විදෙස් පුවත් – Lanka Views | Views of the truth https://www.lankaviews.com Views of the truth Thu, 29 Aug 2019 13:51:49 +0000 en-US hourly 1 https://www.lankaviews.com/wp-content/uploads/2017/07/eye.png විදෙස් පුවත් – Lanka Views | Views of the truth https://www.lankaviews.com 32 32 ඔක්තෝබර් 14 තෙක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කරයි https://www.lankaviews.com/%e0%b6%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%9d%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-14-%e0%b6%ad%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b6%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a/ https://www.lankaviews.com/%e0%b6%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%9d%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-14-%e0%b6%ad%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b6%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a/#respond Thu, 29 Aug 2019 06:42:24 +0000 https://www.lankaviews.com/?p=39258 එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සති කිහිපයක් තිබියදී ඔක්තෝබර් 14 දක්වා පාර්ලිමේන්තුව අත්හිටුවන්නට එරට අගමැති බොර්ස් ජොන්සන් ප්‍රමුඛ කොන්සවටිව් ආණ්ඩුව තීරණය කර ඇත. බ්‍රිතාන්‍ය ඔක්තෝබර් 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිත අතර ඊට පෙරාතුව නිල ක්‍රියාවලිය අනුව, පාර්ලිමේන්තුව අත්හිටුවන්නැයි දෙවැනි එළිසබෙත් රැජිනගෙන් ඉල්ලීමක් කරන්නට ආණ්ඩුව සූදානම් බව ප්‍රකාශකර තිබිණි. මෙම තීරණයට එරෙහිව විපක්ෂය […]

The post ඔක්තෝබර් 14 තෙක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කරයි appeared first on Lanka Views | Views of the truth.

]]>
එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සති කිහිපයක් තිබියදී ඔක්තෝබර් 14 දක්වා පාර්ලිමේන්තුව අත්හිටුවන්නට එරට අගමැති බොර්ස් ජොන්සන් ප්‍රමුඛ කොන්සවටිව් ආණ්ඩුව තීරණය කර ඇත.

බ්‍රිතාන්‍ය ඔක්තෝබර් 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිත අතර ඊට පෙරාතුව නිල ක්‍රියාවලිය අනුව, පාර්ලිමේන්තුව අත්හිටුවන්නැයි දෙවැනි එළිසබෙත් රැජිනගෙන් ඉල්ලීමක් කරන්නට ආණ්ඩුව සූදානම් බව ප්‍රකාශකර තිබිණි. මෙම තීරණයට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතා පෙත්සමට මේ වනවිට මිලියනයකට වැඩි පිරිසක් අත්සන් කර තිබේ.

මෙම තීරණය නිසා සමඟ බ්‍රිතාන්‍ය පවුම පහත වැටී ඇති බවත් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගය කුමන්ත්‍රණයක් හා යුද ප්‍රකාශ කිරීමක් යැයි ද විපක්ෂය චෝදනා කර ඇත. දැනට පවතින තත්ත්වය අනුව ය. ආණ්ඩුව පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කිරීමත් සමඟ යුරෝපා සංගමයට හිතවත් මන්ත්‍රීවරුන්ට අගමැති ජොන්සන්ගේ සැලසුම් පරාජයට කිරීමට ලැබෙන්නේ ඉතා කෙටි කාලයකි.

The post ඔක්තෝබර් 14 තෙක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කරයි appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b6%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%9d%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-14-%e0%b6%ad%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b6%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a/feed/ 0
ඇමසන් විනාශය අවසන් නැත! https://www.lankaviews.com/%e0%b6%87%e0%b6%b8%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%81%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad/ https://www.lankaviews.com/%e0%b6%87%e0%b6%b8%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%81%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad/#respond Thu, 29 Aug 2019 05:59:47 +0000 https://www.lankaviews.com/?p=39252 පසුගිය සති කිහිපය පුරා මිහිකතේ පෙනහැල්ල ලෙස සැළකෙන ඇමසන් වැසි වනාන්තරය ගිනි ගනිමින් තිබුණි.  ඇමසන් වනයේ ඇති වී තිබෙන ගින්න හේතුවෙන් එහි දුමාරය කිලෝමීටර් 2, 700 (සැතපුම් 1.700) ක් දුරින් පිහිටි සාඕ පාවුලෝ නගරය පසුගිය සති කිහිපයේ  කළු පැහැ ගැන්ව තිබු බවට ද වාර්තා වේ. ඇමසන් යනු ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමේ වේගය අඩු කරන ඉතා […]

The post ඇමසන් විනාශය අවසන් නැත! appeared first on Lanka Views | Views of the truth.

]]>
පසුගිය සති කිහිපය පුරා මිහිකතේ පෙනහැල්ල ලෙස සැළකෙන ඇමසන් වැසි වනාන්තරය ගිනි ගනිමින් තිබුණි.  ඇමසන් වනයේ ඇති වී තිබෙන ගින්න හේතුවෙන් එහි දුමාරය කිලෝමීටර් 2, 700 (සැතපුම් 1.700) ක් දුරින් පිහිටි සාඕ පාවුලෝ නගරය පසුගිය සති කිහිපයේ  කළු පැහැ ගැන්ව තිබු බවට ද වාර්තා වේ.

ඇමසන් යනු ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමේ වේගය අඩු කරන ඉතා වැදගත් කාබන් ගබඩාවකි. ශාක සහ සතුන් මිලියන 03 ක් පමණ සහ ආදිවාසීන් මිලියනයක් පමණ මෙහි වාසය කරයි. 

පේරු, කොලොම්බියාව, වෙනිසුවෙලාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනා සහ සුරිනාම් රාජ්‍යයන් පුරා පැතිරී ඇති ඇමසන් වනයෙන් 60% ක් අයත් වන්නේ බ්‍රසීලයටයි. බ්‍රසීල ට්‍රම්ප් ලෙසින් හඳුන්වන වත්මන් ජනාධිපති ජයීර් ට ඇමසන් විනාශය පිළිබද සෘජු චෝදනා එල්ල වේ. ගිනි ගැනීම් වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලොව දස දෙසින් ඉල්ලීම් නැගෙන විට  ගින්න පාලනය කිරීමට අවශ්‍ය සම්පත් සිය රටට නොමැති බව බ්‍රසීල ජනාධිපති ජයීර් බොල්සෝනරෝ පැවසීය. තවදුරටත් අදහස් දක්වමින්  ජනාධිපති බොල්සොනාරෝ, ඇමසන් වනයේ සිදුවෙන ගිනි තැබීම් සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානවලට චෝදනා කරන ලදී.

ඇමසන් ගිනි ගැනීම නිකම්ම නිකම් ලැව් ගින්නක් නොවන්නේ මේ අවුරුද්දේ ඇමසන් වනයෙන් හැත්තෑ හතර දහසකට අධික ගිනි ගැනීම් වාර්තාවී ඇති බව සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන බැවිනි.. විශේෂයෙන් බොල්සෝනරෝ ගේ කාලසීමාවේ ගිනි ගැනීම් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. අභ්‍යවකාශ පර්යේෂණ සදහා වූ ජාතික ආයතනය ප්‍රකාශයට පත් කරන ලද චන්ද්‍රිකා දත්ත මගින් පෙන්නුම් කරන්නේ බ්‍රසීලයේ ඇතිවූ ලැව් ගිනි සංඛ්‍යාව මෙම වසරේ සියයට අසූපහකින් වැඩීවී ඇති බවයි. 2019 මුල් කාලයේ ජනපති වූ ජෙර් බොල්සනාරෝ ඇමේසන් වනය පෙෘද්ගලික සමාගමි වලට ලබා දීමට පටන් ගත් අතර එයට විරෝධය දැක් වු මිලියනයකට ආසන්න ස්වදේශික ජනයාගේ නිජබිමි අහිමි කරමින් ඇතමෙක් මරා දමන ලද අතර බොහෝ දෙනා සිර ගතකඑන ලදි. පැන නගින විරෝධයන් හමුවෙි වනාන්තර ඉඩමි පැහැර ගැනිමට නොයෙක් උපක්‍රම දරන රජය ගිනි තැබීම එක් උපක්‍රමයක් ලෙස අනුගමනය කරන්නකි. එසේම මේ කාලය තුළ  බ්‍රසීල පරිසර හා  පුනර්ජනනීය ස්වාභාවික සම්පත්  ආයතනය පාරිසරික උල්ලංඝනය කිරීම් සඳහා ගෙවන ලද මුදල් සැළකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බවද බීබීසී බ්‍රසීල් සේවය කළ විශ්ලේෂණයෙන් පෙන්වා දෙයි.

මේ අතර ලෝක බලවතුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රංශයේ බයාරිට්ස් පැවැත්වූ  ජී 7 සමුළුවේදී ප්‍රධාන කරුණක් ලෙස  ඇමසන් වැසි වනාන්තරයේ ගින්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පැවසුනි. එසේම ගින්න පැතිරීමත් සමඟ විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පැවසුවේ අපගේ නිවාස ගිනිගැනීම වැනි තත්ත්වයක් බවත් මෙය ගෝලීය අර්බුදයක් ලෙස සළකා ක්‍රියා කළ යුතු බවයි. නමුත් ඇමසන් වනාන්තරය තුළ රත්තරං, කොපර්,නිකල්, මිනිරන්, හා නෙයෙක් වටිනා ඛනිජ ලබා ගැනීම සදහා මෙම වනය තුල පතල් කැපීම ඇතුළු මහා පරිමාණ වගා කිරීම් සිදුකරන්නේ   ඇමරිකන් ,ප්‍රංශ හා බොහෝ යුරෝපිය සමාගමි බව නොරහසකි. 

ඇමසන් ගිනි ගන්නේ දේශගුනික විපර්යාස පිලිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මන්ඩලය සහ ලෝක සම්පත් ආයතනය පසුගිය සතියේ නිකුත් කරන ලද වාර්තාව නිකුත් වීමට සමගාමීවයි.  එම වාර්තාවට අනුව දේශගුනික විපර්යාස සමඟ දැනටමත් කුසගින්නෙන් පෙලෙන මිලියන 821 ක් මිනිසුන් හට ආහාර නිශ්පාදනයට තිබෙන භූමියේ කෘෂිකාර්මික යටිතල පහසුකම් සඳහා ඇති හැකියාව දේශගුනික විපර්යාස හේතුවෙන් අහිමි වීමෙන් දුර්භික්ෂයකට මුහුන දීමේ අවදානමක් පවතින බව පෙන්වා දී තිබුණි. ඇමසන් වැනි පරිසර පද්ධතියක් විනාශ වීම යනු එම දේශගුණික විපර්යාසය දෙගුණ තෙගුණ කරන සාධකයක් වේ. එහෙත් එම ගැටලුවට ස්ථිර සාර විසඳුමක් දීමට බ්‍රසීලයේ ආණ්ඩුව මෙන්ම ලොව බලවත් රටවල ආණ්ඩු විසින් පවත්වන පරිසර සමුළුවලට ඇති නොහැකියවයි. 

The post ඇමසන් විනාශය අවසන් නැත! appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b6%87%e0%b6%b8%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%81%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad/feed/ 0
ශිෂ්‍ය විරෝධතාකරුවෝ ඉන්දුනීසියාවේ ප්‍රාදේශීය පාර්ලිමේන්තුවක් ගිණිබත් කරති https://www.lankaviews.com/%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad%e0%b7%8f%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9d-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af/ https://www.lankaviews.com/%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad%e0%b7%8f%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9d-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af/#respond Wed, 21 Aug 2019 18:44:04 +0000 https://www.lankaviews.com/?p=39001 ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ශිෂ්‍ය විරෝධතාකරුවන් විසින් ගිනිතබා ඇත. දිගින් දිගටම සිදුවන ශිෂ්‍ය මර්දනයත් අයිතිවාසිකම් උල්ලංඝනයත් නිසා ශිෂ්‍යයෝ කැරලිකාරී ලෙස ප්‍රතිචාර දක්වමින් සිටී. නේවාසිකාගාරවලින් සිසුන් 43ක් අත්අඩංගුවට ගැනීමේදී කඳුළු ගෑස් එල්ල කරමින් එහි කඩාවැදුණු බව එරටින් වාර්තා වේ. ඉන්දුනීසියානු හමුදා සාමාජිකයන් සහ පොලිසිය ශිෂ්‍ය නේවාසිකාගාරවලට කඩා වැදී ශිෂ්‍යයන්ට ‘වඳුරා‘ ‘බල්ලා‘ වැනි අවමන් සහගත […]

The post ශිෂ්‍ය විරෝධතාකරුවෝ ඉන්දුනීසියාවේ ප්‍රාදේශීය පාර්ලිමේන්තුවක් ගිණිබත් කරති appeared first on Lanka Views | Views of the truth.

]]>
ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ශිෂ්‍ය විරෝධතාකරුවන් විසින් ගිනිතබා ඇත.
දිගින් දිගටම සිදුවන ශිෂ්‍ය මර්දනයත් අයිතිවාසිකම් උල්ලංඝනයත් නිසා ශිෂ්‍යයෝ කැරලිකාරී ලෙස ප්‍රතිචාර දක්වමින් සිටී. නේවාසිකාගාරවලින් සිසුන් 43ක් අත්අඩංගුවට ගැනීමේදී කඳුළු ගෑස් එල්ල කරමින් එහි කඩාවැදුණු බව එරටින් වාර්තා වේ. ඉන්දුනීසියානු හමුදා සාමාජිකයන් සහ පොලිසිය ශිෂ්‍ය නේවාසිකාගාරවලට කඩා වැදී ශිෂ්‍යයන්ට ‘වඳුරා‘ ‘බල්ලා‘ වැනි අවමන් සහගත ආමන්ත්‍රණ කරමින් හිරිහැර සිදුකරන වීඩියෝ දර්ශන සමාජ ජාලාවල ප්‍රසිද්ධ වී ඇත.
මේ අවස්ථාවේ ඉවසිල්ලෙන් කටයුතු කරන ලෙසත් අනෙකාට සමාව දෙන ලෙසත් ඉන්දුනීසියානුවන්ගෙන් විශේෂයෙන් පැපුවාවේ ‘සහෝදර‘ ජනයාගෙන් ඉල්ලා සිටින බව ඉන්දුනීසියානු ජනාධිපති ජොකේ විඩෝඩෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.

The post ශිෂ්‍ය විරෝධතාකරුවෝ ඉන්දුනීසියාවේ ප්‍රාදේශීය පාර්ලිමේන්තුවක් ගිණිබත් කරති appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad%e0%b7%8f%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9d-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af/feed/ 0
ඉන්දියාව ‘තලාක්’ දික්කසාදය තහනම් කරයි! https://www.lankaviews.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%ad%e0%b6%bd%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%83%e0%b7%8f%e0%b6%af/ Sat, 03 Aug 2019 17:23:00 +0000 https://www.lankaviews.com/?p=38709 මුස්ලිම් ජාතිකයන් අතර සාම්ප්‍රදායිකව පැවතෙමින් ඇති ‘ක්ෂණික දික්කසාද ක්‍රමය’ සාපරාධී වරදක් බව පිළිගැනෙන පනතක් ඉන්දීය පාර්ලිමේන්තුවේදී සම්මතකර තිබේ. එම සම්ප්‍රදාය අනුව, “තලාක්” යන වචනය තුන්වරක් පැවසීමෙන් මුස්ලිම් සැමියෙකුට තම බිරිඳගෙන් දික්කසාද වීමට හැකිය. නූතන තත්වයන් යටතේ මෙය කොතරම් පීඩාකාරී ලෙස කාන්තාවන්ට බලපා තිබේද යත් ඊමේල්, කෙටි පණිවුඩ හෝ වෙනත් ඕනෑ ම ක්‍රමයකින් එම සම්ප්‍රදායික ක්‍රමය […]

The post ඉන්දියාව ‘තලාක්’ දික්කසාදය තහනම් කරයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
මුස්ලිම් ජාතිකයන් අතර සාම්ප්‍රදායිකව පැවතෙමින් ඇති ‘ක්ෂණික දික්කසාද ක්‍රමය’ සාපරාධී වරදක් බව පිළිගැනෙන පනතක් ඉන්දීය පාර්ලිමේන්තුවේදී සම්මතකර තිබේ.

එම සම්ප්‍රදාය අනුව, “තලාක්” යන වචනය තුන්වරක් පැවසීමෙන් මුස්ලිම් සැමියෙකුට තම බිරිඳගෙන් දික්කසාද වීමට හැකිය. නූතන තත්වයන් යටතේ මෙය කොතරම් පීඩාකාරී ලෙස කාන්තාවන්ට බලපා තිබේද යත් ඊමේල්, කෙටි පණිවුඩ හෝ වෙනත් ඕනෑ ම ක්‍රමයකින් එම සම්ප්‍රදායික ක්‍රමය අනුගමනය කළ හැකිය. කෙසේවෙතත්, 2017 වසරේදී එම සම්ප්‍රදාය ව්‍යවස්ථාවට පටහැනි බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළේය.

තලාක් ක්‍රමය අහෝසි කරමින් ඉන්දියාවේ සම්මතකර ඇති මෙම නව නීතිය උල්ලංඝණය කරන්නන් වසර 3ක් දක්වා බන්ධනාගාරගත කළ හැකිය.

The post ඉන්දියාව ‘තලාක්’ දික්කසාදය තහනම් කරයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
සෞදියේ කාන්තාවන්ගේ තහංචි ලිහිල් වේ! https://www.lankaviews.com/%e0%b7%83%e0%b7%9e%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%ad%e0%b7%84%e0%b6%82%e0%b6%a0%e0%b7%92/ Sat, 03 Aug 2019 16:55:21 +0000 https://www.lankaviews.com/?p=38706 සාම්ප්‍රදායික මුස්ලිම් රාජ්‍යයක් ලෙස, ෂරියා නීතිය යටතේ සෞදි අරාබියේ කාන්තාවන්ට පනවා ඇති සීමා හා තහංචි අතුරින් කිහිපයක් ඉවත් කිරීමට රජු විසින් කටයුතු කර ඇත. සෞදි රාජ්‍යය එරට කාන්තාවන්ට තනිව ගමන් කිරීමේ පාලන නීති ලිහිල් කරමින් වයස 21ට වැඩි කාන්තාවන්ට පිරිමි භාරකරුවකුගේ අවසරයකින් තොරව විදේශ සංවාරයේ යෙදීමට අවසරයක් දී තිබේ. මීට අමතරව විවාහ, දික්කසාද හා දරු […]

The post සෞදියේ කාන්තාවන්ගේ තහංචි ලිහිල් වේ! appeared first on Lanka Views | Views of the truth.

]]>
සාම්ප්‍රදායික මුස්ලිම් රාජ්‍යයක් ලෙස, ෂරියා නීතිය යටතේ සෞදි අරාබියේ කාන්තාවන්ට පනවා ඇති සීමා හා තහංචි අතුරින් කිහිපයක් ඉවත් කිරීමට රජු විසින් කටයුතු කර ඇත.

සෞදි රාජ්‍යය එරට කාන්තාවන්ට තනිව ගමන් කිරීමේ පාලන නීති ලිහිල් කරමින් වයස 21ට වැඩි කාන්තාවන්ට පිරිමි භාරකරුවකුගේ අවසරයකින් තොරව විදේශ සංවාරයේ යෙදීමට අවසරයක් දී තිබේ. මීට අමතරව විවාහ, දික්කසාද හා දරු උපත් ලියාපදිංචි කිරීමේ අවසරයක් ද කාන්තාවන්ට හිමිවන බව ප්‍රකාශයට පත්කර ඇත.
කාන්තාවන්ට අදාළ රැකියා නීති රීති ද වෙනස් කර ඇති අතර ලිංගිකත්වය, ආබාධ හෝ වයස් භේදයකින් තොරව රැකියා ලබා ගැනීමේ අයිතිය හිමිව ඇතැයි සෞදි පුවත්සේවා සඳහන් කරයි.

සෞදි අරාබියේ ඉහළ පැළැන්තියේ කාන්තාවන් කිහිපදෙනකු එරටින් පලායෑමට උත්සාහ කිරීමේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා විය. සිදුකර ඇති මෙම නීති සංශෝධන ක්‍රියාවලියට එවැනි සිදුවීම්වලින් යම් බලපෑමක් ඇතිකරන ලද බවට නිරීක්ෂකයෝ පවසති.

The post සෞදියේ කාන්තාවන්ගේ තහංචි ලිහිල් වේ! appeared first on Lanka Views | Views of the truth.

]]>
ඉරානය අමෙරිකන් ඔත්තුකරුවන්ට මරණ දණ්ඩනය දෙයි! https://www.lankaviews.com/%e0%b6%89%e0%b6%bb%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%94%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80/ Tue, 23 Jul 2019 04:47:33 +0000 https://www.lankaviews.com/?p=38507 ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රකට ඔත්තු සේවා ආයතනයවන සී.අයි.ඒ. සංවිධානයට සේවය කරන ඔත්තුකරුවන් 17 දෙනකු අත්අඩංගුවට ගත් බවද එයින් කොටසකට මරණ දඬුවම නියම කර ඇති බවත් ඉරාන මාධ්‍ය ඊයේ (22) වාර්තා කළේය. මේ ආකාරයට ඉරානයේ රැදී සිටිමින් අමෙරිකාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකකරන ඔත්තුකරුවන්ගේ ඡායාරූප සමඟ සී.අයි.ඒ. සංවිධානයේ නිලධාරීන්ගේ බවට හදුනාගෙන ඇති ඡායාරූප ඉරාන ජාතික රූපවාහිනි […]

The post ඉරානය අමෙරිකන් ඔත්තුකරුවන්ට මරණ දණ්ඩනය දෙයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රකට ඔත්තු සේවා ආයතනයවන සී.අයි.ඒ. සංවිධානයට සේවය කරන ඔත්තුකරුවන් 17 දෙනකු අත්අඩංගුවට ගත් බවද එයින් කොටසකට මරණ දඬුවම නියම කර ඇති බවත් ඉරාන මාධ්‍ය ඊයේ (22) වාර්තා කළේය.

මේ ආකාරයට ඉරානයේ රැදී සිටිමින් අමෙරිකාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකකරන ඔත්තුකරුවන්ගේ ඡායාරූප සමඟ සී.අයි.ඒ. සංවිධානයේ නිලධාරීන්ගේ බවට හදුනාගෙන ඇති ඡායාරූප ඉරාන ජාතික රූපවාහිනි චැනලයෙන් හා අනෙකුත් මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කරණ ලදී. කෙසේවෙතත් මේ සම්බන්ධව ඇමෙරිකානු රජයේ ප්‍රතිචාරය තවමත් නිහඩතාවය බව කියැවේ. සී.අයි.ඒ. සංවිධානය මෙතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැති නමුත් ජනාධිපති ට්‍රම්ප් සුපුරුදු පරිදි සිය ට්විටර් ගිනුමෙන් එම පුවත ප්‍රතික්ෂේප කර ඇත.

The post ඉරානය අමෙරිකන් ඔත්තුකරුවන්ට මරණ දණ්ඩනය දෙයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
උතුරු දකුණු සාම ගිවිසුම මැද සුඩානයේ 7ක් වෙඩි තබා මරා දමයි! https://www.lankaviews.com/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8-%e0%b6%9c%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%b8/ Thu, 18 Jul 2019 05:39:36 +0000 https://www.lankaviews.com/?p=38386 සුඩානයේ හමුදා පාලක කවුන්සිලය සහ විපක්ෂ සන්ධානය ඊයේ (17) දේශපාලන ගිවිසුමකට අත්සන් තැබු අතර දකුනු සුඩාන දේශ සීමාවේදී සත් දෙනකු වෙඩි තබා ඝාතනයකර ඇත. මෙම ඝාතනය සිදුකර ඇත්තේ කවුරුන් විසින්ද යන්න හෙළිදරව් නොවන නමුත් මියගොස් ඇත්තේ එක්සත් ජාතින්ගේ සාම සාධක භටයකු, දරුවකු හා තවත් සිවිල්වැසියන් පස් දෙනකු වෙති. අප්‍රිකානු මැදිහත්කරුවන්ගේ සහභාගීත්වයෙන් අත්සන් තැබුණු දේශපාලන ගිවිසුම […]

The post උතුරු දකුණු සාම ගිවිසුම මැද සුඩානයේ 7ක් වෙඩි තබා මරා දමයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
සුඩානයේ හමුදා පාලක කවුන්සිලය සහ විපක්ෂ සන්ධානය ඊයේ (17) දේශපාලන ගිවිසුමකට අත්සන් තැබු අතර දකුනු සුඩාන දේශ සීමාවේදී සත් දෙනකු වෙඩි තබා ඝාතනයකර ඇත.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ කවුරුන් විසින්ද යන්න හෙළිදරව් නොවන නමුත් මියගොස් ඇත්තේ එක්සත් ජාතින්ගේ සාම සාධක භටයකු, දරුවකු හා තවත් සිවිල්වැසියන් පස් දෙනකු වෙති. අප්‍රිකානු මැදිහත්කරුවන්ගේ සහභාගීත්වයෙන් අත්සන් තැබුණු දේශපාලන ගිවිසුම සුඩානයේ නව බලය බෙදීමේ යාන්ත්‍රණයේ කොටසක් වන අතර සුඩානයේ අගනුවර වන කාටුම්හිදී ගිවිසුමේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් මේ වසර මුලදී දෙපාර්ශවය අතර පූර්ව එකඟතා ඇති කරගන්නා ලදී.

මේ ගිවිසුම අත්සන් තැබීමෙන් සුඩානයේ හමුදා නායකයන් අතර තිබෙන බලය දේශපාලන යාන්ත්‍රණයකට හුවමාරු වනු ඇත. සති ගණනක විරෝධතා වලින් පසුව ඉකුත් අප්‍රේල් මාසයේ දී සුඩාන හමුදාව හිටපු ජනාධිපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහකළේය. 

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාශනයක් සම්බන්ධයෙන් ද පාර්ශව දෙක අවධානය යොමු කර තිබෙන බවද කෙටුම්පත් ලියවිල්ලකට සිකුරාදා අත්සන් තබනු ඇතැයි පැවසේ.

The post උතුරු දකුණු සාම ගිවිසුම මැද සුඩානයේ 7ක් වෙඩි තබා මරා දමයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
තුර්කි තානාපති නිලධාරියකු හා ඉරාක ජාතිකයන් දෙදෙනකු ඝාතනය කෙරේ! https://www.lankaviews.com/%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%8a%e0%b6%9a%e0%b7%92-%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%9a/ Thu, 18 Jul 2019 05:28:25 +0000 https://www.lankaviews.com/?p=38383 ඉරාකයේ තුර්කි තානාපති කාර්යාල නිලධාරියකු ඇතුළු තිදෙනකු ඉරාකයේ කුර්දිස්ථාන් කලාපයක් වෙනුවෙන් නම්කර ඇති ප්‍රෙද්ශයේ අර්බිල් නගරයේ දී ඝාතනය කර ඇත. තුර්කි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන ආකාරයට තුර්කි නිලධාරීයා හා ඔහුගේ කුර්දිෂ් ආරක්ෂක භටයන් දෙදෙනා අවන්හලක රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ හඳුනානොගත් තුවක්කුකරුවෙකු විසිනි. තුර්කි කුර්දිෂ් සටන්කාමීන් ක්‍රියාත්මකව සිටින ප්‍රෙද්ශයක මෙම ඝාතනය සිදු […]

The post තුර්කි තානාපති නිලධාරියකු හා ඉරාක ජාතිකයන් දෙදෙනකු ඝාතනය කෙරේ! appeared first on Lanka Views | Views of the truth.

]]>
ඉරාකයේ තුර්කි තානාපති කාර්යාල නිලධාරියකු ඇතුළු තිදෙනකු ඉරාකයේ කුර්දිස්ථාන් කලාපයක් වෙනුවෙන් නම්කර ඇති ප්‍රෙද්ශයේ අර්බිල් නගරයේ දී ඝාතනය කර ඇත.

තුර්කි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන ආකාරයට තුර්කි නිලධාරීයා හා ඔහුගේ කුර්දිෂ් ආරක්ෂක භටයන් දෙදෙනා අවන්හලක රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ හඳුනානොගත් තුවක්කුකරුවෙකු විසිනි. තුර්කි කුර්දිෂ් සටන්කාමීන් ක්‍රියාත්මකව සිටින ප්‍රෙද්ශයක මෙම ඝාතනය සිදු වී ඇති නමුත් එහි වගකීම මෙතෙක් කිසිවකු විසින් බාරගෙන නොමැති බව විදේශ පුවත් වාර්තා පවසයි.

The post තුර්කි තානාපති නිලධාරියකු හා ඉරාක ජාතිකයන් දෙදෙනකු ඝාතනය කෙරේ! appeared first on Lanka Views | Views of the truth.

]]>
ග‍්‍රීසියේ සයිරිසා ව්‍යාපාරය, දක්ෂිණාංශයට පරාජය වේ https://www.lankaviews.com/%e0%b6%9c%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b6%ba%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f/ Mon, 08 Jul 2019 18:16:31 +0000 https://www.lankaviews.com/?p=38206 ග‍්‍රීසියේ රැඩිකල් වාමාංශික සයිරිසා(Zyrisa) සන්ධානයට ආණ්ඩු බලය අහිමි කරමින් විපක්ෂයේ දක්ෂිණාංශික ‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය‘(New Democracy) පක්ෂය ජයග‍්‍රහණය කර ඇත. ‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පක්ෂය විසින් 39.8%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගත් නමුත් සයිරිසා පක්ෂයට හිමි වූයේ 31.6%ක් පමණකි. ඊට අමතරව මධ්‍ය වාමාංශික ‘වෙනස’ ව්‍යාපාරය විසින් 7.9% ක ප‍්‍රතිශතයක්ද ග‍්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂය 5.4%ක ප‍්‍රතිශතයක්ද ඡන්ද ලබාගෙන ඇත. කෙසේවෙතත් මෙවර ග‍්‍රීසියේ මහමැතිවරණයේදී […]

The post ග‍්‍රීසියේ සයිරිසා ව්‍යාපාරය, දක්ෂිණාංශයට පරාජය වේ appeared first on Lanka Views | Views of the truth.

]]>
ග‍්‍රීසියේ රැඩිකල් වාමාංශික සයිරිසා(Zyrisa) සන්ධානයට ආණ්ඩු බලය අහිමි කරමින් විපක්ෂයේ දක්ෂිණාංශික ‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය‘(New Democracy) පක්ෂය ජයග‍්‍රහණය කර ඇත.
‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පක්ෂය විසින් 39.8%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගත් නමුත් සයිරිසා පක්ෂයට හිමි වූයේ 31.6%ක් පමණකි. ඊට අමතරව මධ්‍ය වාමාංශික ‘වෙනස’ ව්‍යාපාරය විසින් 7.9% ක ප‍්‍රතිශතයක්ද ග‍්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂය 5.4%ක ප‍්‍රතිශතයක්ද ඡන්ද ලබාගෙන ඇත. කෙසේවෙතත් මෙවර ග‍්‍රීසියේ මහමැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට ඡුන්දය ප‍්‍රකාශ කළ ප‍්‍රතිශතය 57%ක් පමණක් බවත් එය පසුගිය මැතිවරණවලට වඩා ඉතා පහළ අගයක් බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.
ප‍්‍රගතිශීලි සමාජ ප‍්‍රතිසංස්කරණ පිළිබඳ පොරොන්දු දෙමින් 2015 බලයට පත් වූ සයිරිසා පක්ෂය යුරෝපා සංගමයේ නියෝගවලට යටත් වෙමින් සුබසාධන කප්පාදු කිරීමේ හා නව ලිබරල්වාදී ප‍්‍රතිසංස්කරන ඉදිරියට ගෙනයාමේ පියවර ගැනීම නිසා ජනතාව වෙතින් දුරස් විය. 2015 ජනවාරි මාසයේ සයිරිසා සන්ධානය ජයග‍්‍රහණය කළේ ඒ වනවිට බලයේ සිටි ‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය‘ පක්ෂය පරාජය කරමිනි. මේ අනුව, ග‍්‍රීසියේ සමාජවාදී වෙනසක් අපේක්ෂා කළ ජනතා බලවේගවලට පරාජිත අත්දැකීමක් විඳ දරාගන්නට සිදුව ඇත.

The post ග‍්‍රීසියේ සයිරිසා ව්‍යාපාරය, දක්ෂිණාංශයට පරාජය වේ appeared first on Lanka Views | Views of the truth.

]]>
චීන නීතියට එරෙහිව දහස් ගණන් හොංකොං ජනයා විරෝධතාවක! https://www.lankaviews.com/%e0%b6%a0%e0%b7%93%e0%b6%b1-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92%e0%b7%80-%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b6%ab/ Tue, 11 Jun 2019 10:34:35 +0000 https://www.lankaviews.com/?p=37613 අපරාධ චෝදනා එල්ල වෙන හොංකොං වැසියන් චීනයට ගෙන යාමට අවසර ලබාදෙමින් උදර්පණ නීති කෙටුම්පතට (Extradition Bill) එරෙහිව පැවැති විරෝධතා පෙළපාලියට 50,000ක ජනකායක් සහභාගි වී ඇත. අධිකරණයට යොමුකරන චූදිතයන් චීනය වෙත ගෙන යාමට අවසර ලැබෙන නව පනත් කෙටුම්පතෙහි ඉලක්කය හොංකොං දූපතේ දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීම, එම යෝජිත නීතිය දෝෂ දර්ශනයට ලක් කරන විවේචකයින් පවසයි. හොංකොං ව්‍යාපාරික […]

The post චීන නීතියට එරෙහිව දහස් ගණන් හොංකොං ජනයා විරෝධතාවක! appeared first on Lanka Views | Views of the truth.

]]>
අපරාධ චෝදනා එල්ල වෙන හොංකොං වැසියන් චීනයට ගෙන යාමට අවසර ලබාදෙමින් උදර්පණ නීති කෙටුම්පතට (Extradition Bill) එරෙහිව පැවැති විරෝධතා පෙළපාලියට 50,000ක ජනකායක් සහභාගි වී ඇත.

අධිකරණයට යොමුකරන චූදිතයන් චීනය වෙත ගෙන යාමට අවසර ලැබෙන නව පනත් කෙටුම්පතෙහි ඉලක්කය හොංකොං දූපතේ දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීම, එම යෝජිත නීතිය දෝෂ දර්ශනයට ලක් කරන විවේචකයින් පවසයි. හොංකොං ව්‍යාපාරික ප්‍රජාව, නීතිවේදීන්, ශිෂ්‍යයන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්. ආගමික සංවිධාන ද ඇතුළු පාර්ශ්ව රැසක්  සුදු ඇඳුමෙන් සැරසී වීදි බැස සටන් පාඨ හඬ නගමින් පෙළපාලියට එක්ව සිටි බව වාර්තා විය.

චීන පාලනයට එරෙහි සියලු කණ්ඩායම්වල එකතුවෙන් 2014 වසරේ දියත් කෙරුණ  විරෝධතා ව්‍යාපාරයට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සහභාගී වූ අතර සැකකරුවන් භාර දීමේ නව නීතියට එරෙහිව පසුගියදා ආරම්භ වූ විරෝධතා පෙළපාලි සඳහා ජනතාව විශාල වශයෙන් වීදි බසිනු ඇතැයි සංවිධයකයන් බලාපොරොත්තු පළ කරණ ලදී.

හොංකොං දූපත්වාසී දහනව හැවිරිදි තරුණයෙක් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී සිය විසි හැවිරිදි ගර්භණී පෙම්වතිය සමග තායිවානයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී මරා දැමූ බවට චෝදනා එල්ලවීමත් සමඟ මෙම නීතියේ අවශ්‍යතාව මතු විය. අපරාධය සිදු කළ බවට චෝදනා ලබන සැකකරු රහසින් හොංකොං දූපතට පැමිණීමෙන් පසුව ඔහු තමන්ට භාර දෙනමෙන් තායිවාන් බලධාරීන් ඉල්ලා සිටින නමුත්, එවැනි භාරදීමක් සඳහා තායිවානය සහ තමන් අතර ගිවිසුමක් නොමැති බව හොංකොං බලධාරීන් ප්‍රකාශ කරණ ලදී.

හොංකොං දූපත් චීනයට අයත් ප්‍රදේශයක් ලෙස සැලකුනද එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් විස්සක් සමග සැකකරුවන් භාරදීමේ ගිවිසුම් අත්සන් කර ඇති නමුත් චීනයේ ප්‍රධාන පාලනය හෝ තායිවානය සමඟ එවැනි ගිවිසුමකින් බැඳී නැත.

The post චීන නීතියට එරෙහිව දහස් ගණන් හොංකොං ජනයා විරෝධතාවක! appeared first on Lanka Views | Views of the truth.

]]>