Posted on 12.11.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
රුසියානු හමුදා සිරියාවෙන් ඉවත් කිරීම ආරම්භ කරන බව රුසියානු ජනාධිපති පුටින් පවසයි. අද දින සිරියාවේ පිහිටි රුසියානු හමුදා කදදවුරක් වෙත හදිසියේ පැමිණි අවස්ථාවේදී ජනාධිපති පුටින් මේ බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට සිරියාවේ රදවා සිටින රුසියානු හමුදා භටයන් පිරිස සිය ගණනකි. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ සිය හමුදා නැවත රුසියාව බලා පිටත්වී වහාම ආරම්භ කරන ලෙස සිය අණදෙන නිලධාරීන්ට ආරක්ෂක අමැතිවරයා හරහා දැනුම්දුන් බවයි.
සිරියානු ජනාධිපතිවරයාගේ මෙම හදිසි සංචාරය අවස්ථාවේදී සිරියානු ජනාධිපතිවරයා හා රුසියානු ආරක්ෂක ඇමැතිවරයාද පැමිණ තිබේ. පසුගියදා සිරියානු ජනාධිපතිවරයා හමුවූ රුසියානු ජනාධිපතිවරයා මෙම හමදා භටයන් සිරියාවෙන් ඉවත්වීම පිළිබදව කරන ලද සාකච්ඡාවකින් පසුව මේ තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිරියානු විපක්ෂය විසින් දියත් කරනු ලැබූ අසාද් විරෝධී ප්‍රහාරයන් හමුවේ සිරියානු අසාද් පාලනය බිද වැටෙන්නට ආසන්න තත්වයක් මීට වසරකට පමණ ඉහතදී නිර්මාණය විය. නමුත් රුසියානු හමුදා සිරියානු සිවිල් යුද්ධයට සම්බන්ධ වෙමින් අයි.එස්. වරුන්ට එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර හේතුවෙන් සිරියානු හමුදා වභටයන්ට සිය භුමිය ආරක්ෂා කර ගනිමින් අසාද් විරෝධී කණ්ඩයම්වලට එරෙහි මෙහෙයුම් සාර්ථකව දියත් කිරීමට හැකිවිය.
2015 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දින සිට රුසියානු හමුදා සිරියාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කළ අතර අඛණ්ඩව වසර දෙකක් තිස්සේ සිය ගුවන් ප්‍රහාර දියත් කරනු ලැබීය.
සිරියාවේ මෙහෙයුම්වල නිරත රුසියානු හමුදා භටයන් ගණනාවක් විවිධ අවස්ථාවල සිදුවූ ප්‍රහාරයන් හමුවේ මියගාස් ඇති අතර සිරියාවේදී මියගිය ඉහළම රුසියානු නිලධාරීයා වන්නේ ලුතිනන් ජනරාල්වරයෙකි.
සිරියාවේ සිවිල් යුද තත්වය ආරම්භවී මේ වන විට වසර හයක් ගතව තිබේ. මේ වසර හය තුල පමණක් මිනිසුන් ලක්ෂ හතරකට ආසන් පිරිසක් මියගොස් ඇති බව විවිධ මානවහිමිකම් සංවිධාන විසින් කල සමීක්ෂණයන් මගින් හෙළිව තිබේ. නමුත් සත්‍ය තත්වය ඊටත් වැඩි විය හැකි බවයි වාර්තා වෙන්නේ.
සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන් මියගිය පිරිස මේ වන විට ලක්ෂ තුනහමාර ඉක්මවා ඇති බව වාර්තාවේ. ඒ පිරිසට සිරියානු සිවිල් වැසියන් සිරියානු හමුදා වන්ට පක්ෂපාතී පිරිස හා සිරියනු විපක්ෂ්‍යට සමබන්ධ පිරිස් හා සිරියාවට පැමිණි විදේශීකය්නද වන බව එම වාර්තා පෙන්වා දේ.