Posted on 04.05.2018 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
කියුබානු සමාජවාදී රජයේ මීළග ජනාධිපති වශයෙන් වත්මන් උප ජනාධිපති මිගෙල් මාරියෝ ඩයස් කේනල් බර්මියුඩස් පත්වනු අැති බවට කියුබානු අාරංචි මාර්ග හෙළිකරයි.
1959 ජනවාරියේ සන්නද්ධ අරගලයක් ජයග්‍රහණය කරමින් ෆිදෙල් කැස්ත්‍රෝ විසින් නායකත්වය දුන් කියුබානු විප්ලවයේ අාරම්භයත් සමග ජනාධිපති වූයේද කැස්ත්‍රෝය. ඔහු 2006 දක්වා රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කර ඊළග ෙජ්‍යා්ෂ්ඨතමයා ෙලස රාවුල් කස්ත්‍රෝ වෙත නායකත්වය පැවරීය. දෙවරක්ම ජනාධිපති ලෙස ජනතා නියෝජිත ඡන්දයෙන් තේරී පත් වූ 86 හැවිරිදි රාවුල්ගෙන් පසු ජනාධිපතිවරයා නම් කිරීමට කියුබානු ව්‍යවස්ථාදායකය තීරණය කරනු අැත්තේ අප්‍රේල් 19 වැනිදාය. කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු වන මිගෙල් 57 හැවිරිදි වියේ පසුවෙයි.