தமிழ்
English
Contact
Monday 11th December 2017    
2018 – අයවැයේ ජනතා විරෝධී යෝජනා සටන් කර පරදවමු – පුබුදු ජයගොඩ « Lanka Views | Views of the truth

2018 – අයවැයේ ජනතා විරෝධී යෝජනා සටන් කර පරදවමු – පුබුදු ජයගොඩ



ආණ්ඩුව 2018 වසර සඳහා නීල හරිත අයවැයක් ඉදිරිපත් කළ බව කීවත් මානව සම්පත් හා භෞතික සම්පත් ප‍්‍රයෝජනවත් ලෙස භාවිතා කරන්න හෝ පාරිසරික විනාශය වළක්වන කිසිදු සැලැස්මක් මේ අයවැයෙන් ඉදිරිපත් කර නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවට මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ අය වැය කතාවේදී  කියැවුණු ආණ්ඩුවේ ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳ පෙ.ස.ප. අදහස දක්වන්නට අද(10) පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ විය.

විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ සංජීව බණ්ඩාරද එක් වූ මෙම මාධ්‍ය හමුවේදී පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා පළ කළ අදහස්  මෙසේ කෙටියෙන් දක්වමු.
”අයවැය ආරම්භයේදී ඇමතිවරයා රාජ්‍ය ආදායම වැඩිකරන කතාවක් කියන නමුත් ආදායම වැඩි කරන්න කිසිදු සැලැස්මක් නෑ. පසුගිය වසරේ රාජ්‍ය ආදායමෙන් 88%ක්ම බදු ආදායම වන බවද බදු නොවන ආදායම 12%ක් පමණක් බව පෙනී යන කාරණයක්. ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය අනුව වරාය, ගුවන්සේවා සියල්ල පෞද්ගලික අංශයට විකුණා දැමීමෙන් රාජ්‍ය ආදායම අඩුවනවා මිස වැඩිකරගන්නට හැකිවන්නේ නැත. මේ අයවැයෙන් ආදායම් ඉහළ නැංවීමට ආණ්ඩුව සැලසුම් කරන්නේ සුපුරුදු පරිදි බදු ආදායම ඉහළ නැංවීමෙන් බව ප‍්‍රකාශ වුණා. එහිදී මෙතෙක් සාමාන්‍ය ජනතාවගේන් උපයාගත් 80%ක බදු ආදායම 85% දක්වා ඉහළ දමන්නට පාලකයන් සූදානම්වන බවය. එක්සත් ජාතික පක්ෂ නායකයන් 2015 බලයට පත් වෙන්න මැතිවරණ වේදිකාවල කිව්වෙ පොහොසතුන්ගෙ බදු අඩුයි, සාමාන්‍ය ජනයාගෙන් 80%ක් අයකිරීම ආසාධාරණ නිසා පොහොසතුන්ගෙන් ඍජු බදු 40%ක් අයකරගෙන සාමාන්‍ය ජනයාගෙන් දුප්පතුන්ගෙන් අයකරන වක‍්‍ර බදු ආදායම 60%දක්වා පහත හෙළන බවයි. කියනකොට එහෙම වුණත් දැන් මේ අ අයවැයෙන් ධනපතියන්ගෙ 20% බදු පංගුව, 15% දක්වා අඩු කරලා, පීඩිත සාමාන්‍ය ජනයාගෙ බදු 80% ඉදලා 85% දක්වා වැඩිකරන්නයි සැලසුම් සකස් කර තිබෙන්නේ.
අයවැයෙන් ආරක්ෂක අමාත්‍යංශයට සහ පොලිසිය අයත් නීතිය හා සාමය අමාත්‍යංශයට සමස්තයක් ලෙස බිලියන 372ක් වෙන්කර ඇත්තේ ජනතාවට පහරදෙන්න. ජනගහණයෙන් දළ වශයෙන් හතරෙන් පංගුවක් වැනි පාසල්වලට අධ්‍යාපනයට වෙන්කර ඇත්තේ බිලියන 102ක් පමණයි. ඒ අතර බිලියන 79ක් වෙන්කර ඇත්තේ සංචාරක කර්මාන්තය හා නගර සංවර්ධනය වැනි ජනතාව ඇන්දවීමේ පියවර සඳහාය. මංගල සමරවීර මහත්තයා මුදල් ඇමති ලෙස තමන්ගෙ අමාත්‍යංශයට බිලියන 226ක් අරගෙන ලොකුම හැන්දෙන් බෙදාගෙන තියෙනවා. ජනතාවගේ වක‍්‍ර බදු ලෙස අයකරන බිලියන 1659න් බාගයක් විතර අපට ගහන්න සහ අපිව අන්දන්න ආණ්ඩුවෙන් වෙන්කරලා.
දැන් අධ්‍යාපනයට මුදල් වෙන්කරන්න කියද්දි ඒවට සල්ලි නෑ කිව්වට දැන් ජනාධිපතිගෙ වියදම 2017 බිලියන 6.4ක් වුණාට ලබන අවුරුද්දෙ බිලියන 9.5ක්. 54%කින් ජනාධිපතිගෙ වියදම වැඩි කරගෙන. දවසකට ජනාධිපතිගෙ වියදම ලක්ෂ 175ක්. බෝල්පොයින්ට් පෑනෙන් ලියන කෙහෙල් කොළේ බත්කන ජනාධිපති කියලා කිව්වෙ. අගමැතිගෙ වියදම රුපියල් බිලියන 1.8 සිට 2.1 දක්වා 33%කින් වැඩිකරගෙන. නමුත් අධ්‍යාපනයට සෞඛ්‍යයට ජනතාවගේ සුබසාධනයට මුදල් ප‍්‍රමාණවත් ලෙස වෙන්කරලා නෑ. කෘෂිකර්මයට ප‍්‍රාග්ධන වියදම ලෙස වෙන්කර තියෙන්නෙ බිලියන 7ක් පමණයි. ධීවර කර්මාන්තයට බිලියන 6යි. අයවැය කතාව පටන් ගනිද්දිම ආර්ථිකයේ මූලික ප‍්‍රශ්න ලෙස කියන්නෙ ණය බර, ගෙවුම් ශේෂ හිඟය සහ පරිසර විනාශයයි. ගෙවුම් ශේෂ හිගය කියන්නෙ ලංකාවෙ ආනයන අපනයන අතර පරතරය, භාණ්ඩ ආනයනය කරනවා විතරයි, නිෂ්පාදන අපනයනය කරලා ගන්න ආදායම අඩුයි. ඉතින් ප‍්‍රාග්ධන වියදම් යොදවලා නිෂ්පාදන ඉහළ දමන්න සැලසුමක් ආන්ඩුවට නෑ. ණය කන්දක් ගොඩගැහිලා අපනයන ආදායම වැටුනෙ කොහොමද? අපනයන ආදායම දෙගුන කරන්න ආණ්ඩුව යෝජනා කරද්දි මොනවද හදන්නෙ?
ඒ විතර් නෙවෙයි මංගල ඇමතිවරයා අයවැය කතාවෙදි කිනවා ලංකාවෙ කම්කරු නීති ආයෝජකයො ගෙන්වන්න විශාල බාධාවක් බව කියනවා. සාප්පු සේවක පනත වෙනස් කරන්න යන්නෙ සේවකයන්ට කැමති පැය ගනනක් සේවය කිරීමට අවස්ථාව දෙන්නලූ. මේ කරන්න හදන්නෙ පැය 8 වැඩ දිනය අහෝසි කරලා කම්කරුවා කැමති පැය ගණනක් වඩට යොදවන්න ප‍්‍රාග්ධන හිමියන්ට අවස්ථාව සලස්වන්නයි. කම්කරුවො සටන් කරලා ජිවිත පුදලා දිනා ගත්ත පැය 8 වැඩ දිනයට අදාළ කම්කරු නීති වෙනස් කරන්නෙ ඒකට. පැය 8කට වැඩියෙන් වැඩ කරන සෑම තත්පරයටම අතිකාල දීමනා ගෙවීම කම්කරුවන්ගෙ අයිතියක්. සේවකයා පැය 4ක් වැඩකරන්න ඕන කිව්වොත් අවස්ථාව දෙනවද? මේ කරන්න හදන්නෙ සුපිරි සිල්ලර වෙළෙඳසැල්වල පැය 12-14 වැඩ කරන්න යොදන විදියට සේවකයන් සූරාකෑමට නීති හදන එකයි. පැය 8 වැඩ දිනය අහෝසි වෙනවා.
අධ්‍යාපනය යටතේ ගෘහ අලංකරණය, ග‍්‍රැෆික් නිර්මාණකරණය, භූමි අලංකරණය, ආගන්තුක සත්කාරය, ආහාර සැකසුම් තාක්ෂණය, ඔන් ඔය වගේ විෂයන් 26ක් උසස් පෙළට හඳුන්වා දෙමින් පාසල් අධ්‍යාපනයෙ දැනුම දෙන විෂයන් උසස් පෙළ විෂයන්වලින් ඉගෙන ගන්න අවස්ථාව අහිමි කරන්නයි යන්නෙ. කියන්නෙ කලාව ඉගෙන ගන්න අයට විද්‍යාව ඉගෙන ගන්නයි, විද්‍යාව ඉගෙන ගන්න අයට කලාව ඉගෙන ගන්නයි අවස්ථාව දෙනවා කියලා. මේ කරන්නෙ ඒකද? ශාස්ත‍්‍රීය විෂයන් කප්පාදු කරලා නවලිබරල් ආර්ථික සැලසුම්වලට අවශ්‍ය සේවක පිරිසක් ගොඩනගන්න අධ්‍යාපනය කප්පාදු කිරිමක් මේ වෙන්න යන්නෙ. උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ගෙන් ඉවත් කරලා, සංචාරකයන්ට ආගන්තුක සත්කාරය වගේ විෂයන් හඳුන්වා දෙන්න යන්නෙ. සංචාරකයන් ආවම හලෝ කියලා තැඹිලි කපලා දෙන්න දරුවොන්ට උගන්වන්න යන්නෙ. මේක සම්පූර්ණ අධ්‍යාපන කප්පාදුවක්. අපි කියන්නෙ ආර්ථික සැලසුම්වලට ගැලපෙන විදියට අධ්‍යාපනය කපන්න එපා, ලංකාවෙ මානව සම්පතට ගැලපෙන ආර්ථිකය හදන්න කියලා. විභවතා තියෙන දක්ෂ ළමා පරම්පරාවෙ අධයාපනය කප්පාදු කරලා තැඹිලි විකුණන්න අධ්‍යාපනයක් දෙන්න යන්නෙ.
දැන් අපි අහන්නෙ 78 අයවැයේ සහ 2018 අයවැයේ වෙනස්කම මොකක්ද? එකම ප‍්‍රතිපත්තිය තමයි අවුරුදු 40කට පස්සෙ ඉදිරියට ගෙන යන්න යෝජනා කරන්නෙ. අපි වැඩකරන ජනතාවට කියනවා පීඩාවට පත්වුනු ජනයාට, කම්කරුවන්ට, ගොවියන්ට, ධීවරයන්ට, ශිෂ්‍යයන්ට තරුණයන්ට අපි කියනවා දැන් නිවාඩු අවලංගුයි, සියලූ සමාජ බලවේගවල නිවාඩු අවලංගුයි. අත්‍යවශ්‍ය සේවා නම්කරනවා, සියලූ බලවේග මහපාරට එන්න මේ අයවැය පරාජය කරන්න. පසුගිය අයවැයේදි කම්කරුවන්, ශිෂ්‍යයන් සටන් කරලා ආණ්ඩුවේ කප්පාදු සැලසුම් පරාජය කළා. ඊපීඑෆ් මුදල් හොරකම් කරන්න හැදුවා, විශ‍්‍රාම වැටුප අහෝසි කරන්න, නිදහස් සෞඛ්‍ය සේවය අහෝසි කරන්න සෞඛ්‍ය රක්ෂන ඇතිකරන්න හැදුවා, කම්කරු නීති 14ක් සංශෝධනය කරන්න හැදුවා. කම්කරුවන් ඒවා කරන්න ඉඩ දුන්නෙ නෑ. ඒ නිසා තමයි අර කියන්නෙ ගියපාර අයවැයෙන් කියපු දේවලින් 3% කලේ 97%ක් කරන්න බැරිවුණා කියලා. ඒවා කරන්න දුන්නෙ නෑ. රජයේ රෝහල්වල පෞද්ගලික අංහයේ ගෙවන වාට්ටුදාන්න හැදුවා, ඉඩ දුන්නෙ නෑ. රෝහල්වල රසායනාගාර නවත්තලා ලේ, මූත‍්‍ර පරික්ෂා කරන්න පෞද්ගලික අංශයට දෙන්න හැදුවා. ඒක පරාජය කළා.
සයිටම් අරගලයට එකතු වූ බලවේග පෙන්නුවා ජයග‍්‍රහණ නම්, අඩු ගානෙ තියෙන දේ රැුකගන්නවත් බෑ සටන් කරන්නෙ නැතිව කියලා. අරගලය හැරෙන්න වෙන උත්තරයක් නෑ. ඒ වගේම ඔප්පු කළා අරගලයෙන් සටන් ජය ගන්න පුලූවන් බව. ඊට දවස් දෙකකට කලින් සයිටම් අහෝසි කරන්නෙ නෑ, කවුද කියන්නෙ අොහ්සිකරනවා කියලා වගේ සිංහනාද කරපු සෞඛ්‍ය ඇමතිවරයා, බලූ කුක්කෙක් වගේ වොයිස් කට් දෙනවා, සයිටම් නම් අහෝසි කළා. ඒත් අපි පස්සෙ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තව ඇති කරනවා කියලා. කො දැන් චණ්ඩි පාට්! දැක් ලක්ෂ්මන් කිරිඇල්ල හොයාගන්න නෑ. මව්පියන්ටත් ශිෂ්‍යයන්ට මැරෙන්න වෙනවා කියලා පහුගිය දවසක පෞද්ගලික නාලිකාවක කියපු උසස් අධ්‍යාපන ඇමති හොයාගන්න නෑ. එස්.බී. දිසානායක කිව්වෙ උපවාස කරන අයට කීයක් වුණත් මැරෙන්න දෙමු, වතුර බොනවද කියලා හොයන්න කියලා. දැන් රටටයි ජයග‍්‍රහණ ලැබුනෙ. තව කුමන්ත‍්‍රණ තියෙන්න පුලූවන්. නමුත් ඒවා කරන්න ලැබෙන්නෙ නෑ. සටන්කරන බලවේග අවි බාර දෙන්නෙ නෑ. සටනෙ යෙදෙන්න සූදානමින් ඉන්නෙ. අපි දේශපාලන පක්ෂයක් හැටියට සටන් කරන බලවේග සමග පෙළ ගැහෙන්න, සියලූ සහයෝගය දෙන්නඋපරිම ආරක්ෂාව, උපරිම පිටුබලය දෙන්න සහ එක්ව සටන් කරන්න අපි සූදානම්. ඉදිරි අවුරුද්දෙ රටේ හැම බිම් අගලකම සටන් ඇවිලෙන්න නියමිතයි. අපි බලවේග නම් කළා අත්‍යවශ්‍ය සේවාවලට. කම්කරු ව්‍යාපාරය, ශිෂ්‍ය ව්‍යාපාරය, ගොවි ව්‍යාපාරය වගේ සටන් කරන බලවේගවලට අපි කියනවා, පාරට එන්න මේ කරන්න යන විනාශය පරදවන්න සටන් වදින්න කියලා. ”