Posted on 07.30.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊයේ(29) අත්සන් කළ හම්බන්තොට වරාය ගිවිසුම යටතේ වරාය සමාගම්වල බහුතර හිමිකාරත්වය වරාය අධිකාරියට හිමිවන බව ප්‍රකාශ කළද එය අසත්‍යයක් බවත් බහුතර හිමිකම් චීන සමාගම්වලට හිමිවන බවද හෙළි වී තිබේ.
හම්බන්තොට වරායේ වානිජ කටයුතු මෙහෙයවීම සදහා HIPG (Hambantota International Port Group Pvt. Ltd.) සමාගම සහ වරායේ සාමාන්‍ය නාවික සහ ආරක්ෂක මෙහෙයුම් කටයුතු සදහා HIPS (Hambantota International Port Services Pvt. Ltd) සමාගම ලෙස මෙම ගිවිසුම යටතේ වරායේ කටයුතු සිදුවන්නට නියමිතය. එහිදී වානිජ මෙහෙයුම් සමාගම වන HIPG, සමාගමේ හිමිකාරත්වට අනුව CMPort නමැති චීන සමාගමට 85%ක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක් ලෙස අයිතිය බෙදී යයි. සාමාන්‍ය නාවික සහ ආරක්ෂක මෙහෙයුම් සදහා HIPS සමාගමේ බහුතර අයිතිය ලෙස 58%ක් චීන සමාගමට සහ 42% වරාය අධිකාරියට හිමි වේ.
පසුගියදා මෙම ගිවිසුම සම්බන්ධයෙන් කළ ප්‍රකාශවලදී සහ ගිවිසුම සම්බන්ධයෙන් මහින්ද සමරසිංහ ඇමතිවරයා ඉදිරිපත් කළ අමාත්‍යංශ මණ්ඩල යෝජනාවේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට එකී සමාගමේ බහුතර හිමිකම් ඇති බව පැවසුණද එය අසත්‍යයක් බව මේ අනුව පැහැදිලි වේ. වරාය අධිකාරියට 50.7%ක් සහ චීන සමාගමට 49.3 %ක කොටස් හිමිකම් බෙදී යන බවක් එහි සදහන් විය. සාමානයයනේ වානිජ මෙහෙයුම්වලදී බහුතර කොටස් හිමි පාර්ශ්වය තීන්දු ගන්නා විට සුලුතර කොටස හිමි අධයක්ෂවරුන්ට එය වෙනස් කිරීමේ බලයක් හිමි නොවේ. මේ නිසා ප්‍රාෙයා්ගිකව හම්බන්තොට වරායේ වානිජ හා වරාය මෙහෙයුම් කටයුතු චීන සමාගමට පැවරෙන පරිදි ගිවිසුම අත්සන් කළ බව පැහැදිලිව පෙනී යන කරුණකි.
මහින්ද සමරසිංහ ඇමැතිවරයා පවසන්නේ අත්සන් කළ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන බවත් ඉන් පසුව පාර්ලිමේන්තුවෙ වෙත ඉදිරිපත් කෙරෙන බවත්ය. කෙසේවෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තෙල් සංස්ථා සේවකයන්ට පොරොන්දු වී තිබුණේ පාර්ලිමේන්තු විවාදයකින් පසුව අනුමත කිරීමට පසුව මෙම ගිවිසුම අත්සන් කෙරෙන බවකි.
