Posted on 02.24.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මත්ද්‍රව්‍ය වෙනුවෙන් මුදල් නාස්ති කිරීම හේතුවෙන් බොහොමයක් පවුල් ආර්ථික දුෂ්කරතාවලට පත්ව අැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.
රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව පවසා සිටියේය. ජනාධිපතිවරයා පවසන්නේ යම් පවුලක උපයන්නා මත්ද්‍රව්‍යවලට අැබ්බැහිවීම නිසා ඒකී පවුලේ පැවැත්ම අකර්මණ්‍ය වන බවයි.
කෙසේවෙතත් මත්ද්‍රව්‍ය හා අාර්ථික හැකියාව සම්බන්ධ සමාජ විද්‍යාත්මක අදහස ජනාධිපතිවරයාගේ අදහසට සපුරා පටහැනිය. මත්ද5වය යනු ඉහළ පාන්තික ජනතාව මෙන්ම පහළ පාන්තික ජනතාව භාවිත කර උත්තෙජක, විනෝද මාධ්‍යයකි. ඒහෙත් විවිධ මානසික අාතතින් නිසා ඉහළ පාන්තික පුද්ගලයන්ද අාර්ථික හැකියාව අවම පුද්ගලයන් සිය පීඩාවෙන් මිදීම අරභයා ද මත්ද්‍රව්‍ය අසීමිත ලෙස භාවිත කරන බව සමීක්ෂණ මගින් සනාථ කර අැත.