தமிழ்
English
Contact
Monday 19th February 2018    
හම්බන්තොට වරාය චීනයට පැවරීම ඉන්දියාවට ගැටලුවක් - ඉන්දිය අාරක්ෂක අැමතිවරිය කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හම්බන්තොට වරාය චීනයට පැවරීම ඉන්දියාවට ගැටලුවක් – ඉන්දිය අාරක්ෂක අැමතිවරිය කියයි



ලංකාව් අාණ්ඩුව විසින් හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමෙන් නුදුරේදී තම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතු විය හැකි බව ඉන්දිය ආරක්ෂක අැමතිනී නිර්මලා සීතාරාමන් පවසයි.

පසුගියදා මාධ්‍යවේදීන් පිරිසක් නැගූ පැණයකට පිළිතුරු ලබාදෙමින් අාරක්ෂක අැමතිවරිය මේ බව ප්‍රකාශ කර ඇත. අැයගේ ප්‍රකාශය වාර්තා කරන ඉන්දිය මාධ්‍ය, හම්බන්තොට වරාය අාශ්‍රිත භූමි ප්‍රමාණයක් පවරා දී අැති නිසා චීනය නාවික කටයුතුවලින් ඔබ්බට වෙනත් අරමුණු සදහා ඒම ස්ථානය යොදාගන්නට කටයුතු කරනු ඇති බවටයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරියගේ අදහස වූ බව වාර්තා කර තිබේ.

පසුගිය මසදී වසර 99ක බදු පදනම යටතේ හම්බන්තොට – මාගම්පුර වරාය චීන සමාගමකට පවරා දෙනු ලැබුණේ විශාල මහජන විරෝධයක් මැදය. ඉන්දියාවට සහ ඒක්සත් ජනපදය වැනි බටහිර රාජ්‍යයන්ටද වෙනත් වරප්‍රසාද දෙමින් චීනයේ අල්ලීම් අනුව කටයුතු කරන අතර ඒම රාජ්‍යයන් අතර ප්‍රතිවිරෝධතා ලංකාවේ දේශපාලන අාර්ථිකයට ඍජුව බලපාන බව මින් පෙර මෙරට විද්වතුන් විසින් අනතුරු අගවා තිබිණි.