Posted on 03.29.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
පසුගිය 27 වැනිදා අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ජනමාධ්‍යවේදී සහ සාහිත්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ අවසන් කටයුතු අද(29) කඩවත අැල්ෙදනිය ප්‍රසිද්ධ සුසාන භූමියේදී සිදු කෙරේ.
චන්ද්‍රසිරි දොඩන්ගොඩ ලියූ පුවත්පත් විශේෂාංග ලිපි මහත් පාඨක අවධානයට ලක්වූවා ෙමන්ම ඔහුගේ තීරු ලිපි මෙරට ජනප්‍රියම ලිපි බවට පත් විය. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධරයෙක් වන ඔහු වසර 35කට වැඩි කාලයක් පූර්ණකාලීන පුවත්පත් කලාවේදියකු වශයෙන් කටයුතු කළ ඔහු එම කාලයෙන් වැඩි කලක් දිවයින ඉරිදා සංග්‍රහයේ විශේෂාංග කතුවරයා ලෙස සේවය කළේය. තවද නවකතාකරුවකු වශයෙන් ඔහු නවකතා විසිපහක් පමණ ලියා ඇති අතර කෙටිකතා සංග්‍රහ දෙකක්ද, යොවුන් කතා දෙකක්ද, පුවත්පත් කලාව අළලා වූ කෘති තුනක්ද, එක් කාව්‍ය සංග්‍රහයක්ද රචනා කර ඇත. ‘පිටුවහල් කළ මිනිසෙක්’, ‘ඇත්කඳ ලිහිණි’, ‘දැල බිඳුම ‘ වැනි ඔහුගේ නවකතාවලින් බහුතරය ජනප්‍රිය ප්‍රේම කතාය. ඒම නවකතා කිහිපයක් ටෙලිනාට්‍ය මාධ්‍යයටද නඟා ඇත.
මියයන විට 67 වැනි වියේ පසුවූ ඔහු එක්දරු පියෙකි. කාලයක් වකුගඩු ආබාධයකින් පෙළුණු ඔහු මියගියේ හදිසි හෘදයාබාධයකිනි. ඒ වන විට ඔහු වකුගඩු ශල්‍යකර්මයකටද මුහුණ පා තිබුණි. දේහය රාගම කුරුකුලාව 48/5 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සඳහා පස්‌වරු 4.00 ට පමණ නිවසින් රැගෙන යාමට නියමිතය.