සමස්ත ලංකා වරාය පොදු සේව සංගමය හා ජනතා විමුක්තිපෙමුණ එක්ව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රහසිගත ලෙස ඉන්දියානු සහ ඇමෙරිකානු එ්කාබද්ධ සමාගමක් වෙත පවරා දීමට එරෙහිව ඊයේ පැවැත්වූ උද්ඝෝෂනයට පොලිසිය විසින් ජල හා කදුලු වායුප්‍රහාර එල්ල කළේය.
දහවල් 12.30ට වරාය ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් ගත්තේය. රාජ්‍ය දේපළ පුද්ගලික අංශයට පැවරීමට එරෙහි මෙමඅරගලය දිගට කරන බව ජවිපෙ කෙියයි.එහිදී මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් විසුරුවා හරින්නට මෙම පියවර ගත් බව පොලිසිය කියයි.


