Posted on 10.13.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හෙට (14) රුසියාවේ සෝචි නගරයේ ආරම්භ වීමට නියමිත 19වන ලෝක තරුණ හා ශිෂ්‍ය උලෙලට සහභාගීවීම සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් නියෝජිතයන් තිදෙනකු සහභාගි වන බව එම පක්ෂයේ තරුණ අංශය වන ‘වෙනසක තාරුණ්‍යය‘ සංවිධානයේ සංවිධායක කරන සුජිත් කුරුවිට පවසයි.
‘වෙනසක තාරුණ්‍ය‘ සංවිධානයේ නුවන් බෝපගේ හා තිමන්ත දයනක සමග විප්ලවවාදී ශීෂ්‍ය සංගමයේ චින්තක රාජපක්ෂ සහෝදරවරු ඊයේ(12) රුසියාව බලා පිටත් වූ බව ඔහු පවසයි. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ජනතාව සතු අධ්‍යාපන අයිතිය කොල්ලකෑමට එරෙහිව ගෙනයන අරගලය පිළිබද ලෝක තරුණ හා ශිෂ්‍ය උලෙලට සහභාගිවන නියෝජිතයන් දැනුවත් කිරීමට සහ එහිදී එකතුවන වාම සංවිධාන නියෝජිතයන් සමග සබදතා ශක්තිමත් කරගැනීමටද බලාපොරොත්තු වන බව ‘වෙනසක තාරුණ්‍යය‘ සංවිධානයේ සංවිධායකයා පවසයි.
අප වෙත හෙළිවූ කරුනු අනුව පෙසප බිහි වීමෙන් පසු ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරුණ සම්මේලනය සමග සබදතා ගොඩනගා ගැනීම සදහා පෙ.ස.ප. ගත් උත්සාහයන්ට මෙරට දේශපාලන සංවිධාන විසින් බාධා පැමිණ වූ බවද මෙවර එම උත්සාහය සාර්ථක වූ බවද දැනගන්නට ඇත. තමන් වෙනුවෙන් මැතිවරණ කාර්යයන්හි නිරතවන තරුණ නියෝජිතයන් සිය ගණනක් සහභාගි කරවන්නට දක්ෂිණාංශික පක්ෂ කටයුතු කරද්දි ලංකාවේ සක‍්‍රීයතම ශිෂ්‍ය ව්‍යාපාරය වන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයන් මෙම තරුණ හා ශිෂ්‍ය උළෙලට සහභාගි කරවීමට කළ යෝජනාවද සංවිධායකයන් විසින් වලක්වා තිබේ.
මෙවර ලෝක තරුණ හා ශිෂ්‍ය සමුලුවේ තේමා පාටය වන්නේ ‘සාමය, සහයෝගිතාව සහ යුක්තිය උදෙසා අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් වදිමු-අතීතයට තරුකරමින් අනාගතය ගොඩනගමු !‘ යන්නයි. මෙම ලෝක තරුණ උලෙලට රටවල් 180කට අයත් තරුණ නියෝජිතයන් 50,000ක් පමන සහභාගි වෙතැයි අපේක්ෂා කෙරේ.