தமிழ்
English
Contact
Thursday 14th December 2017    
සයිටම් වෙනුවට ස්ලිට් නමින් උපාධි විකුණන අලුත් කඩයක් ! – පෙ‍.ස.ප. « Lanka Views | Views of the truth

සයිටම් වෙනුවට ස්ලිට් නමින් උපාධි විකුණන අලුත් කඩයක් ! – පෙ‍.ස.ප.



සයිටම් ආයතනයට එරෙහිව පසුගිය කාලයේ විශාල විරෝධයක් මතුවූයේ අධ්‍යාපනය විකිණීමට එරෙහි පදනමකින් බවද ආණ්ඩුව වංචා සහගත පොරොන්දු දී ‘ස්ලිට්‘ ආයතනයට අනුබද්ධව වෛද්‍ය උපාධිය විකුණන වෙනත් ආයතනයක් සිථාපිත කරන්නට සූදානම්වන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
පෙ‍.ස.ප. විසින් අද(6) දින කැදවූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කලේ එම පක්සයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසිනි. එම ප්‍රකාශයෙන් උපුටා ගත් කොටසක් පහත සටහන් වේ.
”පසුගිය කාලය තුළ සයිටම් ආයතනය සම්බන්ධ විශාල අරගලයක් තිබුණා. ඒ සඳහා අප පක්ෂයත්, සයිටම් විරෝධි සිසු ජන ව්‍යාපාරයත්, සයිටම් විරෝධි ජන පවුර, වැනි සංවිධාන සම්බන්ධ වුණු අරගලයක් තිබුණා. වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංගමයෙන් මාරාන්තික උපවාසයක් පටන් ගත්තා. එහිදි ආණ්ඩුව එකගතාවක් පළ කළා ඊට අනුව තමයි මාරන්තික උපවාසය අවසන් වුනේ. ඒ එකගතාවලට අනුව සයිටම් ආයතනය අහෝසි කරනවා කිව්වා. තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න ඉඩ කඩ හදන්නේ නැහැ කිව්වා. දැනට සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යයන කාලයෙන් අවසන්වන තුරු අධ්‍යාපනය ලබාදීමේ ව්‍යුහයක් ආරම්භ කරනවා කිව්වා.
දැන් ඒ කියපුවා නෙවෙයි කරන්න යන්නේ. ආණ්ඩුව මාලඹේ ස්ලිට් ආයතනය හරහා තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් පටන්ගෙන තිබෙනවා. ඒකට අදාළ පසුබිම් ගණාවක් කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. මේ සඳහා හර්ෂද සිල්වා අමාත්‍යවරයත්, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමත්, රජයේ වෛද්‍යවරු, ආචාර්ය සංගමය, වෛද්‍ය පීඨ පීඨාධිපතිවරු දෙදෙනෙක් සම්බන්ධ වුණ කමිටුවක් නම් කළා. මේ කමිටුවේ නිරික්ෂණයට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය, සම්බන්ධ කර ගත්තා. මේ කමිටුවේ රැුස්වීම්වාර දෙකක් මේ වෙන කොට පවත්වලා තියෙනවා. එක රැස්වීමක් නොවැම්බර් 09 සිකුරාදා පැවත්වුණා. ඊට සති දෙකකට පස්සේ ඊලග කමිටුව රැුස්වුණා. මේ කමිටුවාර දෙකෙදීම සයිටම් ආයතනය අහෝසි කරන්නේ කොහොමද කියලා සාකච්ඡුාවක් කෙරිලා නැහැ.
අනිත් එක මේ කමිටුවේ වාර්තා කාටවත් එළියට ගෙනියන්න බැහැ. මේක ජනාධිපති වරයා පත්කළ කමිටුවක් නමුත් වාර්තාවක්වත් එළියට එළියට දාන්නෙ නැහැ.
පසුගිය නොවැම්බර් 27 සයිටම් උපාධිධාරීන්ගේ සංගමය නමින් එහි නියෝජිතයෝ ලෙස සිසුන් දෙදෙනෙක් ලිපියක් යවාලා තියෙනාවා. එහි සඳහන් වෙනවා ඔවුන්ගෙන් ශිෂ්‍යයෝ දෙදෙනෙක් සහ ආචාර්යවරයෙක් මේකට සම්බන්ධ කරගන්න කියලා. පසුගිය දෙසැම්බර් 04 වෙනිදා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය සාකච්ඡුාවක් කළා. සමහර මාධ්‍යවල එය ප‍්‍රචාරය කළා. ඔවුන් කිව්වා මේ ආයතන ජනසතු කිරීමකින් තොරව කටයුතු කරනවා නම් දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාමාරගවලට යනවා කියලා.
දෙසැම්බර් 05 හර්ෂද සිල්වා අමාත්‍යවරයාගේ අත්සනින් ලිපියක් නිකුත් කරලා තියෙනවා. මෙහි සඳහන්වෙනවා. මේ කමිටුව පත්කළේ මෙහි විෂය පථය, මේම ආයතනයට අදාළ විසදුමේදී රාජ්‍ය නොවන ලාභ නොලබන ආයතනයක් ස්ථාපිත කිරීම කියන කාරනය කිව්වා. ඔක්තෝබර් 29 ජනාධිපති නිකුත් කළ නිවේදනයේ මේක තියෙනවා. නමුත් ලබාදුන් එකගතාවයේ තවත් වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරනවා කියලා කිව්වේ නැහැ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් ප‍්‍රකාශයට පත් කර තිබෙන නිසා නිරික්ෂණය සඳහා සම්බන්ධ කර ගත් පිරිස තවදුරටත් සම්බන්ධ කර ගත යුතු නැහැ කියනා ස්ථාවරයේ ඉන්නවා.
දෙසැම්බර් 05 කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා අවම ප‍්‍රමිතීන් සම්බන්ධයෙන්, ශි‍්‍ර ලංකා වෛද්‍ය සභාව කියනා උසස් පෙළ බී තුනක් ඕන කියලා. ප‍්‍රතිපාදන කොමිෂමේ සභාපතිවරයා එස් තුනක් තිබුණාම ඇති කියාලා. ඒ නිසා කැබිනෙට් මණ්ඩලය අවසන් තීරණයක් නැතිව ඉවර වෙලා තියෙනවා. මේ වෙන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පත්වාගෙන යාමේ මාකට් එක පළල් කර ගැනීම.
සයිටම් ආයතනය ස්ලිට් එකට ගැට ගහන්න මේ හදන්නේ. දේශපාලන තන්ත‍්‍රයට ඕන මේක කරන්න. ඒ නිසා නිලධාරි තන්ත‍්‍රයත් මේකට පෙනී ඉන්නවා. කවුද මෙකත් එක්ක ඉන්න කට්ටිය, ස්ලිට් එකේ සභාපති කවුද? මහාචාර්ය එල්. එම් රත්නායක, ස්ලිට්(SLIIT) එකේ සභාපතිගේ පුතා විවාහ වෙලා ඉන්නේ UGC එකේ සභාපතිගේ දුව. මේ ප‍්‍රතිපත්තිමය කාරණයක් එක්ක පුද්ගලික කාරනාවක් සම්බන්ධයි. මේ ඥාතින් දෙන්නා ප‍්‍රශ්නයක් බේරගන්න හදනවා.
ගොඩක් අය කතා කරනවා ඉගෙන ගැනීමේ නිදහස සම්බන්ධ ප‍්‍රශ්නයක් කියලා. එස් තුනක් ගත්ත සමහර ළමයින්ට සිදුවෙනවා පාරේ ඉන්න. මේ යෝජනාව කි‍්‍රයත්මක කළාට පසු තවත් ළමයි පිරිසකට තාත්තට සල්ලි තියෙනවා නම් ළමයට උපාධියක් ගන්න පුළුවන්. මේතන ඉගෙන ගැනීමේ නිදහස සම්බන්ධ ප‍්‍රශ්නය නෙවෙයි සමාජ සාධාරණත්වය සම්බන්ධ ප‍්‍රශ්නයක් තියෙනවා. සයිටම් අහෝසිකරවා කියපු අවසාන දිනය දෙසැම්බර් 31. ඒ පොරොන්දු ඉටු නොකර ආණ්ඩුව කැමැතිනම් මේ පාරෙ යන්න. උද්ඝෝෂණ වේගයෙන් ඉස්සරහට ඒවී.”