බණ්ඩාරවෙල ප්‍රදේශයේ ආපදා තත්වය නිරික්ෂනයට ගිය අවස්ථාවේ ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න බෙල්ල මිරිකා උත්තර ගන්න මට්ටමට පැමිනි බවට මහින්ද අමරවීර චෝදනා කරයි.
උමා ඔය ගැටළුව පිළිබදව නිරීක්ෂනයට ගිය අවස්ථාවේ මෙය සිදුවූ බව ජනමාධ්‍ය අමතමින් ඇමතිවරයා ප්‍රකාශ කළේය. එහෙත් වාර්තාවන ආකාරයට ඇත්ත වශයෙන්ම සිදු වූයේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසක් ආණ්ඩුව මේ සම්බන්ධව නිශ්චිත තීරණයක් දියයුතු බවට කළ අවධාරණය හමුවේ ඇමතිවරයාට එතැනින් ලිස්සා යාමට සිදුවූ බවයි. උමා ගැටළුව සම්බන්ධ පත්කොට ඇති ඇමති අනුකමිටුව වෙනුවෙන් ප්‍රදේශයේ චාරිකාවක ගිය මහින්ද අමරවීර සහ හා විජිත් විජයමුනි සොයිසා යන ඇමතිවරු මෙම තත්වයට මුහුණ දුන්හ.