தமிழ்
English
Contact
Friday 26th January 2018    
සිරගත කළ රයන් ජයලත්ගේ මවුපියන්ට පොලිසියෙන් තර්ජන! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිරගත කළ රයන් ජයලත්ගේ මවුපියන්ට පොලිසියෙන් තර්ජන!



රයන් ජයලත් ශිෂ්‍යයාගේ මව්පියන්ට දිනපතාම පාහේ පොලිසියෙන් හා වෙනත් පුද්ගලයන් විසින් හිරිහැර සිදුවන බවත් පුත්‍රයා යෙදී සිටින කටයුතුවලින් වළක්වා නිවසට කැදවාගන්නා ලෙස සහ  එසේ නොකළහොත් කරදර වියහැකි බවට තර්ජනය කර ඇත.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් ශිෂ්‍යයා පසුගියදා තමන්ට එරෙහිව සෞඛ්‍ය බලධාරින් ගොනුකළ චෝදනා සම්බන්ධ නඩු විභාගයකට පෙනී සිටි අවස්ථාවේ ඔහු අගෝස්තු 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එසේ වුවද පොලිසිය දිනපතා ඔහුගේ නිවසට ගොස් මෙසේ තර්ජනය කරන බවත් මීට පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සිදුව ඇති දේ කල්පනා කරන ලෙසත් ඔවුන් මව්පියන් හමුවේ තර්ජනාත්මකව ප්‍රකාශ කර තිබේ.