ආණ්ඩුව වැඩවර්ජන මඩින්න ආරක්ෂක අංශ සූදානම් කරයි!

ආණ්ඩුව විසින් විවිධ ආයතනවලට බුද්ධි අංශ සාමාජිකයන් හා ආරක්ෂක භටයන් යොදවමින් ඒ ගැන විවිධ හේතු දක්වමින් සිටින්නේ ඉදිරියේදී වැඩ කරන ජනතාව විසින් සයිටම් අරගලයට සහාය පිණිස වැඩ වර්ජනය කළහොත් ඊට මුහුණදීමේ සූදානමක් ලෙස බව විශ්වාසදායක මූලාශ්‍ර පවසයි.

රජයේ ආයතන රාශියකට සිවිල් ආරක්ෂක භටයන් හා පොලිසිය යොදවා ආරක්ෂාව දෙන්නේ ශිෂ්‍යයන් ඇතුළු වේ යැයි හේතු දක්වමින් වුවද එහි සැබෑ වුවමනාව වන්නේ වැඩකරන ජනතාව සයිටම් විරෝධතාවලට එක්වීම වැළැක්වීම බව අනාවරණය වේ. ඇතැම් ජනමාධ්‍යවේදීන් මේ පිළිබද විමසන අවස්ථාවල පිළිතුරු ලෙස පවසන්නේ විරෝධතාකරුවන් විසින්  හානි පැමිණවිය හැකි බවට හඳුනාගෙන ඇති අමාත්‍යාංශවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවකි. මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විදුලිබල අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව පවසයි. එසේම සටන්කාමී සේවක සංවිධාන ක්‍රියාත්මකවන ආයතනවලද විශේෂ බුද්ධි අංශ මැදිහත්වීමක් කරන්නට ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇතැයි අපගේ ආරංචිමාර්ග හෙළි කරයි.

Leave a Reply