Posted on 09.29.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් ප්‍රශ්නය විසදීම සිදු නොකර තවදුරටත් ආණ්ඩුවෙන් ව්‍යාජ විසදුම් ඉදිරිපත් කිරීම සිදුවුවහොත් කලින් නොදන්වා වුව අඛණ්ඩ වැඩවර්ජනයකට යායුතු බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර ඇත.
ඊයේ (28) දින රැස් වූ මධ්‍යම කාරක සභාව මගින් මෙම තීරණය ගත් බව එම සංගමය පවසයි. ආණ්ඩුවට වරින්වර බලපෑම් කරමින් සාකච්චා කරමින් විසදුමක් අපේක්ෂා කළද ව්‍යාජ විසදුම් ගෙන එමින් ප්‍රහ්නය මගහැර යන තත්වයක් ඇති වී තිබෙන බවත් මේ පිළිබද තීරණයක් ගන්නට සිදුව ඇත්තේ ඒ නිසා බවත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රකාශකයකු ජනමාධ්‍ය වෙත අනාවරනය කලේය.
වසර 8ක් පමණ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් සයිටම් විරෝධය ෙපාදු මහජන විරෝධයක් බවට ගෙනැවිත් තිබුණද ඒ පිළීබද ආණ්ඩුවට දැනෙන විරෝධයක් ගතයුත්තේ වැඩකරන ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති විසින් බවට සමාජ මතයක් පසුගිය වසරක පමණ කාලයක් වර්ධනය විය. එසේම වෛද්‍ය වෘත්තිකයන්ට එම අරගලය පිලිබද තීරණාත්මක වගකීමක් පැවරී ඇති බව ශිෂ්‍ය ක්‍රියාකාරින්ගේ අදහසයි. මින් පෙර විවිධ අවස්ථාවල රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වැඩ වර්ජනය සදහා ප්‍රකාශ නිකුත් කළ අවස්ථාවලදී ආණ්ඩුව විසින් සාකච්චා ලබා දෙමින් විවිධ ආකාරයෙන් එම වැඩ වර්ජන තීරණ වෙනස් කරන්නට මග පාදන ලදී. එහෙත් මේ වනවිට වෛද්‍ය වෘත්තිකයන් බිහි නොවන මට්ටමට වෛද්‍ය පීට සිසුන්ගේ පන්ති වර්ජනය දිගු වෙමින් පවතී. එසේම වරින්වර කොටස් වශයෙන් වර්ජනය කිරිමෙන් රෝගින් මුහුණ දෙන අපහසුතාවය නිසා වෛද්‍ය සේවය පිළිබද මහජන අප්‍රසාදයක් ද වර්ධනය වෙමින් පවතී. වැඩවර්ජනය කළ වෛද්‍යවරුන් පිළිබද ජනමාධ්‍යවේදින් ජනතාවගෙන් විමසූ විට ප්‍රතිචාර ලෙස ලැබෙන්නේද ආණ්ඩුව විසින් මෙම ප්‍රශ්නය විසදිය යුතු බවයි. එසේවුවද වරින්වර වර්ජනය නොකර එක්වර විසදුමක් ගතයුතු බවද ඔවුහු පවසති. වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රාදේශීය සංගම් විසින් වැඩ වර්ජන සදහා සිදුකළ බලපෑම්වලින් පසුව වැඩවර්ජනය කිරිම පිලිබද බරපතළ තීනුද්වක් ගන්නට සිදුව ඇති බවද අපගේ ආරංචි මාර්ග පවසයි.