தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
ඊ.ඒ.පී. ව්‍යාපාර සමූහය විකිණීමේ යෝජනාවක් ! - මැලේසියානු ව්‍යාපාරිකයකු උනන්දුවෙන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඊ.ඒ.පී. ව්‍යාපාර සමූහය විකිණීමේ යෝජනාවක් ! – මැලේසියානු ව්‍යාපාරිකයකු උනන්දුවෙන්



ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය ආයතන ඇතුළුව සමාගම් සමූහය, ‘ස්ට්‍රේට්ස් ග්‍රිඩ්‘ නමැති මැලේසියානු සමාගමකට විකුණා දැමීම සදහා මූලික වටයේ සාකච්ඡා කරමින් පවතින බව දැනගන්නට ඇත.
ඒ අනුව ඊ.ඒ.පී. සමූහය මෙසේ විකුනා දමන්නට සූදානම් වන්නේ නමැති ජයා සුධීර් ජයරාම් නම් සුප්‍රකට මැලේසියානු ව්‍යාපාරිකයකුට අයත් සමාගම් සමූහයටය. අභාවයට පත් ඊ.ඒ.පී.එදිරිසිංහ හා සෝමා එදිරිසිංහ ව්‍යාපාරික යුවළගෙන් දරුවන් හිමි වූ ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ සමාගම් ලෙස ස්වර්ණවාහිනී, ශ්‍රී එෆ්එ.ම්, රන්වන් එෆ්එ.ම්, ඊ.එෆ් එම් යන මාධ්‍ය ආයතනත් ස්වර්ණමහල් ජුවලර්ස්, ඊ.ඒ.පී.ෆිල්ම්ස්, ඊ.ටී.අයි. ෆිනෑන්ස් සහ ස්වර්ණමහල් මුල්‍ය සේවා සමාගම් අයත් වේ.
ඊ.ඒ.පී. සමාගම් සමූහයට අයත් මූල්‍ය සමාගම් මේ වනවිට මහබැංකුවේ අධීක්ෂණය යටතේ පවතින අතර මෙම සමාගම්වල ව්‍යාපාරික කටයුතු ඉදිරියට ගෙනයාමට සමාගම් කළමණාකරණය විසින් ආයෝජකයන්ට ආරාධනා කර ඇති බව අපගේ මූලාශ්‍ර හෙලිකරයි. ඊ.ටී.අයි. ෆිනෑන්ස් සහ ස්වර්ණමහල් මුල්‍ය සේවා සමාගම සම්බන්ධව මහබැංකුව විසින් කාලයක් තිස්සේ කළ නිරීක්ෂණ මත සිය ඍජු අධික්ෂනයකට යටත් කර ඇති බව මහබැංකු තොරතුරු අනාවරණය කරයි. කිසියම් ආයෝජනයක් සම්බන්ධ කාරනයේදී මහබැංකුව මැදිත්වන්නේ එම මුල්‍ය සමාගම්වල ගනුදෙනුකරුවන්ගේ අයිතින් ආරක්ෂා කිරිම අරමුනු කරගෙන බවද එම ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් දැනට ඊ.ඒ.පී.ආයතනය සම්බන්ධව ආයෝජන උනන්දුවක් දක්වා ඇති ලාෆ් සමාගම හිමි ඩබ්.කේ.එච්. වෑගපිටිය විසින් කළ යෝජනාව මහබැංකුව විසින් ඉවත දමා ඇති බවද දැන්ගන්නට ඇත. ලාෆ් සමූහය හිමි ව්‍යාපාරික වෑගපිටිය විසින් ඊ.ඒ.පී. සමාගමේ ආයෝජනය සදහා යෝජනා කර ඇත්තේ මහබැංකුවේ අපේක්ෂිත ණය පහසුකම් යටතේය. එහෙත් මහබැංකුව එවැනි ආයෝජන සදහ ණය නිකුත් නොකරන බැවින් ඔහුගේ ආජෙන යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත. ව්‍යාපාරික වෑගපිටිය විසින් 2017 වසර මුල් භාගයේදී රෙනෝ සිල්වාට හිමි ඒ.බී.සී. සමූහ ව්‍යාපාරයේ ආයෝජනය සදහා ද ඉල්ලුම් කර අසාර්ථකව ඇත්තේ එම හේතුව නිසාය.
ඊ.ඒ.පී. සමූහය මිලදී ගන්නට සැරසෙන ස්ට්‍රේට්ස් ග්‍රිඩ් සමාගම අයත් වන්නේ කෙප්පල් කෝපරේෂන් නමැති දැවැන්ත සමාගම් සමූහයටය. දැනටමත් ලංකාවේ දැවැන්ත ආයොජන ප්‍රමාණයක් එම සමාගම් සමූහය විසින් සිදුකර ඇති අතර රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඔවුන් මෙරට මහල් නිවාස ක්ෂේත්‍රෙය්ර ආයෝජන සදහා පැමිණ ඇත.