Posted on 11.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුවේ පාර්ශ්ව පළාත්පාලන මැතිවරණ කල්දැමීමට කටයුතු කරන බවත්ට හිතන්න බැරි පාර්ශ්ව සමග වුවද එක්ව ඊට එරෙහිව කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.
අද පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් පළාත්පාලන මැතිවරණ ගැසට් පත්‍රයට එරෙහිව අභියාචනා අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීම සම්බන්ධව අදහස් දැක්වු මන්ත‍්‍රීවරයා පවසා සිටියේ දේශපාලනයේදී කොතෙක් වෙනස්කම් පැවතියත් මැතිවරණය දිනාගැනීමේ සටනට නායකත්වය දෙන බව කීය. ඒ අරමුණ වෙනුවෙන් ඕනෑම පර්ශවයක් ඒකාබද්ධ කරගැනීමට තම පක්ෂය පසුබට නොවන බවද ජ.වි.පෙ. නායකයා එහිදී පැවසීය. අපේක්ෂිත පළාත්පාලන මැතිවරණ සංශෝධනය වෙනුවෙන් උපරිම වශයෙන් තම පක්ෂයේ දායකත්වය ලබා දුන් බවද එහිදී පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් වැය කළ බවද ඔහු සිහිපත් කළේය.
පළාත්පාලන ආයතනවල සීමා සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කෙරෙන ආඥාවක් ඉල්ලා පළාත්පාලන ආයතන 6 ක ඡන්ද දායකයන් පිරිසක් ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණයේදී සළකා බැලීමට තීරණය කර තිබේ.