Posted on 02.18.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පලාත්පාලන මැතිවරණය අවසානයේදී ෙමරට දේශපාලනයේ සිදුව අැති විවිධ වෙනස්කම් තිබියදි හෙට (19) පාර්ලිමේන්තුව රැස්වන්නට නියමිතය.
වේලාසන දින නියම කර ගත් පරිදි පාර්ලිමේන්තුව හෙට රැස්වීමෙන් පසුව න්‍යාය පත්‍රයට අනුව නියමිතව අැත්තේ මන්ත්‍රී චර්යා ධර්ම හා ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පිළිබඳ විවාදයයි.
කෙසේවුවද රටේ පවතින දේශපාලන අර්බුදය විසඳෙන තෙක් පාර්ලිමේන්තු සැසිවාරය කල් දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත. දැනට පවතින දේශපාලන ව්‍යාකූලතාව හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාරව ඉටු කළ නොහැකි නිසා පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම සුදුසු බව ඔවුන්ගේ තර්කය වී ඇත. හෙට රැස් කිරීමට නියමිතව පාර්ලිමේන්තුව වෙනුවට අර්බුදකාරිත්වය තත්ත්වය සමනය වූ පසු නව පාර්ලිමේන්තු සැසිවාරයක් ලෙස ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කරන ෙලස ඒම ඒ.ජා..ප මන්ත්‍රීවරු අගමැතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. පාර්ලිමේන්තුව සැසිවාරය කල් දැමිය හැක්කේ ජනාධිපතිවරයාට වන අතර ඒවැනි නව සැසිවාරය කැඳවන්නේ නම් එහි මූලාසනයේද ජනාධිපතිවරයා සිටිය යුතුය.
පවතින දේශපාලන වියවුලට තිබියදී වුවද ආණ්ඩු බලයේ වෙනසක් වුවහොත් පාර්ලිමේන්තුවේ ආසනවල ද වෙනස්කම් සිදුවේ. ඒ අනුව ආණ්ඩු පක්ෂය නියෝජනය කළ කණ්ඩායම විපක්ෂයේ අසුන්වලටත් විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම ආණ්ඩු පක්ෂයේ අසුන්වලටත් යාමට සිදුවනු අැත. තවද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය සහයෝගය දැක්වුවහොත් එම කණ්ඩායමටද ආණ්ඩු පක්ෂයේ අසුන් හිමිවන්නට නියමිතය.