මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සේවක පිරිසක් තමන් සේවයෙන් නෙරපා දැමීම සම්බන්ධව විරෝධය පල කරමින් අද (28) දින වැසි මැද උද්ඝෝෂණයක නිරතවන විට පොලිසිය මැදිහත් වී විසුරැවා හරින ලදී.
ව්‍යාපෘතිය යටතේ සේවය කළ අවසන් සේවකයන් 150 දෙනා ඉවත් කළ බව පවසමින් ඔවුහු මෙම විරෝධතාව පළ කළහ. චීන කොන්ත්‍රාත් සමාගම විසින් කිසිදු දැනුම් දීමකින් තොරව තමන් ඉවත් කළ බව සේවකයෝ චෝදනා කරති. මොරගහකන්ද ජලාශයට කිලෝමීටර් 8ක් ඇතින් කළුගඟ ජලාශ වැඩ බිමේ 600ක් පමණ සේවකයෝ වැඩ කළ අතර ඔවුන් අතරින් රුපියල් 1000ක පමණ දෛනික පඩියට වැඩ කළ ලාංකික සේවකයන් 150කගේ සේවය අද දින අවසන් කර තිබේ.
ඔවුහු චීන සමාගමේ කොන්ත්‍රාත් කාර්යාලය අසල මහා වැස්සේ උද්ඝෝෂණයක් ද කළහ.පොලිසිය විසින් ඔවුහු ඉවත් කරනු ලැබූහ. මුදල් නැති නිසා සේවකයින් ඉවත් චීන කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයකු පැවසීය.