Posted on 12.27.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හම්බන්තොට වරාය පැවරීමට අදාළ මුදලින් 30%ක් රජයේ ගිණුමට බැර කර අැති බව මහ බැංකුව විසින් ඊයේ(26) නිවේදනය කරන ලදී.
අදාළ පැවරුම් ගනුදෙනුව සම්බන්ධයෙන් හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු සදහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චීනයේ සීමාසහිත චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි. ඇතිකරගන්නා ලද ගිවිසුමේ මුළු මුදලින් ප්ර ථම 30 ක් වන එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 292.1 කි. චීන සමාගම විසින් ඒම මුදල රජය වෙනුවෙන් මහබැංකුවේ පවත්වාෙගන යන එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත බැරවී ඇති බව මහ බැංකුව නිවේදනයේ සදහන් විය.
හම්බන්තොට වරාය ගිවිසුම අනුව චීන සමාගමට ඒහි මෙහෙයුම් හා වරායට අයත් අායෝජන සහ ඉඩම් අැතුළු භෞතික සම්පත් වසර 99ක් සදහා හිමිවන අතර ඒ් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 975ක් රජයට ෙගවන්නට සමාගම ඒකග විය.