தமிழ்
English
Contact
Saturday 23rd December 2017    
විවෘත ආර්ථිකයේ 40 වෙනුවෙන් මහජන මුදල් නාස්තියක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විවෘත ආර්ථිකයේ 40 වෙනුවෙන් මහජන මුදල් නාස්තියක්!



1977 බලයට පත් වූ ජේ.ආර්.ජයවර්ධන පාලනය, විවෘත ආර්ථිකය නමින් නවලිබරල් ප්‍රතිසංස්කරණ ලංකාවට හදුන්වා දී 40 වසරක් පිරීම වෙනුවෙන් අවශ්‍ය පරිදි ප්‍රතිපාදන වැය කර උත්සව පවත්වන්නට අගමැති කාර්යාලය විසින් රජයේ ආයතන ප්‍රධානින්ට නියෝගකර ඇත.

අගමැති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායකගේ අත්සනින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ජූලි මස 18 වැනිදාය. ඒ අනුව, විවෘත ආර්ථකයේ 40වැනි සංවත්සරය සදහා සංවිධානය කිරීමට නියමිත ප්‍රදර්ශන සහ වෙනත් උත්සව සදහා තම තමන්ගේ ආයතනවලට මහාභාණ්ඩාගාරයෙන් මුදල් ලබාගන්නට හැකි බවද අමාත්‍යංශ ලේකම්වරු, සංස්ථා මණ්ඩල සභාපතිවරු, දෙපාර්තමේන්තු ප්‍රධානින් සහ වෙනත් රජයේ ආයතනවල ඉහළ නිලධාරින් වෙත අගමැති කාර්යාලය විසින් දැනුම් දී ඇත. මේ අනුව, ‘විවෘත ආර්ථිකය විසින් සිදුකර ඇති සංවර්ධනය‘ වර්ණනා කරමින් එක් එක් ආයතනවලින් උත්සව සංවිදානය කිරීමට අමතරව විවෘත ආර්ථිකයෙන් ලැබූ ජයග්‍රහණ පිළිබද ප්‍රචාරය කරමින් ජාතික මට්ටමෙන් පැවැත්වෙන ප්‍රදර්ශනයක් සදහා වහාම තටයුතු සූදානම් කිරිමට එකී රාජ්‍ය ආයතන ප්‍රධානින්ට උපදෙස් ලබා දී ඇත.

මෙම ප්‍රදර්ශනය සදහා හදිසියේ කරන දැනුම්දීමකින් මෙසේ ප්‍රචාරක කටයුතු සදහා වියදම් මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබා දෙන්නේ එම රජයේ ආයතනවල සේවකයන්ට අතිකාල දීමනා හෝ වෙනත් අයිතිවාසිකම් ලෙස හිමිවන ගෙවීම් පැහැර හැර ඇති තත්වයක් තුළය. මෙම ප්‍රචාරක කාර්යයට මහාභාන්ඩාගාරයෙන් මුදල් වෙන්කරන බව පැවසුවද රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය මහජන ෙස්වා කටයුතුවලට හෝ සේවක අවශ්‍යතාවලට අමතර ප්‍රතිපාදන කිසිවක් ලබාදීමට මහා භාණ්ඩාගාරය විසින් ප්‍රතික්ෂේප කරන තත්වයකදීය. මෙයින් පෙනී යන්නේ විවෘත ආර්ථිකය විසින් සමාජයක් ලෙස මුහුණ දෙමින් සිටින ව්‍යසනකාරී තත්වයන් වසා දමමින් සහ ඉදිරියටත් වඩාත් ප්‍රචණ්ඩ ලෙස සමාජය මත ඇතිකරන බලපෑම් නොතකමින් හුදු ප්‍රචාරක මෙහෙයුමක් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවයි.

 

 

Save

Save

Save

Save