தமிழ்
English
Contact
Sunday 17th December 2017    
දෙමල ජාතික සන්ධානයේ මතභේද  | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දෙමල ජාතික සන්ධානයේ මතභේද 



ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පවත්වනවාද, දේශීය පරීක්ෂණයක් පවත්වනවාද යන කරුණ සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානය තුළ බරපතල මතභේද හටගෙන ඇතැයි වාර්තා වේ.

මෙයට ආසන්නතම සිදුවීම වී ඇත්තේ පසුගිය දා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂයවන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා විසින් පසුගිය දා වව්නියාවේ දී කරන ලද ප්‍රකාශයකි.

ඔහු එහිදී පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව නොමැති බවටත් එවැනි ජාත්‍යන්තර පැවැත්වීමට ඉල්ලීම් කිරීමේ අවශ්‍යවක් නොමැති බවටත් ය.

මෙය දෙමළ ජාතික සන්ධානයේ මතය එය නොවන බවත් මේ සඳහා සන්ධානයේ පක්ෂ තුනක්ම අප්‍රසාදය පළ කර ඇති බවත් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධීකරණ කමිටුව වහාම කැඳවන ලෙස දෙමළ ජාතික  සන්ධානයේ පක්ෂ 03 ක් වූ ඊ.පී.ආර්.එල්.එෆ්. ප්ලොට් සහ ටෙලෝ යන පක්ෂ එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හට ඉල්ලීමක් කර ඇති බවයි.

මෙම කරුණ පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ විවිධ මත දැරීම සුදුසු නොවන බවට මත පළවීමත් සමග එම සන්ධානය දෙකඩ වීමේ අවදානමක් පවා උද්ගතව තිබේ.