Posted on 07.18.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
සුඩානයේ හමුදා පාලක කවුන්සිලය සහ විපක්ෂ සන්ධානය ඊයේ (17) දේශපාලන ගිවිසුමකට අත්සන් තැබු අතර දකුනු සුඩාන දේශ සීමාවේදී සත් දෙනකු වෙඩි තබා ඝාතනයකර ඇත.
මෙම ඝාතනය සිදුකර ඇත්තේ කවුරුන් විසින්ද යන්න හෙළිදරව් නොවන නමුත් මියගොස් ඇත්තේ එක්සත් ජාතින්ගේ සාම සාධක භටයකු, දරුවකු හා තවත් සිවිල්වැසියන් පස් දෙනකු වෙති. අප්‍රිකානු මැදිහත්කරුවන්ගේ සහභාගීත්වයෙන් අත්සන් තැබුණු දේශපාලන ගිවිසුම සුඩානයේ නව බලය බෙදීමේ යාන්ත්‍රණයේ කොටසක් වන අතර සුඩානයේ අගනුවර වන කාටුම්හිදී ගිවිසුමේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් මේ වසර මුලදී දෙපාර්ශවය අතර පූර්ව එකඟතා ඇති කරගන්නා ලදී.
මේ ගිවිසුම අත්සන් තැබීමෙන් සුඩානයේ හමුදා නායකයන් අතර තිබෙන බලය දේශපාලන යාන්ත්රණයකට හුවමාරු වනු ඇත. සති ගණනක විරෝධතා වලින් පසුව ඉකුත් අප්‍රේල් මාසයේ දී සුඩාන හමුදාව හිටපු ජනාධිපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහකළේය.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්රකාශනයක් සම්බන්ධයෙන් ද පාර්ශව දෙක අවධානය යොමු කර තිබෙන බවද කෙටුම්පත් ලියවිල්ලකට සිකුරාදා අත්සන් තබනු ඇතැයි පැවසේ.