේ වහල්භාවය අහෝසි කරනු
විදෙස් වහල් රැකියා වෙනුවට සුරක්ෂිත රැකියා තහවුරු කරනු
කෙසේ වෙතත් ලාංකීය පීඩිත ස්ත‍්‍රීය සංවිධානය කරන විට එය සංකීර්ණ ක‍්‍රියාවලියක් බවත් ඒ ස`දහා අදාළ කරන ප‍්‍රවේශය ගැනීමට පෙර ස්ත‍්‍රියගේ මනෝභාවයන් මෙන්ම මේ සමාජය තුළ ඇය අත්පත් කරගෙන තිබෙන ස්ථානය පිළිිබදව ද වඩා වැඩි අවධානයක් තිබිය යුතුය. නවලිබරල් ධනවාදය තුළ එහි ප‍්‍රධානම ගොදුර බවට ස්ත‍්‍රීය පත්කිරීමට අවශ්‍ය කරන වෙළදපල අවශ්‍යතාවයත්, එහි ගොඩනැංවීමත් මෙන්ම ස්ත‍්‍රීය එහි ගොදුරක් වන්නේ කෙසේද යන කියවීමත් අපට අවශ්‍යය. එලෙසම විවිධ ශ‍්‍රම ක‍්‍රියාවන්හි නියුක්තව විසිරී සිටින ලාංකීය ස්ත‍්‍රීය දේශපාලන කතිකාවකට ගෙන ඒමට අවශ්‍ය කරන ප‍්‍රබල මැදිහත්වීමත් අප විසින් කළ යුතුය.
විශේෂයෙන් ඔවුන්ගේ ගැටලූවේ ස්වභාවය, ඔවුන් එයට මුහුණදෙන ආකාරය, එයින් මිදීමට ඔවුන් ගන්නා ක‍්‍රියාමාර්ග තුළ නැවත ඔවුන් එහිම ගිලීයාම පිළිබ`ද කාන්තා ව්‍යාපාරයක් ලෙස මූලික හදුනාගැනීම අප සතු කරගත යුතුය. එසේම කාන්තා ව්‍යාපාරයක් ලෙස වැඩකටයුතු කිරීමේදී නවලිබරල් ධනවාදය තුළ ස්ත‍්‍රිය ස්ථානගත වී ඇති තැන පිළිබ`ද නිවැරදි දේශපාලන විග‍්‍රහයක් අප සතු විය යුතුය. එලෙසම එයට අදාළ කරන අධ්‍යයන ක‍්‍රියාවලියක් ද අප විසින් ක‍්‍රියාත්මක කළ යුතුය. සංවිධානාත්මකව ස්ත‍්‍රීන් නිශ්චිත දිශානතියකට පෙළ ගස්වන්නට තිබෙන අභියෝගය මෙන්ම ඔවුන්ට ඒ ස`දහා අවශ්‍ය කරන අවබෝධය ලබාදීම ද අභියෝගාත්මක ය. මන්ද ඇය තවමත් ‘ඇයටම හිමි වැඩ’ කොටසකට මැදිහත් වන නිසාය. එමෙන්ම ඒ පිළිබද වූ දැක්ම සහ ආකල්පය වෙනස් කර ගැනීමට මැදිහත් නොවන නිසාය.
මේ සියලූ තත්වයන් මැද කාන්තා ව්‍යාපාරයක් ලෙස ලාංකීය ස්ත‍්‍රිය සංවිධානය කිරීමට අදාළ කරන ප‍්‍රචාරක, සංවිධාන හා අධ්‍යාපන ආදී පැතිකඩයන් ආවරණය කරමින් ක‍්‍රියාමාර්ග තේරීමේ වගකීම පවරාගත යුතුය. ඒ නිසා එයට අවශ්‍යකරන ප‍්‍රවේශය මේ වන විට අප විසින් ගනිමින් තිබේ. විසිරී සිටින ලාංකීය ස්ත‍්‍රිය සංවිධානය කිරීමේ අභියෝගය සරල හෝ පහසු නොවන බවත් ඒ නිසාම ඔවුන් අතර වැඩකරමින් ගැටෙමින් හා ඔවුන් හ`දුනාගනිමින් කළයුතු මැදිහත් වීමක් අපට ව්‍යාපාරයක් ලෙස අවශ්‍යව තිබේ. ඒ ස`දහා දියුණු සංවිධාන වැඩපිළිවෙළක් ද සකස් කරගත යුතු අතර ඉන් නොනැවතී, ලාංකීය ස්ත‍්‍රියගේ පීඩාවට එරෙහිව ගෙනයන දියුණු සටන් ක‍්‍රියාමාර්ග සමාජ කතිකාව හා මැදිහත් වීම වඩ වඩා පුළුල් ලෙස සමාජය තුළට ගෙන ඒමේ දේශපාලන කාර්යයභාරය ද අප හමුවේ ඇති බව නිවැරදිව හදුනාගත යුතුය.