දන්ත වෛද්‍යවරු ආණ්ඩුවට අනතුරු අඟවයි
Posted on 08.02.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් බලහත්කාරය යොදා ගනිමින් අක්‍රමවත් නිතී විරෝධී අයුරින් නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්ත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන බව එම සංගමය පවසයි.
බුලත්කොහුපිටිය සෞඛ්‍ය කාර්යාලයට අනුයුක්තව ගැබිණි හා ළමා මුඛ සෞඛ්‍ය සංරක්ෂණය පිලිබඳව දන්ත වෛද්‍ය ලෙස සේවය කරන ලද වෛද්‍යවරිය මෙලෙස අත්තොනෝමතික අයුරින් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්ත කරවීමට විරෝධය ඵලකරමින් රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස ප්‍රකාශ කරන ලදි.
අදාල අනුයුක්ත කිරීම අවලංගු කර එම දන්ත වෛද්‍යවරිය නැවත පෙර ස්ථානයේ සතියක් ඇතුලත සේවයේ පිහිටුවීමට කටයුතු කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රියාමාර්ග නොගතහොත් සංගමයක් ලෙස එයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් දන්ත ශල්‍ය වෛද්‍ය විපුල වික‍්‍රමසිංහ පැවසීය.