தமிழ்
English
Contact
Tuesday 1st May 2018    
කතරගම පොලිස් වෙඩිතැබීම ගැන කැකිල්ලේ තින්දු –  විරෝධතාකරුවන්ගේ දේශපාලන පැටිකිරිය සොයයි ! « Lanka Views | Views of the truth

කතරගම පොලිස් වෙඩිතැබීම ගැන කැකිල්ලේ තින්දු –  විරෝධතාකරුවන්ගේ දේශපාලන පැටිකිරිය සොයයි !



කතරගම පොලිසිය කළ වෙඩි තැබීමකින් තරුණයකු මිය යැම සම්බන්ධ පොලිස් පරික්ෂණ දේශපාලන අරමුණු මත සිදුකරන්නට අැතැම් අාණ්ඩුවේ බලධාරින් ගෙන යන උත්සාහයක් අනාවරණය වෙමින් තිබේ

මෙ ්වනවිට පොලිසිය ප්‍රකාශ කරන්නේ ඒම වෙඩිතැබීම හේතුෙවන් තරුණයා මියයාමෙන් පසු ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාවය කිසියම් දේශපාලන හස්තයක් මගින් මෙහෙයවන ලද්දක් දැයි රහස් පොලිසිය මගින් සොයා බැලෙන බවයි. යතුරුපැදිය නොනවත්වා ධාවන කරනු ලැබූ නිසා ෙපාලිසිය වෙඩිතැබු බව කියුවද කතරගම ප්‍රාදේශීය සභාවේ කනිටු සේවකයෙකු පොලිස් වෙඩි පහරකින් මරණයට පත්වූයේ යතුරුපැදිය නවත්වාගත් පසු බවට සාක්ෂි තිබේ. යතුරුපැදිකරු සමග ගමන්ගත් පුද්ගලයකු මේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර අැත. ෙපාලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් සිය ගමේ තරුණයා මරණයට පත්වීමත් සමඟ ප්‍රකෝප වූ පිරිස් කතරගම පොලිස් ස්ථානයට පහරදී රජයේ දේපල රැසකට අලාභහානි සිදු කළ අතර නගරයේ ටයර් පුච්චා තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයද අවහිර කරන ලදී. තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් යොදන ලද අතර එම වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ලබන 30දා තෙක් රක්ෂිත බන්ධානාගාර ගත කර ඇත.

මෙම සිද්ධිය පාදක කර ගනිමින් ඉදිරි පලාත් පාලන මැතිවරණයෙන් දේශපාලන වාසි ගැනීමට ඇතැම් පිරිස් කටයුතු කරන බවද පොලිසිය සහ අාණ්ඩුව පවසා අැත. මේ අතර විරෝධතාවය නිසා පොලිසිය මැදිහත්වීමෙන් කාන්තාවන්ට හා විරෝධය පළ කළ පුද්ගලයන් අ.ත්අඩංගුවට ෙගන ඔවුන්ට ද දැඩි ලෙස පහර දුන් බවට චෝදනා නැගී අැත. අාණ්ඩුවේ අතැැමුන් සහ පොලිසිය ප්‍රකාශ කරන්නේ ඒදින අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරින් සහ අනුගාමියන් කිහිප දෙනෙකු සිටින බවකි. ඒහෙත් විරෝධය පළ කළ සාධාරන කරුනු තිබියදී ඒම විරෝධයට ඒක්වූවන්ගේ පැටිකිරිය සොයමින් අාණ්ඩුව හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ මෙමම බිහිසුනු සිදුවීම පිළිබද සාධාරණ පරික්ෂනයක් පවත්වන්නට නොවන බව පැහැදිලිය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ කටුනායකදී, හලාවතදී සහ රතුපස්වලදී වෙඩිතැබීම්වලට ලක්වූවන්ට යුක්තිය ඉටු නොවී වසර ගනනාවක් ගෙවී අැත. ඒම ලැයිස්තුවටම මෙම ඝාතනයද ඒක්වන්නට නියමිත බව සිදුවීම් ෙපළගැසෙන අාකාරයෙන් පැහැදිලි වේ. යුක්තිය හා සාධාරනත්වය ධනපති නීති ක්‍රියාවලියෙන් අපේක්ෂා කළ නෙහාති බවද යුක්තිය ඉල්ලා අරගල කිරිමෙන් මිස යුක්තිය සහිත සමාජයකට ප්‍රවේශයක් සිදුකළ නෙහාකි බව මෙයින් පැහැදිලි වේ.