Posted on 10.10.2017 by Madanayaka in ක්රීඩා පුවත් with 0 Comments
ශ්‍රී ලංකා හා පාකිස්ථාන දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. ඊයේ තරගය අවසන් කරන විට පාකිස්ථානු කණ්ඩායම සිය දෙවන ඉනිම සදහා කඩුළු 5ක් දැවී ලකුණු 198ක් ලබා ගැනීමට සමත්විය.
අද තරගයේ අවසන් දිනයයි. පාකිස්ථාන කණ්ඩායමට සිය ඉලක්කය වූ ලකුණු 316 සපුරා ගැනීමට තවත් කඩුළු පහක් අතැතිව ලකුණු 118ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ පා ඇත.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද දිනයේ සිය වගකීම් නිසි ලෙස ඉටු කළහොත් ඉතිරිව ඇති පාකිස්ථාන කඩුළු 05 ලකුණු 118 ලබා ගැනීඹට පෙර දවා ගැනීමට කටයුතු කළහොත් පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති සිය දෙවන ටෙස්ට් තරගයද ජය ගැනීමට හැකිවනු ඇත.
කෙසේ වෙතත් පාකිස්ථානු පිතිකරුවන අසාඩ් සෆීක් ලකුණු 86ක් ලබාගෙන නොදැවී සිටිමින් සිය නායකයා වන සෆ්රාෂ් අහමඩ් නොදැවී ලකුණු 57 ක් සමග හයවන කඩුල්ල සදහා ලකුණු 153ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩනගා ඇත.
මෙම පිතිකරුවන් දෙදෙනා සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත කැදවාගෙන යෑමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.
තරගයේ අවසන් දිනයේදී දෙපිලටම ජයග්‍රහණය සදහා විවෘතව පවතී.