ලෝක බැංකුව විසින් වසර තුනක් තුළ කාලයක් ලංකාවට අමෙරිකන් ඩොලර් මිලියන 1,340ක් වටිනා ණයක් කොටස් කිහිපයකින් සැපයීමට එකග වී ඇත.
මුදල් සහ ජනමාධ්‍ය අැමති මංගල සමරවීර සහ ලෝක බැංකුවේ ලංකාව සහ මාලදිවයින සඳහා වන අධ්‍යක්ෂිකා ඊඩා රිඩ්හෝ අතර ජූලි 11 වැනිදා මුදල් අමාත්‍යශයේ පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධව කරුණු ප්‍රකාශ කෙරිණි.
ජූලි මස 01 දින සිට වසර තුනක කාලයක් සදහා මෙම වටිනාකම සහිතව මූල්‍ය සහ තාක්ෂණික සේවා ලෙස ණය සැපයීම ක්‍රියාත්මක වනු ඇත. ලෝක බැංකුවට අනුබද්ධ
අන්තර්ජාතික සංවර්ධන සංගමයේ (IDA) සංක්‍රාන්තික සහයෝගීතා පහසුකම යටතේ ලබා දෙන මෙම ණය පහසුකම පසුගිය 2014 සහ 2017 කාල පරිච්ඡේදය තුළ අන්තර්ජාතික සංවර්ධන සංගමය විසින් ලංකාවට දුන් ඩොලර් මිලියන 660ට පසු අනුමත වූවකි.