දේශීය පුවත් – Lanka Views | Views of the truth https://www.lankaviews.com Views of the truth Thu, 29 Aug 2019 13:51:49 +0000 en-US hourly 1 https://www.lankaviews.com/wp-content/uploads/2017/07/eye.png දේශීය පුවත් – Lanka Views | Views of the truth https://www.lankaviews.com 32 32 අපේක්ෂක ප්‍රශ්නය ඉක්මනින් විසඳන්න රනිල් පොරොන්දු වුනා – රාවුෆ් හකීම් https://www.lankaviews.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%81%e0%b7%8a%e0%b6%b1%e0%b6%ba-%e0%b6%89%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%92%e0%b6%b1/ https://www.lankaviews.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%81%e0%b7%8a%e0%b6%b1%e0%b6%ba-%e0%b6%89%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%92%e0%b6%b1/#respond Thu, 29 Aug 2019 13:51:48 +0000 https://www.lankaviews.com/?p=39273 යෝජිත ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (එන්ඩීඑෆ්) සහ පක්ෂයේ අපේක්ෂකත්වය පිළිබඳ ගැටළු දින කිහිපයකින් විසඳීමට අගමැති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ බව උසස් අධ්‍යාපන හා ජල කළමනාකරණ අමාත්‍ය රවුෆ් හකීම් ඊයේ ප්‍රකාශ කළේය. එසේම දින දෙක තුනක් ඇතුලත අපේක්ෂකයෙකු නම් කිරීමටද සහතික වූ බව රාවුෆ් හකීම් පවසයි. ඇමතිවරයා පවසන්නේ ඔවුන් සන්ධානය පිහිටුවීම සහ අපේක්ෂකයා නම් කිරීම පමා නොකරන […]

The post අපේක්ෂක ප්‍රශ්නය ඉක්මනින් විසඳන්න රනිල් පොරොන්දු වුනා – රාවුෆ් හකීම් appeared first on Lanka Views | Views of the truth.

]]>
යෝජිත ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (එන්ඩීඑෆ්) සහ පක්ෂයේ අපේක්ෂකත්වය පිළිබඳ ගැටළු දින කිහිපයකින් විසඳීමට අගමැති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ බව උසස් අධ්‍යාපන හා ජල කළමනාකරණ අමාත්‍ය රවුෆ් හකීම් ඊයේ ප්‍රකාශ කළේය.

එසේම දින දෙක තුනක් ඇතුලත අපේක්ෂකයෙකු නම් කිරීමටද සහතික වූ බව රාවුෆ් හකීම් පවසයි.

ඇමතිවරයා පවසන්නේ ඔවුන් සන්ධානය පිහිටුවීම සහ අපේක්ෂකයා නම් කිරීම පමා නොකරන ලෙස කරන ලද ඉල්ලීමට අනුව අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි.

එසේම ජනතාව අතර ජනප්‍රිය සහ පිළිගත් ඕනෑම අපේක්ෂකයෙකුට සහය දෙන බවද රාවුෆ් හකීම් පවසා ඇත.

The post අපේක්ෂක ප්‍රශ්නය ඉක්මනින් විසඳන්න රනිල් පොරොන්දු වුනා – රාවුෆ් හකීම් appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%81%e0%b7%8a%e0%b6%b1%e0%b6%ba-%e0%b6%89%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%92%e0%b6%b1/feed/ 0
මෛත්‍රී – මහින්ද හමුවේදී විධායක ජනාධිපති ධූරය ගැන එකඟතාවයක් https://www.lankaviews.com/%e0%b6%b8%e0%b7%9b%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b7%80/ https://www.lankaviews.com/%e0%b6%b8%e0%b7%9b%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b7%80/#respond Thu, 29 Aug 2019 13:35:39 +0000 https://www.lankaviews.com/?p=39271 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් පෙරේදා රාත්‍රියේ සිදුව තිබේ. මෙම හමුව සිදුව තිබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හත් වන වටයේ සාකච්ඡාවලින් අනතුරුව වීම විශේෂත්වයකි. මේ හමුවේදී පක්ෂ දෙක අතර ගොඩ නැගීමට නියමිත සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව පැවසේ. එසේම විධායක ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ […]

The post මෛත්‍රී – මහින්ද හමුවේදී විධායක ජනාධිපති ධූරය ගැන එකඟතාවයක් appeared first on Lanka Views | Views of the truth.

]]>
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් පෙරේදා රාත්‍රියේ සිදුව තිබේ.

මෙම හමුව සිදුව තිබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හත් වන වටයේ සාකච්ඡාවලින් අනතුරුව වීම විශේෂත්වයකි.

මේ හමුවේදී පක්ෂ දෙක අතර ගොඩ නැගීමට නියමිත සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව පැවසේ.

එසේම විධායක ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ එජාපයෙන් සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරී ඇති අතර විධායක ක්‍රමය අහෝසි නොකිරීමට දෙදෙනාම එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ.

The post මෛත්‍රී – මහින්ද හමුවේදී විධායක ජනාධිපති ධූරය ගැන එකඟතාවයක් appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b6%b8%e0%b7%9b%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b7%80/feed/ 0
එජාපය විධායක ක්‍රමය අහෝසි කරන්න ඉල්ලන්නේ මැතිවරණයට බයේ – සුසිල් ප්‍රේමජයන්ත https://www.lankaviews.com/%e0%b6%91%e0%b6%a2%e0%b7%8f%e0%b6%b4%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba-%e0%b6%85%e0%b7%84%e0%b7%9d%e0%b7%83/ https://www.lankaviews.com/%e0%b6%91%e0%b6%a2%e0%b7%8f%e0%b6%b4%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba-%e0%b6%85%e0%b7%84%e0%b7%9d%e0%b7%83/#respond Thu, 29 Aug 2019 13:19:30 +0000 https://www.lankaviews.com/?p=39269 විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීමේ සැබෑ හේතුව වන්නේ එම පක්ෂයට ජනාධිපතිවරණයට මුහුණ දීමට ඇති නොහැකියාව බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ අගමැතිවරයා සහ එජාප ඇමතිවරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි. සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ මේ හරහා ජනාධිපතිවරණය […]

The post එජාපය විධායක ක්‍රමය අහෝසි කරන්න ඉල්ලන්නේ මැතිවරණයට බයේ – සුසිල් ප්‍රේමජයන්ත appeared first on Lanka Views | Views of the truth.

]]>
විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීමේ සැබෑ හේතුව වන්නේ එම පක්ෂයට ජනාධිපතිවරණයට මුහුණ දීමට ඇති නොහැකියාව බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ අගමැතිවරයා සහ එජාප ඇමතිවරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි.

සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ මේ හරහා ජනාධිපතිවරණය කල් දමා ගැනීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලාපොරොත්තු වන බවයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් මැතිවරණ ක්‍රමයද වෙනස් කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පසුව ජනමත විචාරණයක් අවශ්‍ය බැවින් මෙහි ප්‍රායෝගික හෝ නීත්‍යානුකූලභාවයක් නොමැති බව සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් පැවසීය.

The post එජාපය විධායක ක්‍රමය අහෝසි කරන්න ඉල්ලන්නේ මැතිවරණයට බයේ – සුසිල් ප්‍රේමජයන්ත appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b6%91%e0%b6%a2%e0%b7%8f%e0%b6%b4%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba-%e0%b6%85%e0%b7%84%e0%b7%9d%e0%b7%83/feed/ 0
බැඳුම්කර පරීක්ෂණ කඩිනම් කරන්න මෛත්‍රීගෙන් උපදෙස් https://www.lankaviews.com/%e0%b6%b6%e0%b7%90%e0%b6%b3%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb-%e0%b6%b4%e0%b6%bb%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b6%9a%e0%b6%a9%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a/ https://www.lankaviews.com/%e0%b6%b6%e0%b7%90%e0%b6%b3%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb-%e0%b6%b4%e0%b6%bb%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b6%9a%e0%b6%a9%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a/#respond Thu, 29 Aug 2019 12:54:28 +0000 https://www.lankaviews.com/?p=39267 බැඳුම්කර චෝදනා සම්බන්ධ පරික්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ඉතා කඩිනමින් අදාළ පරික්ෂණ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ පරීක්ෂණ පමාවීම යුක්තිය ඉටුවීමට බාධාවක් බවයි. බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන සභාවේ සාමාජිකයන් ඇතුළු නිලධාරින් සමඟ ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති […]

The post බැඳුම්කර පරීක්ෂණ කඩිනම් කරන්න මෛත්‍රීගෙන් උපදෙස් appeared first on Lanka Views | Views of the truth.

]]>
බැඳුම්කර චෝදනා සම්බන්ධ පරික්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

ඉතා කඩිනමින් අදාළ පරික්ෂණ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ පරීක්ෂණ පමාවීම යුක්තිය ඉටුවීමට බාධාවක් බවයි. බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන සභාවේ සාමාජිකයන් ඇතුළු නිලධාරින් සමඟ ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ය.

මේ වනවිට අන්තර්කාලීන වාර්තා 04 ක් ලැබී තිබෙන බවත්, මෙම දෙසැම්බර් මාසය වනවිට ඉතිරි වාර්තා ද ඉදිරිපත් කළහැකි බවත් මෙහිදී අනාවරණය කෙරිණි. මුදල් විශුද්ධිකරණය සම්බන්ධව බැංකුවලින් වසර 05ක ලේඛන ඉල්ලා සිටිය ද තවමත් එම වාර්තා ලැබි නොමැති බැවින් පරික්ෂණ කටයුතු ඉදිරියට සිදුකිරීමේ දී අහසුතාවයක් මතුව තිබෙන බවද නිලධාරිහු පෙන්වා දුන්හ.

මෙම වංචාවට අදාළ චූදිතයන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධමය වරදක් ලෙස චෝදනා ඉදිරිපත්කර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාළ සාක්ෂි දිවුරුම් ප්‍රකාශ මඟින් මෙම දෙසැම්බර් මාසයට පෙර ඉදිරිපත් කරන බවද සඳහන් කෙරිණි. මෙම පරික්ෂණ කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් තම පාර්ශ්වයෙන් ලැබිය යුතු සෑම සහයක්ම ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු අදාළ නිලධාරින් ද, වැඩබලන පොලිස්පති සී.ඞී.වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු මිට එක්ව සිටියහ.

The post බැඳුම්කර පරීක්ෂණ කඩිනම් කරන්න මෛත්‍රීගෙන් උපදෙස් appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b6%b6%e0%b7%90%e0%b6%b3%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb-%e0%b6%b4%e0%b6%bb%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b6%9a%e0%b6%a9%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a/feed/ 0
මිහින් ලංකා සහ ශ්‍රී ලන්කන් වැරදිත් මහින්ද පසුපස හඹා එයි! https://www.lankaviews.com/%e0%b6%b8%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a/ https://www.lankaviews.com/%e0%b6%b8%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a/#respond Thu, 29 Aug 2019 06:59:01 +0000 https://www.lankaviews.com/?p=39264 මහින්ද රාජපක්ෂ පාලනයේ අක්‍රමිකතා තවදුරටත් මැතිවරන සදහා ප්‍රහාරක අව්යක් ලෙස ආණ්ඩුව විසින් පාවිච්චි කරන බව සනාථ කරමින් මිහින් ලංකා සහ ශ්‍රිලන්කන් ආයතනවල අක්‍රමිකතා වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි. ශ‍්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවු බව කියන අක‍්‍රමිකතා  සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ අනුව ඉදිරි නීතිමය ක‍්‍රියාමාර්ග […]

The post මිහින් ලංකා සහ ශ්‍රී ලන්කන් වැරදිත් මහින්ද පසුපස හඹා එයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
මහින්ද රාජපක්ෂ පාලනයේ අක්‍රමිකතා තවදුරටත් මැතිවරන සදහා ප්‍රහාරක අව්යක් ලෙස ආණ්ඩුව විසින් පාවිච්චි කරන බව සනාථ කරමින් මිහින් ලංකා සහ ශ්‍රිලන්කන් ආයතනවල අක්‍රමිකතා වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි.

ශ‍්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවු බව කියන අක‍්‍රමිකතා  සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ අනුව ඉදිරි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට හා නීතිපතිවරයා වෙත යොමු කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම, ශ‍්‍රී ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පෞද්ගලික සමාගම යන ආයතනවල 2006 වසරේ ජනවාරි මස පළමු වන දින සිට 2018 වසරේ ජනවාරි 31 වැනිදා දක්වා සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විතව මෙම කොමිෂන් සභාව පත්කරනු ලැබිණි.       

එම කොමිෂන් සභාව විසින් විවිධ පාර්ශව වලින් ලබාගත් ලිඛිත හා වාචික පැමිණිලි සහ වෙනත් තොරතුරු පරීක්ෂා කර බලා නිර්දේශ 32 ක් ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර මේ දක්වා මන්දගාමී ලෙස සිදුකළ කටයුතු ජනාදිපතිවරණ උනුසුම හමුවේ වේගවත් කරන බවක් පෙනී යයි.

The post මිහින් ලංකා සහ ශ්‍රී ලන්කන් වැරදිත් මහින්ද පසුපස හඹා එයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b6%b8%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a/feed/ 0
විශ්වවිද්‍යාල සේවක වැඩවර්ජනයෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අඩාල වේ! https://www.lankaviews.com/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%80%e0%b6%bb/ https://www.lankaviews.com/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%80%e0%b6%bb/#respond Thu, 29 Aug 2019 06:53:18 +0000 https://www.lankaviews.com/?p=39262 විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අරඹා ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අඩාල වී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත පවසයි. ඒ අනුව, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙහි දේශන කටයුතු, කාර්යාල කටයුතු, පර්යේෂණ කටයුතු ආදී සියලු කටයුතු අඩාල වී ඇත. වැටුප් විෂමතාවලට විසඳුම් ලබා ගැනීමට බලධාරීන් […]

The post විශ්වවිද්‍යාල සේවක වැඩවර්ජනයෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අඩාල වේ! appeared first on Lanka Views | Views of the truth.

]]>
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අරඹා ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අඩාල වී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත පවසයි.

ඒ අනුව, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙහි දේශන කටයුතු, කාර්යාල කටයුතු, පර්යේෂණ කටයුතු ආදී සියලු කටයුතු අඩාල වී ඇත. වැටුප් විෂමතාවලට විසඳුම් ලබා ගැනීමට බලධාරීන් යොමු කිරීම සඳහා ගත් උථ්සාහය අවසානයේ බලපෑම් කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස දෙදිනක් තුළ පැවැත්වෙන පරිදි ඊයේ(28) ආරම්භ කළ මෙම වැඩ වර්ජනයට වෘත්තීය සමිතිය 18ක් එකතු වී සිටී.


The post විශ්වවිද්‍යාල සේවක වැඩවර්ජනයෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අඩාල වේ! appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%80%e0%b6%bb/feed/ 0
හම්බන්තොට ඉඩම් කට්ටි කර විකිණීමේ මහා ජාවාරමක් https://www.lankaviews.com/%e0%b7%84%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7-%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb-%e0%b7%80/ https://www.lankaviews.com/%e0%b7%84%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7-%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb-%e0%b7%80/#respond Thu, 29 Aug 2019 05:55:49 +0000 https://www.lankaviews.com/?p=39227 හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරමක් මේ වනවිට ක‍්‍රියාත්මක වේ. නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් වළව මහවැලි කලාපය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති මෙම යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් කට්ටි කර විකිණීම මෙලෙස සිදු කෙරේ. ගොන්නොරුව නින්දගම ලෙස හැ`දින්වෙන පන්වැව සිට ගොන්නොරුව දක්වා විහිදී ඇති වනාන්තර ප‍්‍රදේශයේ අක්කර 500 […]

The post හම්බන්තොට ඉඩම් කට්ටි කර විකිණීමේ මහා ජාවාරමක් appeared first on Lanka Views | Views of the truth.

]]>
හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරමක් මේ වනවිට ක‍්‍රියාත්මක වේ. නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් වළව මහවැලි කලාපය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති මෙම යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් කට්ටි කර විකිණීම මෙලෙස සිදු කෙරේ. ගොන්නොරුව නින්දගම ලෙස හැ`දින්වෙන පන්වැව සිට ගොන්නොරුව දක්වා විහිදී ඇති වනාන්තර ප‍්‍රදේශයේ අක්කර 500 ක් පමණ අක්කර 25 ක් හා 50 බැගින් වන ඉඩම් කට්ටි කර කොළඹ ආශ‍්‍රිත මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට විකිණීම සිදු කර ඇත. කැටැන්වැව සිට මළල ආර දක්වා කොටසේ පිහිටන ගලහිටයවත්ත නින්දගම ලෙස හ`දුන්වන වනාන්තර ප‍්‍රදේශයේ ඉඩම් කට්ටි කර විකිණීමේ ජාවාරමක් ‘‘වැලි සමන්’’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු විසින් සිදු කෙරේ.
මීට අමතර ව යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ප‍්‍රධාන අලි මංකඩක් වන හැඬිල්ල අලිමංකඩ අවහිර කිරීම ද දේශපාලකයන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත සිදු කෙරේ. හැඬිල්ල අලි මංකඩ හරහා බුන්දල ජාතික වනෝද්‍යානය හා හම්බන්තොට ප‍්‍රදේශයේ වනාන්තරවල ජීවත්වන අලි ඇතුන් ලූණුගම්වෙහෙර හා උඩවලව ජාතික වනෝද්‍යාන වලට ගමන් කිරීම සිදු කරයි. මෙම අලි මංකඩ පළමු ව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් නිවාස සංකීර්ණයක් ඉදි කර අවහිර කර තිබේ. ගොන්නොරුව හා කැටන්වැව අතර මෙම අලිමංකඩ අවහිර වන පරිදි මේ නිවාස සංකීර්ණය ඉදි කර තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිස්සමහාරාම ආසන සංවිධායක දිසරු දිසානායක මහතා විසින් නින්දගම් ඉඩමක් යැයි සඳහන් කරමින් ව්‍යාජ ඔප්පුවක් සකස් කර හැ`ඩිල්ල අලිමංකඬේ අක්කර 50 ක භූමියක් විදුලි වැටවල් සකස් කර වෙන් කර ගෙන තිබේ. මහ පරිමාණයෙන් වනාන්තර එළිකරමින් ඉඩම් කට්ටි කිරීම මෙලෙස නීතිවිරෝධීව සිදුකරද්දී මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් හා හම්බන්තොට ප‍්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් නිහඬ ව සිටී ම පුදුමයට කරුණකි. මේ මහ පරිමාණ වන විනාශය හා නීතිවිරෝධී ඉඩම් අල්ලා ගැනීමේ ක‍්‍රියාවලිය හේතුවෙන් අලි ඇතුන්ගේ වාසස්ථාන හා අලි මංකඩවල් අවහිර කිරීම හේතුවෙන් මතුවන අලි – මිනිස් ගැටුම ට මෙම නිලධාරින් ඍජුව ම වගකිව යුතු ය.

මේ ප‍්‍රදේශයේ නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිධෑමේ ජාවාරම පුද්ගලයින් තිදෙනෙකු විසින් ප‍්‍රසිද්ධියේ මෙහෙයවීම සිදු කරයි. වැලි සමන්, ගොන්නොරුවේ චමින්ද හා පන්වැව තුෂී යන අන්වර්ථ නම් වලින් හැ`දින්වෙන පුද්ගලයින් විසින් මේ සමස්ත ජාවාරම මෙහෙයවනු ලැබේ. ඒ සඳහා සියලූ දේශපාලන පක්ෂවල ප‍්‍රබලයින් ඔවුන් ට දේශපාලන රැුකවරණ ලබා දේ.

රක්ෂිතය ප‍්‍රකාශයට පත් නොකිරීමේ ප‍්‍රතිඵල

වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය රජයෙන් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මේ වන විට හම්බන්තොට ආශි‍්‍රත ප‍්‍රදේශ ගණනාවක වර්ධනය වෙමින් තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වසර තුන තුළ දී පමණක් වගා බිම්වලට පැමිණි අලි – ඇතුන් 26 ක් පමණ වෙඩි තැබීමෙන්, හක්කපටස් භාවිතයෙන් හා විදුලි සැර යෙදීමෙන් ඝාතනය කර තිබේ. එපමණක් නොව අලි – ඇතුන්ගේ ප‍්‍රහාරයට ලක් ව මිනිසුන් 13 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් අටදෙනෙකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටී. මේ තත්ත්වය පාලනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කළ ”හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප‍්‍රකාශයට පත් නොකිරීම හා ඊට අයත් වනාන්තර ඉඩම් මහවැලි අධිකාරිය ශීඝ‍්‍රයෙන් එළිපෙහෙළි කර බොරළු කැධෑම, කළු ගල් කැඞීම මෙන්ම විවිධ සංවර්ධන කටයුතු හා වාණිජ වගාවන් සඳහා ලබා දීම හේතුවෙන් මේ තත්ත්වය තව තවත් උග‍්‍ර වෙමින් පවතී. එපමණක් නොව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ විවිධ ප‍්‍රදේශ වල අලූතින් ගම්මාන පිහිටුවීම හා වාණිජ වගාවන් ස`දහා ඔහුගේ ආධාරකරුවන්ට ඉඩම් ලබා දීම හේතුවෙන් මෙම තත්ත්වය තවතවත් වර්ධනය වෙමින් තිබේ. මේ අයුරින් වනාන්තර අවභාවිතාව නිසා ම ඔවුන් විසින් මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට ඉඩප‍්‍රස්ථාව ලබා නොදේ.

හම්බන්තොට අලි කළමනාකරණ සැලැසුම

උඩවලව, ලූණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් අලි – ඇතුන් ගේ සංක‍්‍රමණික රටාවන් හඳුනාගෙන හම්බන්තොට අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වනාන්තර ප‍්‍රදේශ ජාල ගත කිරීම අරමුණු කර ගෙන ”හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප‍්‍රකාශයට පත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ. ඒ ම`ගින් හම්බන්තොට ප‍්‍රදේශයේ ජීවත් වන අලි – ඇතුන් 450 ක ගේ පමණ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ හැකියාව පවතී. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 2 වන වගන්තියට අනුව මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත ව ඇත.

ගජ මිතුරෝ වැඩසටහන යටතේ 2009 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ හම්බන්තොට දිස්ත‍්‍රික්්කයේ සියලූ ම රාජ්‍ය ආයතනවල හා ප‍්‍රදේශවාසීන් ගේ සහභාගිත්වයෙන් යුතු ව සකස් කළ මේ සැලැසුම සඳහා 2012 වසරේ දී ගජ මිතුරෝ දිස්ත‍්‍රික් කමිටුව විසිින් ඒකමතික ව අනුමැතිය ලබා දී තිබේ. එම සැලැසුමට අනුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීම, විදුලිවැටවල් ඉදිකිරීම හා අලි මංකඩවල් විවෘත කිරීම ඇතුළු ක‍්‍රියාමාර්ගවලට පිවිසීමට නියමිත ව තිබුණි. මේ සියලූ ම සැලැසුම් ක‍්‍රියාත්්මක කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය නිලධාරීන් විසින් සකස් කළ වාර්තා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය වෙත යොමු කර වසර අටකට වැඩි කාලයක් ගත වී ඇතත් ඉදිරි කි‍්‍රයාමාර්ග මේ වන තුරුත් ගෙන නොමැත. මීට අමතර ව මේ සැලැසුම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ යෝජනාව දැනට වසර හයකට ප‍්‍රථම ඉඩම් අමාත්‍යාශය වෙත යොමු කර තිබුණ ද එහි කිසිදු ප‍්‍රගතියක් මේ වන විටත් දැක ගත නොහැකි ය.

රක්ෂිත ප‍්‍රදේශ ජාලගත කිරීමට ප‍්‍රධාන අලිමංකඩවල් තුනකින් සමන්විත ව මෙම සැලැසුම සකස් කර තිබේ. එ් අනුව යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට බූන්දල ජාතික වනෝද්‍යානයේ සිට අලි සංක‍්‍රමණය වන ප‍්‍රධාන අලි මංකඩ පිහිටා ඇත්තේ කොහොලංකල ප‍්‍රදේශයේ ය. මෙය කොහොලංකල – කෑලියපුර අලි මංකඩ ලෙස හැඳින්වේ. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය හා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සම්බන්ධ වනුයේ උනාතුවැව අලි මංකඩෙනි. මේ අලි මංකඩ ද මේ වන විට ඇහිරී ඇති අතර එය විවෘත කිරීම සඳහා ද සැලැසුම් සකස් කළ යුතු ව ඇත.

දේශපාලන බලපෑම් මත රක්ෂිතය ප‍්‍රකාශයට පත් නොකිරීම

යෝජිත රක්ෂිතය හා උඩවලව ජාතික වනෝද්‍යානය සම්බන්ධ වන්නේ උඩවලව – තණමල්විල මාර්ගයේ 31 හා 32 කිලෝමීටර කණු අතර ප‍්‍රදේශය හරහා ය. මේ අලි මංකඩ විවෘත කිරීම සඳහා පසුගිය රජයේ අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා එකල විරෝධතාව දැක්වීම හේතුවෙන් මෙතෙක් ඒ පිළිබඳ සැලැසුම් සකස් කිරීමට නොහැකි වී තිබේ. මෙහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ දිනෙන් දින අලි – මිනිස් ගැටුම උග‍්‍ර තත්ත්වයකට පත් වීම හා යෝජිත රක්ෂිතය පියවරෙන් පියවර සංවර්ධන කටයුතු ස`දහා යොදා ගැනීමයි.

මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සූරිය වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහ අන්දර වැව හා පහළ අන්දර වැව අතර පිහිටි හාමුදුරු වැව් ඉහත්තාවේ අක්කර 2000 ක් පමණ එළිපෙහෙළි කර මහ පරිමාණයෙන් කෙසෙල් වගා කර තිබේ. පුද්ගලයින් අටදෙනෙකු විසින් මෙම වගා බිම් පවත්වාගෙන යයි. ඔවුන් පසුගිය රජය පැවති සමයේ නාමල් රාජපක්ෂ මහතා ගේ සහයෝගය මත මෙම අනවසර වගා බිම් පවත්වාගෙන ගිය අතර අද වන විට අමාත්‍ය දුලිප් වෙදආරච්චි හා අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ගේ සහයෝගය මත එය සිදු කෙරේ. විදුලි වැටවල් සකස් කර පවත්වාගෙන යන මෙම අනවසර වගා බිම් හේතුවෙන් අලින්ගේ වාසස්ථාන අවහිර වීම නිසා මහ අන්දර වැව, වල්සපුගල, කරුවල වැව, තිස්සපුර හා රණමයුරපුර ප‍්‍රදේශ වල ගොවීන්ගේ වගා බිම් වලට අලින්ගෙන් සිදු වන හානි වර්ධනය වී තිබේ. මීට අමතර ව වීර වැව, ගලහිටිය වැව, එළල්ල වැව හා පුස්ගලේ වැවට අලි – ඇතුන්ට පිවිසීමට ඇති ඉඩකඩ විදුලි වැටවල් හා වගා බිම් නිසා සම්පූර්ණයෙන් ම අවහිර වී තිබේ. මීට අමතර ව අන්දර වැවේ ජලය වතුර මෝටර් 81 ක් ම`ගින් මහ පරිමාණයෙන් ලබා ගෙන අනවසර වගා බිම් වලට යෙදීම හේතුවෙන් මෙම වැව යටතේ වගා කරණ ගොවීන්ට උග‍්‍ර ජල හි`ගයකට මුහුණ පෑමට සිදු වී ඇත.

යෝජිත රක්ෂිතයේ නීති විරෝධී සංවර්ධනය ව්‍යාපෘති

මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අයිරිෂ්, ඇනෝචි, ෆාර්නා, නැවිටාස් යන සමාගම් විසින් සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා තිස්සපුර, බුරුතංකන්ද ප‍්‍රදේශයේ වනාන්තර අක්කර 600 ක් නීති විරෝධී ලෙස සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ. වල්සපුගල, දිවුල්පැලැස්ස වැව් ඉහත්තෑවේ අලි – ඇතුන් ජීවත් වූ අක්කර 300 ක ට වැඩි වනාන්තර භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර මහ පරිමාණ සූර්යය බලශක්ති ගම්මානයක් ඉදි කර තිබේ. මෙම වැව හා ආශි‍්‍රත ප‍්‍රදේශය අලි – ඇතුන් විශාල රංචු වශයෙන් ජීවත් වූ ප‍්‍රදේශයකි. මෙම බලාගාරය නිසා ඒ සියල්ල අහිමි වී ඇත.

මෙයට අමතර ව හිටපු ආරක්ෂක අංශ ප‍්‍රධානියකු වන ඔලිවර් රණසිංහ මහතා විසින් විවිධ පුද්ගලයින් ඉදිරිපත් කර වනාන්තර හෙක්ටයාර 60 ක් සූර්යය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා මහවැලි අධිකාරියෙන් ඉඩම් නිදහස් කර ගෙන තිබේ. එම ඉඩම් අතුරින් හෙක්ටයාර 40 ක් සෙනොක් ආයතනයට සූර්යය බලාගාර ඉදිකිරීමට නීති විරෝධීව පවරා තිබේ. සාගර් සෝලා බලාගාරයට යාබදව බුරුතංකන්ද ප‍්‍රදේශයේ වනාන්තර හෙක්ටයාර 20 ක භූමියක් ඉවත් කර ඔලිවර් රණසිංහ මහතා විසින් සූර්යය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සිදු කර ඇත. මේ සියල්ල ම ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ව සිදු කර තිබේ.
එ් අතරතුර මහවැලි අධිකාරිය මඟින් කෑලියපුර, ගොන්නෝරුව, කැටැන්වැව, පහළ අන්දරවැව හා කුඩාඉදිවැව යන ප‍්‍රදේශවල ව්‍යාප්තව ඇති යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 6000 ක් පමණ සංවර්ධනය කර වාණිජ ඉඩම් ලෙස ලබා දී තිබේ. මේ නිසා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් වැඩි කොටසක් අලි – ඇතුන්ට අහිමි වී ගැටලූ ගණනාවකට අලි – ඇතුන්ට හා එ් අවට ජනතාවට මුහුණ දීමට සිදු ව ඇත.

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් උඩමළල ප‍්‍රදේශයේ ලෝලූගස්වෑකඩ, මැටිගත්වැව, පරෙන්ගි වැව, ළිං වැව, ස්වර්ණමාලී වැව හා මායියන් වැව ආවරණය වන පරිදි අක්කර 1500 ක භූමියක් තෙල් පිරිපහදු පද්ධතියක් ඉදි කිරීමට චීන සමාගමකට ලබා දීමට සැලැසුම් කෙරෙමින් පවතී. මැටිගත් වැව හා ස්වර්ණමාලී වැව යටතේ කුඹුරු අක්කර 90 ක් පමණ වී වගා කෙරේ. මෙම වැව් දෙකට වලව වම් ඉවුරු ඇළ යටතේ ජලය සැපයෙන අතර ඒ ම`ගින් යල – මහ දෙකන්නයේ වී වගාව සිදු කෙරේ. එවැනි වැව් පද්ධති මෙවන් ව්‍යාපෘති ස`දහා යොදා ගැනීමෙන් සුළු පරිමාණ ගොවි ජනතාව දැඩි අර්බුදයකට ලක් වේ.

මීට අමතර ව මෙම ප‍්‍රදේශයේ කිරි ගොවීන් 15 දෙනෙකු පමණ එළ හා මී ගව පාලනයේ නිරත වේ. මෙම වැව් රක්ෂිත වෙහෙරගල රක්ෂිතය ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අතර මෙම වනාන්තරය හරහා බුන්දල ජාතික වනෝද්‍යානය දෙසට අලි සංක‍්‍රමණය වේ. මෙම වනාන්තරය තෙල් පිරිපහදු පද්ධතියක් ස්ථාපිත කිරීම ස`දහා නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධතාව පළ කර ඇති නමුත් මාගම්පුර වරාය චීන සමාගමට මේ වන විට ලබා දී ඇති අතර එහි කි‍්‍රයාකාරීත්වයත් සම`ග මෙය නැවත මතු වෙමින් පවතී.

යෝජිත රක්ෂිතයේ අනවසර වගා බිම්

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර භූමි මහ
පරිමාණයෙන් එළිපෙහෙළි කර අනවසර වගා බිම් පවත්වාගෙන යන ස්ථාන ගණනාවක් වේ. එනම් හාමුදුරු වැව, ඉහළ අන්දර වැව, සීනුක්කුගල, පහළ අන්දර වැව, දිමුතුගම හා වැලි වැව ප‍්‍රදේශ වල ය. මීට අමතර ව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර එළිපෙහෙළි කර ස්ථාන ගණනාවක මහ පරිමාණයෙන් අනවසර වගා බිම් පවත්වාගෙන යනු ලැබේ. එනම් රතුකුරුස වැව, දක්ෂිණ වැව, අලූත් වැව, කඩවර වැව, බ`දගිරිය වැව, මහ අලූත්ගංආර වැව, රණවරුනාව වැව හා දෙව්රන්වෙහෙර වැව යන ප‍්‍රදේශ වල ය.

මයුරපුර හා නාගර වැව ප‍්‍රදේශයේ මහ පරිමාණයෙන් පස් කැපීම සිදු කරණ අතර අධිවේගී මාර්ග ඉදි කිරීම ස`දහා ස්ථාන ගණනාවකින් වනාන්තර එළිපෙහෙළි කර මහ පරිමාණයෙන් පස් කැපීම සිදු කරයි. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර මහ පරිමාණ කළු ගල් වලවල් පවත්වාගෙන යනු ලැබේ. වෙහෙරගල හා මහ අලූත්ගංආර ප‍්‍රදේශ වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර මේ ස`දහා යොදා ගෙන ඇත. මීට අමතර ව මයුරපුර, සීනුක්කුගල, කැටැන්වැව, ඉහළ අන්දරවැව, කුඩා ඉදිවැව, ගලහිටිය හා ගොන්නෝරුව ප‍්‍රදේශ වල මහවැලි අධිකාරියට අයත් වනාන්තර එළි කර මහ පරිමාණයෙන් කළුගල් වලවල් පවත්වාගෙන යාම සිදු කරයි.

මහවැලි අධිකාරියේ දුර්වලතා

මේ ආකාරයෙන් අවභාවිතා වන යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් සියයට 40 ක් පමණ ආවරණය වන්නේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් වලිනි. 1979 අංක 23 දරණ ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරී පනතේ 3 (1) වගන්තියට අනුව 1981 අපේ‍්‍රල් 16 වන දින අංක 137 දරන ගැසට් නිවේදනය මගින් වලව බල ප‍්‍රදේශය වශයෙන් විශාල භූමි ප‍්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පවරා දී තිබේ. එසේ පවරා දී ඇත්තේ මෙම සමස්ත ප‍්‍රදේශයේ ම වනාන්තර එළි පෙහෙළි කර සංවර්ධනය කිරීමට නොවේ.

මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේ දී වනාන්තර එළි පෙහෙළි කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු සියලූ ජෛව ප‍්‍රජාවට හා ජල පෝෂක ප‍්‍රදේශ වල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික වනෝද්‍යාන ඇතුළු බොහෝ ආරක්ෂිත ප‍්‍රදේශ ප‍්‍රකාශයට පත් කරන ලදී. නමුත් වලව ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු ජෛව ප‍්‍රජාවට හා ජල පෝෂක ප‍්‍රදේශ වල සුරක්ෂිතතාව තහවුරු කිරීමට මහවැලි අධිකාරියට අයත් කිසිදු වනාන්තර ප‍්‍රදේශයක් රක්ෂිත තත්ත්වයට පත් කර නොමැත.
වලව වම් ඉවුරු ප‍්‍රදේශය සංවර්ධනයේ දී මෙන්ම පසුගිය රජයේ හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු සියලූ ජෛව ප‍්‍රජාව තවමත් අවතැන්ව සිටී. වැව් හා ජලාශ වල පමණක් නොව මව් ආර හා මලල ආර පෝෂණය කරන බොහෝ වනාන්තර ප‍්‍රදේශ මේ වන විට සංවර්ධනයේ නාමයෙන් අහිමි වෙමින් තිබේ.

මහවැලි අධිකාරියට වන සතුන්ගේ වාසස්ථාන වල හෝ ජල පෝෂක වනාන්තර වල වැදගත්කම පිළිබඳව කිසිදු හැගීමක් නොමැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ මෙම වනාන්තර විවිධ සමාගම් වලට හෝ පුද්ගලයින්ට බදු දීමට ය. 1981 ගැසට් නිවේදනය මඟින් වලව බල ප‍්‍රදේශය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ එම සමස්ත ප‍්‍රදේශය ම සංවර්ධනය කර විනාශ කිරීමට යැයි මහවැලි අධිකාරියේ නිලධාරීහූ විශ්වාස කරති. නමුත් වලව බල ප‍්‍රදේශය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ සංවර්ධනය සඳහා පමණක් නොව වනාන්තර පරිසර පද්ධති නිසි පරිදි ආරක්ෂා කරමින් සමස්ත ව්‍යාපෘතියේ තිරසාර පැවැත්ම තහවුරු කිරීමට ය.

අද සිදු වන වේගයෙන් මහවැලි අධිකාරිය මේ ප‍්‍රදේශයේ ඉතිරි වී තිබෙන වනාන්තර සංවර්ධනය සඳහා යොදා ගතහොත් ඉදිරියේ දී අලි – මිනිස් ගැටුම උග‍්‍ර වීම හා ජල අර්බුද උග‍්‍ර වීම වලක්වා ගත නොහැකි වන අතර වලව සංවර්ධන ව්‍යාපෘතිය ද කෙටි කලකින් බිඳ වැටීම සිදු වනු ඇත. මේ පිළිබඳව නොසිතන නිලධාරීන් මහවැලි අධිකාරියේ සිටීම කනගාටුවට කරුණකි.

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියට අයත් සුවිශේෂී වනාන්තර පද්ධති ගණනාවක් පිහිටා තිබේ. එම වනාන්තර සියල්ලම පසුගිය කාලය මුළුල්ලේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කරන ලදී. නමුත් අද වන විට එම වනාන්තර වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීමට, බොරලූ හා කළු ගල් ලබා ගැනීමට සමාගම් වලට හා විවිධ පුද්ගලයින්ට එම අධිකාරියෙන් ලබා දීම සිදු කරයි. මහවැලි අධිකාරියට අවශ්‍ය වන්නේ මුදල් ඉපයීම පමණි. ඔවුන් වන සතුන්ගේ පැවැත්ම හෝ ජල පෝෂක වල පැවැත්ම පිළිබදව කිසිදු අවබෝධයක් හෝ එ් පිළිබඳව සිතා බැලීමක් හෝ සිදු නොකරයි. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප‍්‍රදේශ හයක් මේ වන විට අනාරක්ෂිතව පවතී. මදුනාගල අභය භූමිය ආශි‍්‍රත ව පිහිටි හෙක්ටයාර 300 ක් පමණ වන කරඹගස්මුල්ල ඖෂධ වනය එ් අතුරින් ප‍්‍රධාන වේ. මීට අමතර ව වැවේ ගම, වැලි ආර, බැදි වැව, බෝගහ ඉදි වැව, කුඩා ඉදි වැව ආශි‍්‍රත ප‍්‍රදේශවල ව්‍යාප්ත ව ඇති කෝන්කැටි ආර වනාන්තරය හෙක්ටයාර 700 ක් පමණ වේ. මෙම ඝන වනාන්තරය තුළ අලි – ඇතුන් බහුල ව ජීවත් වන අතර මව් ආර ව්‍යාපෘතියට අදාළ ඇළ මාර්ග බොහොමයක ජල පෝෂක ප‍්‍රදේශ වේ.

මහ ඉදිවැව හා ඉහළ කුඹුක් වැවේ ඉහත්තාවේ ජල පෝෂක ප‍්‍රදේශ ලෙස පිහිටන වනාන්තර හෙක්ටයාර 120 ක් පමණ මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. එ් අතර මහ ඉදි වැව ඉහත්තාවේ පිහිටන හෙක්ටයාර 20 ක් පමණ වන සූරියමාර වන වගාව අද වන විට ඉතා හොඳින් ස්වභාවීකරණයට ලක් ව තිබේ. ගොන්නෝරුව පාර හා මලල ආර අතර පිහිටි හෙක්ටයාර 400 ක් පමණ වන වනාන්තර ප‍්‍රදේශය හා පහළ අන්දර වැව, හැඹිල්ල, කැටැන් වැව යන ගම්මාන ආශි‍්‍රත ව පිහිටි හෙක්ටයාර 200 ක් පමණ වන එලල්ල වනාන්තර ප‍්‍රදේශයේ මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. මේ වනාන්තර ප‍්‍රදේශ සියල්ල ම කඩිනමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ආරක්ෂා කළ යුතු ව ඇත. එසේ නොවුනහොත් ඉතා ම කෙටි කලකින් මෙම වනාන්තර සියල්ල ම මහවැලි අධිකාරියෙන් සම්පූර්ණයෙන් විනාශ කර දමනු ඇත.

මහවැලි අධිකාරියට අයත් නොවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තවත් වනාන්තර ප‍්‍රදේශ ගණනාවක් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ය. හෙක්ටයාර 600 ක් පමණ වන තම්මැන්න – බදගිරිය අවශේෂ කැලය, හෙක්ටයාර 500 ක් පමණ වන බුන්දල – සිරියගම අවශේෂ කැලය, හෙක්ටයාර 2000 ක් පමණ වන රන්මුදු වැව වන රක්ෂිතය හා හෙක්ටයාර 600 ක් පමණ වන කැලිගම – කොහොලංකල අවශේෂ කැලය එ් අතර ප‍්‍රධාන වේ. මෙම වනාන්තර ද අද වන විට දැඩි අවදානමකට ලක් ව තිබේ.

පසුගිය රජය පැවති සමයේ දී කැලිගම – කොහොලංකල අවශේෂ කැලයේ වනාන්තර අක්කර 1000 ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීමට අත්පත් කර ගෙන තිබේ. එම වනාන්තර ප‍්‍රදේශය කොහොලංකල අලි මංකඩ ලෙස සැලකෙන ඉතා ම වැදගත් වනාන්තර ප‍්‍රදේශයකි. මෙම ප‍්‍රදේශයේ වනාන්තර විනාශ කිරීමෙන් හා සංවර්ධනය කිරීමෙන් අලි – ඇතුන්ගේ සාම්ප‍්‍රදායික අලිමංකඩ අහිමි වී ගැටලූ බොහොමයක් උද්ගත විය හැකි ය.
මලල ආරට ඉහළින් පිහිටි තම්මැන්නාව – බ`දගිරිය අවශේෂ වනය ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය හා බුන්දල ජාතික වනෝද්‍යානය අතර අලි ගමන් කරන ප‍්‍රධාන මංකඩකි. මෙම ප‍්‍රදේශයේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් පිහිටා ඇති බව සඳහන් කරමින් විවිධ පුද්ගලයන් විසින් වනාන්තර ඉඩම් නිදහස් කර ගැනීමට උත්සාහ දරයි. මෙම වනාන්තර ප‍්‍රදේශයේ අක්කර 50 ක භූමියක් කජු වගාවක් සඳහා ලබා ගැනීමට මේ වන විට උත්සාහ දරණ අතර එම ඉඩම් නිදහස් කිරීමට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ද පියවර ගනිමින් සිටී. මීට අමතර ව බඳගිරිය ජලාශය ඉදි කිරීමේ දී අවතැන් වූ ජනතාවට විකල්ප ඉඩම් ලබා දී ඇති නමුත් ජලාශයට යට වූ භූමි ප‍්‍රදේශ වල ඉඩම් ඔප්පු භාවිතා කරමින් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර නිදහස් කර ගැනීමට හම්බන්තොට ප‍්‍රදේශයේ පෞද්ගලික පංති පවත්වන ගුරුවරයකු ඇතුළු සංවිධානාත්මක පිරිසක් උත්සාහ දරති.

යෝජිත රක්ෂිතය තුළ අලි – ඇතුන් වැනසීම

මේ සියල්ලේ ම ප‍්‍රතිඵලය ලෙස යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ හා ඒ ආශ‍්‍රිත ව පිහිටි කැටන්වැව, කුඩා ඉදිවැව, නාගරවැව, පන්වැව, වල්සපුගල, තැලවිල්ල, ඉලූක්පැලැස්ස, සීනුක්කුගල හා මැටිගත්වැව ආදී ප‍්‍රදේශවල වගා බිම්වලට පැමිණෙන අලි – ඇතුන් වෙඩි තබා හෝ විදුලිසැර යොදා ඝාතනය කිරීම වර්ධනය වී තිබේ.

මේ ප‍්‍රදේශයේ අලි මරණ හා අලි ප‍්‍රහාරයට ලක් ව සිදු වූ මිනිස් මරණවලට සෘජුව ම වගකිව යුතු වන්නේ පසුගිය රජය විසින් සැලසුමකින් තොරව හම්බන්තොට සිදු කළ අවිධිමත් සංවර්ධන කටයුතු ය. ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප‍්‍රදේශයේ අලි – ඇතුන්ගේ ප‍්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ අක්කර 5000ක් සම්පූර්ණයෙන් යොදා ගැනීම සිදු කෙරිණ.
ඉන්පසුව ඒ ආශ‍්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට, හම්බන්තොට වරාය ඉදි කිරීමට, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා ක‍්‍රිකට් ක‍්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප‍්‍රමාණයක් ඉවත් කෙරිණ. මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බදගිරිය සහ ලූණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප‍්‍රදේශවලට වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගා බිම් වලට හා දේපොළ වලට සිදු වී ඇති හානිය සුළුපටු නොවේ. සමහර ගොවි ජනතාව වගා කටයුතු වලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබේ.

මේ වන විනාශයේ ප‍්‍රතිඵලය වී ඇත්තේ අලි – මිනිස් ගැටුම මෙතෙක් නොපැවති බොහෝ ප‍්‍රදේශ එහි ගොදුරු බවට පත් කිරීම පමණක් ම නොවේ. පසුගිය කාලයේ පැවති උග‍්‍ර නියං තත්ත්වයට හා ඒ සම`ග ම උද්ගත වූ දැවැන්ත ජල අර්බුදයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ද මේ මහා පරිමාණ වනාන්තර විනාශ යයි.

හම්බන්තොට අලි – ඇතුන් අනාථ වී ඇත

අද වන විට නිසි සැලැසුමකින් තොරව ඉදි කළ හම්බන්තොට වරාය පරිශ‍්‍රය තුළ, මිරිජ්ජවිල ආයෝජන කලාපය තුළ, හම්බන්තොට පරිපාලන සංකීර්ණය පිටුපස පිහිටි වනාන්තර කොටස තුළ, ක‍්‍රීඩා පිටිය ආශ‍්‍රිත නුගේගලයාය, එඩිසන් කන්ද ආශ‍්‍රිත ව සහ මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් හුදකලා වී ඇති වනාන්තර කුට්ටි ලෙස පවතින, මානජ්ජාව කැලය, මදුනාගල වනාන්තරය, නාගරවැව ප‍්‍රදේශය, ඉහළ කුඹුක්වැව හා කුමාරගම කැලෑ ප‍්‍රදේශයේ අලි – ඇතුන් විශාල ප‍්‍රමාණයක් හුදකලාව සිටිති. මේ සියලූ සතුන් අනාථ වී සිටින්නේ හම්බන්තොට අවිධිමත් සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස ය.

අද වන විට යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය දෙකඩ කරමින් මාතර සිට
හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය පුළුල් කිරීම සිදු කෙරෙමින් පවතී. මාතර සිට ඉහළ අන්දර වැව හරහා මත්තල ගුවන්තොටුපොළ දක්වා ඉදි කෙරෙන අධිවේගී මාර්ගය හා මාගම්පුර වරායේ සිට ඉහළ අන්දරවැව දක්වා ඉදිකෙරෙන අධිවේගී මාර්ග පිවිසුම හේතුවෙන් මෙම රක්ෂිතයේ වනාන්තර පද්ධති දැඩි ලෙස ඛණ්ඩනය වීමට ලක් වේ. මේ වන විට අධිවේගී මාර්ගය සකස් කිරීම සඳහා මීටර් 150 ක් පමණ පළල හා කිලෝමීටර් 8 ක් පමණ දිග වනාන්තර තීරයක් සම්පූර්ණයෙන් ම ඉවත් කර ඇත. මෙම අධිවේගී මාර්ග හේතුවෙන් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සීනුක්කුගල, වල්සපුගල, කරුවලවැව වනාන්තර ප‍්‍රදේශය සම්පූර්ණයෙන් ම අලි – ඇතුන් සම`ග ම හුදකලා වීම සිදු වේ. මේ පිළිබඳ ව අදාළ සැලසුම් සකස් කරන්නන් අවධානය යොමු නොකිරීමෙන් සිදුවන්නේ අවට ජනතාව අලි – මිනිස් ගැටුමට තව තවත් ගොදුරු වීම ය.

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරියට අයත් ඉඩම් වලින් සමන්විත වුව ද බොහෝ ඉඩම් අද වන විට දේශපාලන බලය හා නිලධාරීන් මුදලට යට වීම මත මහ පරිමාණයෙන් එළිපෙහෙළි කර විවිධ ව්‍යාපෘති ස`දහා භාවිතා කිරීමට සමාගම් වලට හා විවිධ පුද්ගලයින්ට ලබා දේ. මහවැලි අධිකාරිය වනාන්තර වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම හා විවිධ සංවර්ධන කටයුතු ස`දහා ලබා දීම අඛණ්ඩව සිදු කරන නමුත් මෙම ප‍්‍රදේශයේ අලි – මිනිස් ගැටුම පාලනය කිරීම ස`දහා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට ඉඩකඩ ලබා නොදේ. එපමණක් නොව මෙම ප‍්‍රදේශයේ මහ පරිමාණයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම ස`දහා අනුමැතිය ලබා දෙන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි.

හම්බන්තොට සංවර්ධනයෙන් අලි – මිනිස් ගැටුම උග‍්‍ර කිරීම

හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීමට ප‍්‍රථම සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ සංවර්ධන කටයුතු හේතුවෙන් අවතැන්වන අලි – ඇතුන්ට රැුකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කළ යුතු බව ය.
නමුත් එය එම වාර්තාවලට පමණක් සීමා කර දැනට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය අවිධිමත් හම්බන්තොට සංවර්ධනයේ දැවැන්ත ගොදුරක් බවට පත් ව තිබේ. මේ තත්ත්වය හේතුවෙන් වල්සපුගල, කරුවලවැව, මදුනාගල, හැඩිල්ල, කරඹගහමුල්ල, නබඩගස්වැව කටු වැව, පතලයාගම, ආරබැද්ද, කැලිගම, ගල්වැව, හො`ඩවැල් පොකුණ, බැල්ලගස් වැව, බැරගම, අම්බලන්තොට, මානජ්ජාව, වැවේගම, වැලි ආර, වැලි වැව, මීගහජදුර, මත්තල, උඩමත්තල, ගොන්නෝරුව, බ`දගිරිය, තම්මැන්නාව, කැරුස වැව, ජූල්ගමුව, යහන්ගල, අන්දරවැව, පන්වැව, සීනුක්කුගල, නාගරවැව, කුඩා ඉදිවැව, කැටැන්වැව හා උණුදිය පොකුණ ආදී ප‍්‍රදේශවල අලි – මිනිස් ගැටුම උග‍්‍ර තත්ත්වයකට පත් ව තිබේ.

ගුවන්තොටුපොළ, වරාය, ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලාව ඇතුළු හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන කටයුතු ස`දහා අක්කර 15000 ක ට අධික වනාන්තර ප‍්‍රමාණයක් එළි කිරීම හේතුවෙන් හා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහ පරිමාණයෙන් සිදු වන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වී ඇත්තේ අලි – ඇතුන් පමණක් නොවේ. ගව පාලනයේ නිරත පුද්ගලයින් ගේ එළ හා මී ගවයින් 30000 ක ට වැඩි ප‍්‍රමාණයකගේ ආහාර බිම් අහිමි වී ඇත. මේ නිසා මෙම සතුන් ව මාදුරුඔය, ගල් ඔය, කොටියාගල, සියඹලාණ්ඩුව, අම්පාර, පදියතලාව ආදී ප‍්‍රදේශ වල රක්ෂිත වනාන්තර වලට යොමු කර තිබේ. මේ නිසා ද තවත් ආකාරයක ගැටුම් වර්ධනය වී තිබේ.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීම

1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5 කට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව ඒ ස`දහා පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන සියලූ සංවර්ධන කටයුතු මේ නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් සිදු කෙරේ. නමුත් මේ කිසිදු කි‍්‍රයාවකට එරෙහි ව මධ්‍යම පරිසර අධිකාරිය කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති වීම කණගාටුවට කරුණකි.

2006 වසරේ දී ප‍්‍රකාශයට පත් කළ ‘‘වන අලි සංරක්ෂණය හා කළමනාකරණ ජාතික ප‍්‍රතිපත්තියට’’ අනුව අලි කළමනාකරණ රක්ෂිත ප‍්‍රකාශයට පත් කිරීම තුළින් අලි – ඇතුන් ස්ථානීයව සංරක්ෂණය කිරීම පිළිබ`ද ව ප‍්‍රධාන අවධානය යොමු කර තිබේ. ඒ ස`දහා එම සතුන් ගේ වාසස්ථාන ආරක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් කළ යුතු ය. ඒ අනුව යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප‍්‍රකාශයට පත් කළ හැකි ය. නමුත් තවමත් ඒ ස`දහා නිසි යොමුවක් ලබා දී නොමැත.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාවට ඉදිරිපත් කළ ‘‘මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සොබාදහම රැුකගැනීම කොටසෙහි වන අලි තර්ජන කළමනාකරණය ස`දහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවට ජනතාවට පොරොන්දු වූ වත්මන් ජනාධිපතිතුමන් අද වන තුරු එවැනි වැඩපිළිවෙළක් සකස් කර නොමැත. හම්බන්තොට වන අලි කළමනාකරණය ස`දහා ඉදිරිපත් කළ සැලැසුම ද මේ වන තුරුත් නිසි පරිදි කි‍්‍රයාවට නංවා නැත. ඒ වෙනුවට වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් අවිධිමත් සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස අවතැන් වූ අලි – ඇතුන් පිටරටවලට විකිණීමට කි‍්‍රයා කළ යුතු බවට ප‍්‍රකාශ නිකුත් කරමින් සිටී.
පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ජනතාවට ඉදිරිපත් කළ ‘‘මාස 60 කින් අලූත් රටක් හදන පංච විධ කි‍්‍රයාවලිය’’ නම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ද අලි – මිනිස් ගැටුම විස`දීමට ගනු ලබන පියවරයන් දක්වා තිබේ. නමුත් ඒ ස`දහා කිසිදු ප‍්‍රවේශයක් මේ දක්වා ගෙන නොමැති වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුව මෙන්ම අලි – මිනිස් ගැටුම වර්ධනය වන කි‍්‍රයාමාර්ග රැුසක් ගනිමින් සිටී. ඒ අතර යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් නොකර එම වනාන්තර බිම් සංවර්ධනයට, වාණිජ වගාවන් ව්‍යප්ත කිරීමට හා ජනාවාස ව්‍යාප්ත කිරීමට යොදා ගන්නා අතර තවත් විශාල භූමි ප‍්‍රදේශයක් චීන සමාගම් වලට කර්මාන්ත ස්ථාපිත කිරීමට ලබා දීමට සූදානම් වේ.

ආණ්ඩු බලය හිමි කණ්ඩායම් මෙලෙස ගන්නා වැරදි තීන්දු තීරණ හේතුවෙන් අසරණ වන්නේ සුළු ගොවීන් හා අලි – ඇත් පරපුරයි. අවසානයේ දී මේ කණ්ඩායම් දෙක දැවැන්ත ගැටුමකට මුහුණ දී දුබලයා පරාජයට පත් වන අතර වගා බිම් ද විනාශ වී යයි. නමුත් කිසිදු අවස්ථාවක ගොවීන් මෙම හානිකර සැලැසුම් වලට එරෙහිව කි‍්‍රයාත්මක නොවේ. කි‍්‍රයාත්මක වන්නේ තම වගා බිමට පැමිණෙන අලි – ඇතුන් මරා දැමීමට පමණි.

රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අත්වන වෙනත් ප‍්‍රතිලාභ

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ම`ගින් රක්ෂිත ප‍්‍රදේශ කිහිපයක් ජාලගත කිරීම සිදු වන අතර ම ජල පෝෂක බිම් කිහිපයක් ම සුරක්ෂිත කෙරේ. මේ තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර ප‍්‍රදේශ තුළ වැව් 25 ක් පමණ පිහිටා තිබේ. මැටිගත් වැව, ස්වර්ණමාලී වැව, ලෝලූගස්වෑකඩ වැව, කැලිගම වැව, පරෙන්ගි වැව, වීරසිංහ වැව, ඩෝසර්වත්ත වැව, තම්මැන්න වැව, බ`දගිරිය වැව, කඩවර වැව, උඩමත්තල වැව, ඔරුකැන්ගල වැව, පන් වැව, කටු වැව, ලූණුවැරනිය වැව, රන්මුදු වැව, මහ අලූත්ගංආර වැව, මහ වැව, මහ ගල් වැව, කුඩා වැව, ගලපිට වැව, රතු කුරුස වැව, දක්ෂිණ වැව, සේරුංකෙළිය වැව හා අලූත් වැව ඒ අතර වේ. මේ අතුරින් බ`දගිරිය වැව විශාලත ම වැව වේ. මීට අමතර ව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප‍්‍රදේශ තුළ වැව් 17 ක් පමණ පිහිටා තිබේ. එනම් කිකිළි ඉද්ද වැව, ගල් වැව, දිවුල්පැලැස්ස වැව, ඉළුක්පැලැස්ස වැව, කැටැන් වැව, ගලහිටිය වැව, තේක්ක වැව, හාමුදුරු වැව, අන්දර වැව, උස්ගල වැව, වැවේගම් වැව, කුඩා ඉදි වැව, එලල්ල වැව, හැඩිල්ල වැව, පහළ අන්දර වැව, කරමැටිය වැව හා මුත්තගල්ආර වැව යි. මේ සියල්ලේ ම ජල සුරක්ෂිතතාව හා කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාව ඇති කිරීම ස`දහා මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීම ඉතා ම වැදගත් වේ.

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය අලි – ඇතුන්ගේ නිජබිමක් පමණක් නොවේ. එය සුවිශේෂී පරිසර පද්ධති ගණනාවකින් සමන්විත ය. වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, කටු ප`දුරු සහිත ල`දු කැලෑ, වැව් ඇතුළු තෙත් බිම් පද්ධති මේ තුළ පිහිටා තිබේ. මේ සියලූ පරිසර පද්ධති වල 450 ක් පමණ වන අලි ගහනයක් හා විශාල ජෛව ප‍්‍රජාවක් වාර්තා වේ. තෙත් බිම් ආශි‍්‍රත නේවාසික පක්ෂීන් බහුතරයකගේ වාසස්ථාන වන මෙම ප‍්‍රදේශය සංක‍්‍රමණික තෙත් බිම් පක්ෂීන්ගේ ද ප‍්‍රධාන ගොදුරු බිමකි. මීට අමතර ව මෙම ප‍්‍රදේශය තුළ පුරා විද්‍යාත්මකව වටිනා ස්ථාන බොහොමයක් පිහිටා තිබේ.

මේ නිසා අප විශේෂයෙන් මෙසේ අවධාරණය කර සිටිමු. යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප‍්‍රකාශයට පත් කර හම්බන්තොට අක‍්‍රමවත් සංවර්ධනය හේතුවෙන් අවතැන් වී ඇති අලි – ඇතුන් ගේ රැුකවරණය තහවුරු කරණ ලෙස ය. එපමණක් නොව හම්බන්තොට ස්වාභාවික සම්පත්, වනාන්තර හා අලි – ඇතුන්ගේ ගැවසුම් ප‍්‍රදේශ හුදකලා කිරීමට හා ඛණ්ඩනය කිරීමට හේතුවන අහිතකර සංවර්ධන සැලසුම් සකස් කිරීම නතර කළ යුතු ය. ඉදිරි සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් හම්බන්තොට දැනට සිදු කර ඇති සංවර්ධන කටයුතු වලට අදාළ ව නිසි ඇගයීමක් සිදු කර හුදකලා වී ඇති හා ඛණ්ඩනය වී ඇති වනාන්තර හා ස්වාභාවික පරිසර පද්ධති ඒකාබද්ධ කිරීම තුළින් අලි – ඇතුන් ඇතුළුව සියලූ ජෛව ප‍්‍රජාවගේ රැුකවරණය හා කෘෂිකාර්මික ජල සුරක්ෂිතතාව තහවුරු කර ගොවි ජනතාවගේ රැුකවරණය සුරක්ෂිත කළ යුතු ය.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

The post හම්බන්තොට ඉඩම් කට්ටි කර විකිණීමේ මහා ජාවාරමක් appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b7%84%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7-%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb-%e0%b7%80/feed/ 0
අ.වි.ශි.බ.ම. විරෝධතා පාගමනට පොලිස් ප්‍රහාර! https://www.lankaviews.com/%e0%b6%85-%e0%b7%80%e0%b7%92-%e0%b7%81%e0%b7%92-%e0%b6%b6-%e0%b6%b8-%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%a7-%e0%b6%b4/ https://www.lankaviews.com/%e0%b6%85-%e0%b7%80%e0%b7%92-%e0%b7%81%e0%b7%92-%e0%b6%b6-%e0%b6%b8-%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%a7-%e0%b6%b4/#respond Wed, 28 Aug 2019 18:22:45 +0000 https://www.lankaviews.com/?p=39225 අධ්‍යාපන පෞද්ගලිකකරණයේ අරමුණින් ආණ්ඩුව විසින් ගෙන ආ තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන කොමිෂන් සභා පනතට එරෙහිව අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද කඳවා තිබුණු විරෝධතා පාගමනට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය. ශිෂ්‍ය විරෝධතාවයේ ප්‍රමුඛ සටන් පාඨ මෙසේ විය. තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතනය මුවාවෙන් ගෙනඑන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉරා දමනු..! නිදහස් අධ්‍යාපනය […]

The post අ.වි.ශි.බ.ම. විරෝධතා පාගමනට පොලිස් ප්‍රහාර! appeared first on Lanka Views | Views of the truth.

]]>
අධ්‍යාපන පෞද්ගලිකකරණයේ අරමුණින් ආණ්ඩුව විසින් ගෙන ආ තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන කොමිෂන් සභා පනතට එරෙහිව අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද කඳවා තිබුණු විරෝධතා පාගමනට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.

ශිෂ්‍ය විරෝධතාවයේ ප්‍රමුඛ සටන් පාඨ මෙසේ විය.

තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතනය මුවාවෙන් ගෙනඑන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉරා දමනු..!

නිදහස් අධ්‍යාපනය වනසන නව පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව සටන් වදිමු..!

සරසවි අඩපණ කර සිසු නායකයින් සිරගත කර පෞද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මත කිරීමේ කුමන්ත්‍රණය පරදවමු..!

The post අ.වි.ශි.බ.ම. විරෝධතා පාගමනට පොලිස් ප්‍රහාර! appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b6%85-%e0%b7%80%e0%b7%92-%e0%b7%81%e0%b7%92-%e0%b6%b6-%e0%b6%b8-%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%a7-%e0%b6%b4/feed/ 0
ශ්‍රීලනිප- පොහොට්ටු සාකච්ඡා ධනාත්මකව අවසන් වුනා – දයාසිරි ජයසේකර https://www.lankaviews.com/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%b1%e0%b7%92%e0%b6%b4-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b7%83%e0%b7%8f%e0%b6%9a%e0%b6%a0/ https://www.lankaviews.com/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%b1%e0%b7%92%e0%b6%b4-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b7%83%e0%b7%8f%e0%b6%9a%e0%b6%a0/#respond Wed, 28 Aug 2019 08:50:21 +0000 https://www.lankaviews.com/?p=39222 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ අතර ඊයේ (27) පැවැති සාකච්ඡා සාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කර ඇත. එමෙන්ම ඉදිරියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිත බවත් දයාසිරි ජයසේකර සඳහන් කළේය. සන්ධානයක් පිහිටුවීම […]

The post ශ්‍රීලනිප- පොහොට්ටු සාකච්ඡා ධනාත්මකව අවසන් වුනා – දයාසිරි ජයසේකර appeared first on Lanka Views | Views of the truth.

]]>
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ අතර ඊයේ (27) පැවැති සාකච්ඡා සාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ඉදිරියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිත බවත් දයාසිරි ජයසේකර සඳහන් කළේය.

සන්ධානයක් පිහිටුවීම වෙනුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ 7වැනි සාකච්ඡාව ඊයේ පෙරවරුවේ පැවැත්විණි.

විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම සාකච්ජාව පැවැත් වූ අතර එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන් සහභාගී වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්.පීරිස් යන අය සහභාගී වූහ.‍

එසේම එළඹෙන ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවමත් ඉවත් වී නැතැයි ද පක්‍ෂයේ වත්මන් ස්ථාවරය වන්නේ ඒ සඳහා පක්‍ෂය නියෝජනය කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරිපත් විය යුතුය යන්න බවත් දයාසිරි ජයසේකර පවසා තිබුණි.

The post ශ්‍රීලනිප- පොහොට්ටු සාකච්ඡා ධනාත්මකව අවසන් වුනා – දයාසිරි ජයසේකර appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%b1%e0%b7%92%e0%b6%b4-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b7%83%e0%b7%8f%e0%b6%9a%e0%b6%a0/feed/ 0
පක්ෂ විනය කඩ කිරීම ගැන අජිත් සහ සුජීවට එරෙහිව විනය පරීක්ෂණයක් https://www.lankaviews.com/%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b6%a9-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%85%e0%b6%a2%e0%b7%92/ https://www.lankaviews.com/%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b6%a9-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%85%e0%b6%a2%e0%b7%92/#respond Wed, 28 Aug 2019 08:27:08 +0000 https://www.lankaviews.com/?p=39219 පක්ෂ විනය කඩකිරීම සහ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 9 දාට පෙර කරුණු දක්වන ලෙස එජාප කළුතර දිස්ත්‍රික් පාර්ලාමේන්තු මන්ත්‍රී අජිත් .පී පෙරේරාට සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් දැනුම් දී තිබේ. අදාල මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධව ලිපියක් මගින් දැනුම් දී ඇති අතර ඔවුන් දෙදෙනා එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව […]

The post පක්ෂ විනය කඩ කිරීම ගැන අජිත් සහ සුජීවට එරෙහිව විනය පරීක්ෂණයක් appeared first on Lanka Views | Views of the truth.

]]>
පක්ෂ විනය කඩකිරීම සහ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 9 දාට පෙර කරුණු දක්වන ලෙස එජාප කළුතර දිස්ත්‍රික් පාර්ලාමේන්තු මන්ත්‍රී අජිත් .පී පෙරේරාට සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් දැනුම් දී තිබේ.

අදාල මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධව ලිපියක් මගින් දැනුම් දී ඇති අතර ඔවුන් දෙදෙනා එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවද එහි සඳහන් කර ඇත.

මන්ත්‍රීවරුන් කරුණු දැක්වීමෙන් අනතුරුව පක්ෂයේ විනය කමිටුව විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම ලිපියේ සඳහන් වේ.

සුජීව සේනසිංහ සහ අජිත්.පී.පෙරේරා කිසිදු විටෙක එක්සත් ජාතික පක්ෂයේ නීතිරීති සහ රෙගුලාසි උල්ලංඝනය වන අයුරින් කටයුතු කර නොමැති බව එම පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් පවසයි.

අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහලේකම්වරයාට විටින් විට පක්ෂයේ මන්ත්‍රීවරු නියෝජිතයෝ සඳහා කවුරුන් හෝ පැමිණිල්ලක් කර ඇත්නම් එයට ලිඛිත කරුණු විමසීම සාමාන්‍ය දෙයක් බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා කිසිදු අවස්ථාවක පක්ෂකයේ නීති උල්ලංඝනය කර ඇතැයි තමා විශ්වාස නොකරන බවද පැවසු අමාත්‍යවරයා, එවැනි විනය කඩ වීමක් සිදුවුවා යැයි තමා නොසිතන බවද පැවසීය.

The post පක්ෂ විනය කඩ කිරීම ගැන අජිත් සහ සුජීවට එරෙහිව විනය පරීක්ෂණයක් appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b6%a9-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%85%e0%b6%a2%e0%b7%92/feed/ 0