Posted on 02.20.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අාණ්ඩුවේ බලපොරය නිසා රට අරාජිකව අැතත් ජනවාරි 8 ජනවරමෙන් අාණ්ඩුවට ලබාදුන් ජයග්‍රහණය අාරක්සා කළ යුතු බවද ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි. රටේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (19) පැවති පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් ජ.වි.පෙ. නායකයා මේ බව පැවසීය. අරාජික බව විසදාගන්නට හැකිවන්නේ ජනවාරි 8 ජයග්‍රහණ වෙනුවෙන් පෙනී සිටියහොත් පමණක් බවද ඔහු ඒහිදී පෙන්වා දුන්නේය.
ඔහු දැක්වූ අදහස් අතරින් උපුටාගත් ෙකාටස් පහත පළ වේ.
“පළාත්පාලන මැතිවරණයෙන් පසුව අාණ්ඩුවේ බල ෙපාරය ඉස්මතු වී තිබෙනවා. මේක ජනමත විචාරණයක් බව සමහරු කියනවා. නමුත් මේ මැතිවරණයට එක් එක් දේශපාලන ධාරාවන් තම තමන්ගේ දේශපාලන මතයක් එක්ක ඉදිරිපත් වුණා. පළාත් පාලන මැතිවරණ විග්‍රහ කළොත් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරන්න ඉඩ තිබෙන්නේ ආණ්ඩු පාර්ශ්වය. හැබැයි මෙවර ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්ව විශාලම පසුබෑමකට ලක්වී තිබෙනවා. එජාපය බරපතලම කඩා වැටීමට ලක් වී තිබෙනවා. ඒ වගේම ශ්‍රීලනිපය ජනාධිපතිධුරයත් අතේ තියාගෙන මැතිවරණයට එළඹුනා. ශ්‍රීලනිපය ඩාලි පාරේ නෙමෙයි වෙන තැනක තිබෙන බව පෙන්නුම් කර තිබෙනවා. එය පිළිගත යුතුයි. අපි අපේකෂා කළ ප්‍රතිඵලය නොවූවත් වැඩිපුර ඡන්ද අරගෙන තිබෙනවා. මේ මැතිවරණයෙන් උතුරේ දේශපාලන ප්‍රතිඵලය ගැනත් අවධානය යොමු කළ යුතුයි. මේ මැතිවරණය හැම දේශපාලන ව්‍යාපාරයක් ගැනම නැවත හැරී බලන්න උගන්වනවා.”
මෙම අර්බුදකාරී තත්වයට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර බලපොරය බලපා අැතිබවද අනුර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.
“ජනාධිපතිවරයා ආයෙත් පුටුවේ වාඩි වෙන්න සිහින මවන්න එපා. අගමැතිවරයාත් ජනාධිපති පුටුවේ වාඩි වෙන්න සිහින දකින්න එපා. දෙදෙනාම කරන බල සූදුව නතර කරන්න. ජනවාරි අට වැනිදා එකතු වූ බලවේග ආයේ කවදාවත් එකතු වෙන්නේ නෑ. පාර්ලිමේන්තුවේ කුණුමාළු වගේ විකිණෙන අය ගොඩක් ඉන්නවා. කොට විකිණෙනවා වගේ විකිණෙන කණ්ඩායමක් ඉන්නවා. එහෙම ඔළුගෙඩි මාරු කරලා ආණ්ඩුවක් ස්ථාවර කර ගන්න බෑ. ආණ්ඩුව ස්ථාවර කර ගත හැක්කේ ජනවාරි අට අභිලාෂය ඉටු කරනවා නම් පමණයි. අද ජනතාව වෙනදට වඩා සක්‍රීයයි. ජනවාරි අට වෙනිදා අභිලාෂය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටිනවා‘“