කසළ බැහැර කිරීමේ තහනම තවදුරටත්
Posted on 07.20.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මුතුරාජවෙල ප්‍රදේශයට කසළ බැහැර කිරීමට එරෙහිව කොළඹ මහ නගර සභාවට පනවා ඇති තහනම් නියෝගය ජුලි මස 25වන දින දක්වා දීර්ඝ කිරීමට ශේෂ්ඨාධිකරණය අද(20) නියෝග කර ඇත.
මුතුරාජවෙල අධි සංවෙදි පාරිසරික පද්ධතියට කුණු බැහැර කිරීම තහනම් කරමින් පසුගිය මස(ජුනි) 05 වනදා ශේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.
මුතුරාජවෙලට කසළ බැහැර කිරීම සඳහා කොළඹ මහනගර සභාවට එරෙහිව මෙලෙස තහනම් නියෝගයක් පැනවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුනේ එම ප්‍රදේශයට අක්‍රමවත් ලෙස කසල බැහැර කිරීම හේතුවෙන් දැඩි පාරිසරික සහ සෞඛ්‍ය ගැටළු මතු වන බවට ප්‍රදේශවාසීන් පිරිසක් ඉදිරිපත් කර තිබු පෙත්සමක් සැලකිල්ලට ගනිමිනි.