Posted on 12.13.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දෙමළ ජාතික සන්ධානයේන් ඉවත්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හා ආනන්ද සංගරී විසින් පිහිටුවා ගන්නා ලද ෙද්ශපාලන පෙරමුණේ නම ෙදමළ ජනතා විමුක්ති සන්ධානය ලෙස වෙනස් කිරීමට යාපනයේදී පැවති එම සන්ධානයේ රැස්වීමකදී තීරණය කොට තිබේ.
දෙමළ ජාතික සන්ධානය (TNA) ගෙන යන දේශපාලනයට විවේචන සහිතව මෙම සන්ධානය පිහුටුවන ලද අවස්ථාවේදී එය දෙමළ විමුක්ති සන්ධානය (TLA) වශයෙන් නම් කරණ ලදී. නමුත් දෙමළ ජාතික සන්ධානයත් නව සන්ධානයත් නම ජනතාවට නිරවුල් නෙමැති නිසා නව සන්ධානයේ අරමුණු වලට ගැලපෙන අන්දමට එය වෙනස් කිරීමට යෝජනා කරමින් නව පෙරමුණේ නම වෙනස් කළ යුතු බව සාකච්ඡාවට භාජනය වී අැත. මෙම තත්වය තුළ දෙසැම්බර් 10 දා සිට එය දෙමළ ජනතා විමුක්ති සන්ධානය (TNLA)භාවිත කිරීමට තීරණය කොට තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් සුරේෂ් ප්රේීමචන්ද්රළන් යාපනයේ මාධ්ය වේදීන්ට පවසා ඇත්තේ නාමය වෙනස් වුවද දැනට භාවිත කිරීමට තෝරා ගන්න ලද පක්ෂ ලාංඡනය වන ”උදාහිරු” ලකුණ වෙනස් නොවන බවයි.