தமிழ்
English
Contact
Saturday 4th May 2019    
නේපාල මහ මැතිවරණයෙන් වාමාංශික සංධානයට ජය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නේපාල මහ මැතිවරණයෙන් වාමාංශික සංධානයට ජය



හිටපු නේපාල අගමැතිවරයකු වන කේ.පී. ඔලීගේ නායකත්වයෙන් යුතු නේපාල එක්සත් මාක්ස් ලෙනින් පක්ෂය හා හිටපු අගමැතිවරයෙකු වන ප්‍රචණ්ඩගේ නායකත්වයෙන් යුත් මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය එක්ව ගොඩ නැගූ දේශපාලන සංධානය මෙවර නේපාල මැතිවරණයෙන් පහසු ජයග්‍රහණයක් ලබා ඇති බව වාර්තාවේ.

2017 මැතිවරණය ආසන්නයේ ගොඩනැගුණු වාමාංශික සංධානයට මෙවර නේපාල මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලැබී ඇති බව වාර්තාවේ. පාර්ලිමෙන්තුවේ සෘජුව තොරාපත්කර ගන්නා නියෝජිතයින් 165 දෙනාගෙන් 106කුම නව වාමාංශික සංධානයෙන් තේරීපත්ව ඇති බව වාර්තාවේ. නව වාමාංශික සංධානය ජය ගැනීමත් සමග නේපාල කොංග්‍රස් පක්ෂය සිය පරාජය පිළීගෙන තිබේ.

මෙවර මැතිවරණයේදී පාර්ලිමේන්තු නියෝජිතියින් තේරීමට අමතර පළාත් ආණ්ඩු හා නගර සභා හා පළාත්පාලන නියෝජිතයින්ද තෝරා ගැනීම සිදු කළේය. මෙවර මැතිවරණ ප්‍රථිපලවලට අනුව බහුතරය ජය ගන්නට එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂය හා මාවෝවාදී කණඩායම් සමත්ව තිබේ.

නේපාල නව අගමැතිවරයා ලෙස කේ.පී ඔලී පත්වනු ඇතැයි විශ්වාස කෙරේ නේපාල එක්සත් මාක්ස ලෙනින් පකයේ නායකයා වන කේ.පී. ඔලී සිය ආසනය ජය ගෙන ඇත්තේ සිය ප්‍රතිවාදියාවූ නේපාල කොංගුස් පක්ෂයේ අපේක්ෂකයාට වඩා ඡන්ද 28000ක් ලබා ගෙනය.

කමාල් දාස් ප්‍රචණ්ඩද සිය ආසනය වැඩි ඡන්ද 10,000 කින් සිය ප්‍රතිවාදී නේපාල කොංග්‍රස් අපේක්ෂක පරාජයට පත්කර ඇති බව වාර්තාවේ.

මෙවර මැතිවරණය පවත්වන ලද්දේ වසර ගණනාවක සිට පැවැති රාජාණ්ඩු ක්‍රමය අහෝසි කරමින් ලෙන එන ලද නව ව්‍යවස්ථාවට අනුවය. මේ අනුව 2015 වසරේ සිට ක්‍රියාත්මක නව ව්‍යවස්ථාව අනුව වසර 239ක් පමණ කලක සිට පැවැති නේපාල රාජාණ්ඩු ක්‍රමය අහෝසි වනු ඇත.

2006 වසරේ සිට වසර එකොලහක් තිස්සේ පැවැති දේශපාලන ව්‍යාකූලත්වය මෙවර මැතිවරණ ප්‍රථිපලයට අනුව යම් දේශපාලන ස්ථාවරයක් සහිත ආණ්ඩුවක් පිහිටවීමට හැකිවනු ඇති බව සැළකේ. කෙසේ වෙතත් කළාපීය දේශපාලන බලවේගයන්ගේ හැසිරීම අනුව මෙම තත්වය රෑදීපවතිනු ඇත.

නේපාලයේ පවතින දුගී බව හා ද්‍රරිද්‍රතාවයට පිළියම් නොයෙදුවහොත් මැතිවරණ ජය ගැනීමෙන් පමණක් සිය කාර්යය සාර්ථක කර ගැනීමට නව වාමාංශික සංධානයටනොහැකි වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ හෙළිකරති.

පසුගිය වසර එකොලහ තුල නේපාල අගමැතිවරු 10 දෙනෙකු පත්ව ඇති අතර ඔවුන් කිසිවකුට යම් ස්ථාවර ආණ්ඩුවක් කර ගෙනයාමට නොහැකි වුයේ එරට පවතින මෙම දුගීබ හා කලාඵීය දේශපාලන බලවේයන්ගේ හැසිරීම් හේතුවෙනි.

මෙවර මැතිවරණයෙන් නව වාමාංශික සංධානය ජය ලබා ඇතත් එම ප්‍රථිපලය පමණක් නේපාලයේ ඇති දේශපාලන ව්‍යාකූලකූලත්වය අවසන් කිරීමට ප්‍රමාණවත් නොවනු ඇත.




Related News