Posted on 08.28.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අධ්‍යාපන පෞද්ගලිකකරණයේ අරමුණින් ආණ්ඩුව විසින් ගෙන ආ තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන කොමිෂන් සභා පනතට එරෙහිව අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද කඳවා තිබුණු විරෝධතා පාගමනට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.
ශිෂ්‍ය විරෝධතාවයේ ප්රමුඛ සටන් පාඨ මෙසේ විය.
තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතනය මුවාවෙන් ගෙනඑන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉරා දමනු..!
නිදහස් අධ්‍යාපනය වනසන නව පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව සටන් වදිමු..!
සරසවි අඩපණ කර සිසු නායකයින් සිරගත කර පෞද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මත කිරීමේ කුමන්ත්‍රණය පරදවමු..!