Posted on 01.27.2018 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ සැලකිය යුතු භූමිකාවක් ඉටුකළ සහ ඉටුකරමින් තිබෙන ජනමාධ්‍යයක් ලෙස ‘රාවය’ පුවත්පත සම්බන්ධව විවිධ අාරංචි පැතිර යමින් තිබේ. විශේෂයෙන් ඒම අාරංචි, රාවය පුවත්පත ගොඩනැගූ ජේ‍්‍යා්ෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් කරන බලපෑම් සම්බන්ධ විවිධ මත පළ කරමින් තිබේ. මින් පෙරාතුව මෙවැනිම විවිධ අදහස් හා චෝදනා එල්ල වූ පසු ඔහු විසින් 2015 ජූලි 05 වැනි දින රාවය පුවත්පත තුළ ඒ් සම්බන්ධ ප්‍රතිචාරයක් මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් සටහන් කර තිබිණි.
රාවය පුවත්පත ගොඩනැගීමේ සිට මුල්‍ය වශයෙන් අර්බුදකාරී තත්වයකට පත්වීමෙන් පසුව රාවය අරමුදල ගොඩනැගීමත් ඒහිදී තම දායකත්වය දක්වමින් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ඉටු කළ කාර්යභාරයද තමන් රාවය පුවත්පතින් ඉවත්වීම සහ ඒයින් පසුව සිදුවූ ක්‍රියාදාමය පිළිබද ඔහු විසින් ඒහිදී කරුනු ප්‍රමාණයක් අනාවරණය කර අැත. රාවය පුවත්පත සම්බන්ධව විවිධ අාරංචි පැතිර යද්දී රාවය මාධ්‍ය අායතනයක් වශයෙන් ඊට දක්වන ප්‍රතිචාරය ‘ලංකාවීව්ස්’ පාඨකයන්ට වැදගත් වේ යැයි විශ්වාස කරමින් මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් එදා දැක්වූ ප්‍රතිචාරයෙන් කොටසක් මෙස් පළ කරමු. ඔහු පළ කරන අදහස්, රාවයේ භූමිකාව මෙන්ම සමස්තයක් ලෙස ජනමාධ්‍ය විසින් දේශපාලනය තුල ඉටුකරන කාර්යභාරය සම්බන්ධ විශ්ලේෂණය කිරීම පාඨක ඔබට අයත් වගකීමකි.
———————————————
“රාවයේ මගේ භූමිකාව එක දේකට සීමාවූ භූමිකාවක් ලෙස සැලකිය නොහැකිය. එය බහුවිධ භූමිකාවක් වීයැ’යි කිව හැකිය. රාවයේ නිර්මාණ සැලැස්ම මගේය. එම සැලැස්ම මෙහෙයවන්නා වූයේද මාය. ප‍්‍රතිපත්ති සම්පාදකයා වූයේද මාය. එය ව්‍යවසායක් ලෙස සැලකිය හැකි වුවද සාමාන්‍ය ව්‍යවසායකයට වඩා වෙනස් විය. එහි පැවැත්ම මුළුමනින් රඳා පැවතියේ අලෙවිය මතය. එහෙත් අලෙවිය වැඩිකර ගැනීමට හෝ වැඩිපුර ලාභ ලැබීමට මහජනයාගේ හිත දූෂණය කරන දේවලට බර නොතැබීය. තමන්ගේ පැවැත්ම තරමට පොදු යහපතට බර තබන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. පොදු යහපත වෙනුවෙන් සාමාන්‍යයෙන් පුවත්පතක් නොකරන දේවල්ද කළේය. තවත් සමහරවිට පොදු යහපත සඳහා පැවැත්ම පරදුවට තබන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය.
ලංකාවේ වෙනත් කිසිම පුවත්පතකට නැති රාවයට පමණක් ආවේණික විශේෂ සම්පතක් ලෙස සැලකිය හැක්කේ රාවය නොකඩවා කියවන, රාවයෙන් ඉගෙන ගන්නා, රාවය වෙනුවෙන් හඬ නගන නිත්‍ය පාඨක පිරිසක් රාවයට සිටීමය. ව්‍යාපාරික අර්ථයෙන් සලකතොත් රාවය සැලකිය හැක්කේ පදික වෙළෙඳාමෙන් ආරම්භ කොට මහා සාප්පු සංකීර්ණයක් බවට පත්වූ ව්‍යාපාරයක් ලෙසය.
මා රාවයේ රඟපෑ භූමිකා අතර හිමිකාර භූමිකාවක්ද රඟපෑවා වුවත් මාගේ එම භූමිකාවද සාමාන්‍ය හිමිකරුවකුගේ භූමිකාවට වඩා වෙනස් විය. මෙම ව්‍යාපාරය විශාල ලෙස ධනය උපයන ව්‍යාපාරයක් බවට පත්කිරීමට මට අවශ්‍ය නොවීය. මා ආයතනයෙන් ලබාගන්නේ මට ලැබෙන වැටුප හා අනෙකුත් පහසුකම් පමණය. රටේ අනෙකුත් පුවත්පත් කතුවරුන්ට ගෙවන වැටුප් සමග සසඳන විට මගේ වැටුප සැලකිය හැක්කේ සොච්චම් වැටුපක් ලෙසය. මා විශ‍්‍රාම යන අවස්ථාව වනවිට මට ලැබුණු වැටුප රුපියල් 62,000ක් විය. ආයතනයේ හිමිකරුවා ලෙස සැලකිය හැක්කේ මා වුවද සේවකයන්ටද කොටස් හිමිකමක් තිබිය යුතු බව මගේ මතය විය. එය බාහිරෙන් එල්ල වූ බලපෑම අනුව සිදුවූවක් නොවීය. මගේම අදහසක් අනුව නීතිගත කර තිබූ සංකල්පයක් විය. සමාගම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කොට තිබෙන ආකාරයට සමාගම සතු මුළු කොටස් සංඛ්‍යාව 238900කි. ඉන් කොටස් 137500ක් මා සතු වන විට ඉතිරි කොටස් සංඛ්‍යාව හිමි සේවකයන්ටය.
මා මගේ ආයතනයේ සේවකයන්ට සිත් පිත් නැති දරදඬු පාලකයකු ලෙස ක‍්‍රියාකර නැත. වැරදි කරන අයට දඬුවම් කළ අවස්ථා ඇතත් උපරිම මානුෂික ආකල්පයකින් ක‍්‍රියාකර ඇතැ’යි කිව හැකිය. සේවකයන්ට ගෙවන වැටුප් සමහර ජනමාධ්‍ය ආයතනවල තරම් ඉහළ මට්ටමක නැතත්, ඔවුන්ගේ වැටුප් නීතියෙන් නියම කර තිබෙන මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතින්නේයැ’යි කිව හැකිය. සමහර ජනමාධ්‍ය ආයතනවලට ඉහළ වැටුප් ලබාදීමට හැකිවී තිබෙන්නේ එම ආයතනවලින් උපයන ආදායමෙන් නොව හිමිකරුවා වෙනත් මාර්ගවලින් එම ආයතනවලට පොම්ප කරන ධනය නිසාය. මාගේ ආයතනයේ වැටුප්වල තරම තීන්දු කරනු ලැබුවේ ආයතනය උපයන ආදායමේ තරමය. අර්ථසාධක අරමුදල් ප‍්‍රමාදයකින් හෝ හිඟයකින් තොරව ගෙවා තිබෙන අතර අස්වී යන සේවකයන්ට ලැබිය යුතු ප‍්‍රසාද දීමනාද ප‍්‍රමාදයකින් තොරව ගෙවා තිබේ. කොටස් නිකුතුවෙන් පසුව එක් සේවකයකුට ලැබී තිබෙන කොටස් අයිතියේ වටිනාකම ඔවුන් විශ‍්‍රාම යනවිට අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්ති අරමුදල යන අරමුදල් දෙකෙන් ලැබෙන මුදල් ප‍්‍රමාණයට වඩා වැඩිය.
මට මගේම වන ජීවන දර්ශනයක් තිබෙන්නේය. ධනය ඉපැයීම කවදාවත් මගේ වැදගත් අරමුණක් වී නැත. ධනය අවශ්‍ය වන්නේ ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප‍්‍රමාණයට මිස ගොඩගසා ගැනීම සඳහා නොවේ. මා අගහිඟකම්වලින් පිරුණු දුක්ඛදායක ජීවිතයකට කැමති නැතත් වියදම් අධික නාස්තිකාර ජේත්තුකාර ජීවිතයකටද කැමති නැත. මා විවිධ දේ කරන අතර පවුල් ජීවිතයේදී මා අතින් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටු කළ කෙනෙකු ලෙසද සැලකිය හැකිය. මා මාගේ දරුවන්ට වියදම් අධික සුඛෝපභෝගී ජීවිතයක් ලබාදී නැතත්, අගහිඟකම්වලින් පිරුණු දුක්ඛිත ජීවිතයක්ද ලබාදී නැත. මා ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී තිබෙන අතර ඔවුන් ජීවත් වන තරගකාරී ලෝකයේ ගුණධර්මද ආරක්ෂා කරගනිමින් ආත්ම විශ්වාසයකින් ජීවත්වීමට අවශ්‍ය දැනුම හා ශික්ෂණය ඔවුන්ට ලබාදී තිබෙන්නේයැ’යි කිව හැකිය.
මා විශ‍්‍රාමිකයන්ගේ විශ‍්‍රාම ජීවිතය යහපත් හා ප‍්‍රීතිමත් තත්ත්වයක තබාගැනීමට අවශ කරන මගපෙන්වීම් ලබාදී තිබෙන පුද්ගලයෙකි. ඒ නිසා මට මගේ විශ‍්‍රාම ජීවිතය සඳහා සැලැස්මක් තිබීම පුදුමයට හේතුවන දෙයක් විය යුතු නැත. මට කිසිවෙකු විශ‍්‍රාම යෑමට බල කළේ නැත. මට අවශ්‍ය වී නම් මැරෙන තෙක් රාවයේ වැඩ කළ හැකිව තිබුණි. රාවය බදාගෙන හැමදාමත් ජීවත් විය යුතු නැති බව මගේ මතය විය. රාවයේ අලූත් පරපුරට වගකීම් භාරදී මා විශ‍්‍රාම යායුතුයැ’යි කියන අදහස මා ඇති කරගෙන තිබුණේ කලකට පෙරය. විශ‍්‍රාම යෑමෙන් පසු මැරෙන තෙක් කළ යුතු වැඩ ගැනද මට දළ අදහසක් තිබුණි. විශ‍්‍රාම යෑමෙන් පසු මට රාවයෙන් වැටුප් ලබාගැනීමේ හැකියාවක් නැත. එම සංක‍්‍රමණික කාලයේ මා ජීවත් විය යුතු අතර මගේ බිරිඳද ජීවත් කළ යුතුය. දරුවන්ගෙන් යැපෙන්නට කැමති නැති බව මා ලියා ඇත්තේ මීට බොහෝ කලකට ඉහතදීය. විශ‍්‍රාම යන්නේ නම් කිසිවකුට අත නොපා ජීවත්වීමට යම් අරමුදලක් තිබිය යුතුය. එම අරමුදල සොයාගත හැකි හොඳම මාර්ගය ලෙස මා දැක්කේ මට හිමි කොටස්වලින් කිසියම් පංගුවක් විකිණීමය. විශ‍්‍රාම යන අවස්ථාවේදී රාවයට අවසන් වශයෙන් කළ යුතු දේවල් කිහිපයක්ද තිබුණේය. රාවයේ එක් ගොඩනැගිල්ලක වහල අබලන් වී එය පැවතියේ ජරාජීර්ණ තත්ත්වයකය. කාර්ය මණ්ඩලය පාවිච්චි කරන මේස පුටු හා ගෘහභාණ්ඩ තිබුණේ ජරාජීර්ණ තත්ත්වයකය. මාගේ වියදමෙන් ඒ සියල්ල වෙනස් කොට කාර්යාලය ප‍්‍රසන්න තත්ත්වයට ගතයුතුයැ’යි කියන අදහසක්ද මගේ සිතේ තිබුණි. රාවයේ අනාගත සුරක්ෂිතභාවයට හානියක් නොවන ලෙස මට හිමි කොටස්වලින් කිසියම් පංගුවක් විකුණා ඒ සිහින දෙකම ඉටුකර ගැනීමට මට අවශ්‍ය වී තිබිණි.
මාගේ සිහිනය සැබෑකර ගැනීම සඳහා මගේ කොටස් අයිතියෙන් කිසියම් පංගුවක් මිලදී ගැනීමට මිලින්ද මොරගොඩ එකඟ වී තිබූ අතර ඒ සඳහා කේපීඑම්ජී සමාගම ආයතනය පිළිබඳ විගණනයක් හා වටිනාකම පිළිබඳ තක්සේරුවක්ද කරන ලදි. මිලින්දට කරන අලෙවියට විරෝධයක් එල්ල වන්නට වූ අතර රාවය සහයෝගිතා ව්‍යාපාරය බිහිවූයේ එම සංවාදය ආශ‍්‍රයෙනි.
එම ව්‍යාපාරයේ මතය වූයේ මිලින්දට විකුණන්නට යන පංගුව ඔවුන්ට විකිණිය යුතු බවය. මා ඔවුන්ගේ යෝජනාවට මුලදී එක පයින් එකඟ නොවූවද ඒ සියලූදෙනා රාවයට ආදරය කරන පිරිසක් වීම නිසාත්, එවැනි පිරිසක් රාවයේ පංගුකාරයන් වීම රාවයේ යහපතට හේතුවනු ඇතැ’යි පෙනුණු නිසාත් අවසානයේදී එම යෝජනාවට එකඟවීමට මට සිදුවිය. මාගේ කොටස් අයිතියෙන් සියයට 20ක් සහයෝගිතා ව්‍යාපාරයට විකිණීමෙන් මට ලැබුණු ආදායම රුපියල් ලක්ෂ 100කි. මා ඉන් ලක්ෂ 50ක් මගේ අනාගත සුරක්ෂිතතාව සඳහා තබාගනිමින් ඉතිරි ලක්ෂ 50 රාවය ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කොට රාවයට අවශ්‍ය ගෘහභාණ්ඩ මිලදී ගැනීමට වැය කළෙමි. මා මට ලැබුණු ආදායමෙන් කරන්නට යන දේ රාවය සහයෝගිතා ව්‍යාපාරයට හෝ මාගේ කාර්ය මණ්ඩලයට රහසක් නොවූ අතර රාවය සහයෝගිතා ව්‍යාපාරය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුමටද ඒ කාරණා ඇතුළත්ව තිබුණි. ඒ හැමදෙයක්ම සිදුවූයේ නිතියට අනුකූලවය. ලක්ෂ 50ක ස්ථිර තැන්පතුවකට ලබාගත හැකි මාසික ආදායම රුපියල් 29666ක් පමණය. මාගේ එම ක‍්‍රියාව නීතියට පමණක් නොව සදාචාරයටද අනුකූලය.”
ඒම ලිපිය සම්පූර්ණයෙන් කියවන්නට මෙම සබදතාවයට යන්න.