தமிழ்
English
Contact
Saturday 17th February 2018    
දුෂ්ට බලවේග යළි බලයට පැමිණීම ගැන ජනතාව වගකිව යුතුයි ! - අනුර දිසානායක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දුෂ්ට බලවේග යළි බලයට පැමිණීම ගැන ජනතාව වගකිව යුතුයි ! – අනුර දිසානායක



2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයෙන් සහ අගෝස්තු මහමැතිවරණයෙන් පරාජිත වූ දුෂ්ට බලවේග යළි බලය ලබාගෙන තීබීම සම්බන්ධයෙන් ජනතාවද වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

පළාත්පාලන මැතිවරණයෙන් ලද ප්‍රතිඵලය සම්බන්ධව අදහස් පළ කරමින් ඔහු ෙම් බව ප්‍රකාශ කළේ ඊයේ(11) පැලවත්ත ජ.වි.පෙ. මූලස්ථානයේ පැවැති ජනමාධ්‍ය හමුවකදීය. තම පක්ෂය අපෙක්ෂා කළ මට්ටමේ ප්‍රතිඵලයක් නොලැබුනු බව ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඒහිදී ප්‍රකාශ කර අැති අතර පක්ෂය 2011 පළාත්පාලන මැතිවරණයට වඩා ඡන්ද ප්‍රමාණයක්, ඡන්ද ප්‍රතිශතයක්, මන්ත්‍රි ධුර හා මන්ත්‍රී දුර ප්‍රතිශතයක් හිමිකරගෙන අැති බව ඒහු ඒහිදී පෙන්වා දී අැත.

දුෂ්ඨ බලවේග යළි බලයට පැමිණීම ගැන  ජ.වි.පෙ. නායකයා පළ කළ අදහස මෙසේය.

“ජනවාරි අටවැනිදා පරාජයට පත් කළ දුෂ්ඨ බලවේග, මහජන දේපල තමන්ට  ඕනැ විදියට පරිහරණය කළ බලවේග, ප‍්‍රජාතන්ත‍්‍රවාදය කිසිසේත්ම මායිම් නොකර බලය වෙනුවෙන්  ඕනැම දෙයක් කරන්න සුදානම් බලවේග ඒ වගේම රටේ යම් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න කටයුතු කළ බලවේග රටේ තිබුණා.ඒ බලවේග යළි ගෙන එන්න ජනතාව කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් රාජපක්ෂ බලවේග යළි ගෙන එන්න කටයුතු කර තිබෙනවා.

ජනතාව පැත්තෙන්  කල්පනා කර බැලූවොත් මෙතැන් සිට දිගහැරෙන දේශපාලන කි‍්‍රයාදාමය අනුව මේ පළාත් පාලන ආයතන වලින් සිදුවන ජනතා සේවයට මේ ආයතනවල පාලනය බලපෑම් කරනවා. අපි හිතන්නේ ජනතාවටත් මේ ගැන වගකීමක් තිබෙනවා. එසේ නම් මේ වැනි අපරාධකාරි කණ්ඩායමක් යළි ගෙන එන්න කටයුතු කිරීම තුළ ඇතිවිය හැකි හානියට ජනතාවටත් අත් හැරිය නොහැකි වගකීමක් තියෙනවා. පොදුවේ අපේ රට  අවුරුදු 70 ක් පාලනය කරල තියෙන්නේ මේ දෙපක්ෂය විසින්. ආර්ථිකය කඩා වැටීමට මේ අය බලයට පැමිණිම හේතු වෙනවා නම් පොදු ජනතාවටත් වගකීමක් තිබෙනවා මොවුන් පත් කීරීම ගැන.“

පලාත්පාලන ඡන්ද ප්‍රතිඵලයත් සමග ජනතා විමුක්ති පෙරමුණට ඔවුන් අපෙක්ෂා කරපු අකාරයේ ප්‍රතිඵලයක් නොලැබිම හේතුවෙන් නැවතත් ජනතාව රැවටී ඇති බව ටිල්වින් සිල්වා මෙම මාධය හමුවේදී පැවසීය.

විශේෂයෙන් තිස්සමහාරමය ඇතුළු පලාත්පාලන ආයතන දහයක පමණ බලය ලාබාගන්නා බවටද, තමන් නායකත්වය දෙන බණ්ඩාරවෙල නගර සභාව සදහා තරග කරන ස්වාධීන කන්ඩායම ජයගන්නා බවද විවිධ මාධ්‍ය ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශකර තිබුණි. දූෂණ මර්දනය, හොරු ඇල්ලිම මූලික සටන්පාඨය කරගත් ජනතා විමුක්ති පෙරමුනට කලාකරුවන්, විද්වතුන්, විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් ඇතුලු සිවිල් සංවිධාන විශාල ප්‍රමානයක සහයද මෙවර ලැබුනි. එවැනි පසුබිමක් තුළ පවා කිසිදු පලාත්පාලන අයතනයක් ජයගැන්මට එම පක්ෂයට නොහැකිවි ඇත. එමෙන්ම ඔවුන් නායකත්වය බණ්ඩාරවෙළ ස්වාධීන කණ්ඩායමට ජයගැනීමට හැකි වූයේ එක් ආසනයක් පමනි.

ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ, පලාත්පාලන අායතන  පිහිටුවා අවුරුද්දක් පමන යනවිට ජනතාවට දැනගැනිමට හැකිවනු බවත්, තමන්ට ලාබාගන්න තිබුනු දෙයක් නැතිවිම පිලිබදව එම ජනතාවට එම ජනතාවට පසුතැවිමට සිදුවන බවත්ය.