උද්ඝෝෂණ බාධාවක් නෑ, ඉදිරියටත් ව්‍යාපෘති කරනවා – චීන තානාපති
Posted on 08.03.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
උද්ගෝෂණ කෙතරම් පැවතුනද එය ශ්‍රී ලංකා-චීන මිතුදමට කිසිදු බාධාවක් නොවන බවත් ඉදිරියටත් ලංකාව තුල ව්‍යාපෘති සිදු කිරීමට කටයුතු කරන බවත් චීන රජය අවධාරණය කරන බව ලංකාවේ චීන තානාපති යී සියැන් ලියන්ග් ප්‍රකාශ කර සිටී.
අද(03) දින කොළඹ චීන තානාපති කාර්යාලයේ පැවතී උත්සවයකදී ඔහු මේ බව පැවසීය.
ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගොඩනැගීම සඳහාද ඉදිරියේදී සහය වන බවත්, අනාගතයේදී චීනය සහ ලංකාව ඒකාබද්ධව විශ්වවිද්‍යාල මෙරට ආරම්භ කරන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පවසන ලදි.
කෙසේ වෙතත් මෙම මිතුදම පිරිසක් අතර පවතින තත්වයක් බවත් ඒ හරහා ලංකේය සමාජයට කෙතරම් අයහපත් බලපෑමක් ඇති වුවද, එය චීන රජයට ප්‍රශ්නයක් නොවන බවත් මෙවැනි ප්‍රකාශ හරහා වඩාත් හොදින් තහවුරු වන අතර ජනතාවට ඊනියා සංවර්ධන සිහින පෙන්වමින් ඉතා වේගයෙන් චීන ව්‍යාපෘතීන් සඳහා මෙරට සමාජය බිලි දෙමින් සිටින බව පැහැදිලිව දැක ගත හැක.