මුතුරාජවෙල කසළවලින් පිරවීම අරඹති!
Posted on 04.21.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මුතුරාජවෙල අභයභූමි සීමාව තුළ ජා ඇල දෑලතුර ඇලවේල්ල ප්‍රදේශයේ පිහිටි තෙත් බිමකට කැළි කසළ විශාල ප්‍රමාණයක් දැමීම සහ පසුවලින් වසා තෙත් බිම ගොඩකිරීමත් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු විරෝධතා දක්වති.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය අද්දර පිහිටි ජා ඇල දෑලතුර ඇලවේල්ල ප්‍රදේශයේ තෙත්බිමකට මෙසේ මුදාහැර ඇත්තේ කොළඹ නාගරික සීමාව තුළ එක් රැස්වන කැලි කසළ බවට චෝදනා නැගී තිබේ. නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් දරන පුද්ගලයකු මෙම ක්‍රියාදාමය පසුපස සිටින බව ප්‍රදේශවාසීහු කියති. වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම තෙත් බිමට කසළ හෙළීම ආණ්ඩු පක්ෂයේ ආධාර ලබන විපක්ෂයට සම්බන්ධ හවුල් ජාවාරමක් බව මේ වනවිට හෙළිව ඇත.
ජනතාව ඇති කරන සියලු විරෝධතා මැද මුතුරාජවෙල අභයභූමි සීමාවේ පිහිටි මෙම ඉඩම වෙත සපුරාම නීති විරෝධී ලෙස අද දිනය තුළ කැළි කසල බැහැර කෙරුණු බවට ප්‍රදේශවාසීහු චෝදනා කිරති. පසුව එය පස්වලින් වසා එම තෙත්බිම ගොඩ කිරීමේ කූට උත්සාහයකට පාර්ශව කිහිපයක් සැරසෙන බවට ජා ඇල චෝදනා කරති. සවස කාලයේ පෙර කොළඹ දෙස සිට විකල්ප මාර්ගයකින් පැමිණි ටිපර් රථ දහයක තිබූ කුණු මිශ්‍ර පස් වලින් එම ඉඩමට යාම සඳහා තාවකාලික මාර්ගයක් සකස් කොට ඇත. ප්‍රදේශයේ කිතුනු පූජක තුමන්ලාගේ ඇතුළු ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මත සිදු කෙරෙන මෙම ක්‍රියාවට ආරක්ෂාව ලබාදීම පිණිස පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිස් සෑහෙන පිරිසක් මෙහි ගෙන්වා තිබේ.