Posted on 03.03.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අැමතිධූරය වෙනස්වනු අැත්තේ ඊළඟ අැමති මණ්ඩල සංශෝධනයේ දී බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
එම අමාත්‍යාංශය අපක්ෂපාති හා රටේ වංචාවවට දූෂණයට එරෙහි වන පාතලයත් මත්ද්‍රව්‍ය වංසගතයත් මැඩලිය හැකි පුද්ගලයකුට හිමිවිය යුතු බව අමරවීර අැමිවරයා ප්‍රකාශ කළේ ඊයේ(2) අගුණකොළපැලැස්සේ පැවති උත්සවයකදීය. පසුගියදා සිදුවු කැබිනට් සංශෝධනය තමන් බලාපොරොත්තු වූ ආකාරයෙන් වෙනසක් සිදු නොවු බවත් මීට වඩා වෙනසක් කැබිනට් සංශෝධනයේ දී බලාපරොත්තු වුණ නමුත් ජනාධිපතිතුමාගේ තීරණවලට ගරු කරන බවත් ඔහු කීය.
නමුත් පළාත්පාලන මැතිවරණයෙන් පසුව ඒක්සත් ජාතික පක්ෂය සමග හවුල් අාණ්ඩුවේ කටයුතු සියතට ගැනීමට තැත්කරන බව අගවමින් අගමැති ධුරය වෙනස් කරන බවට මහා ෙඝා්ෂාවක් කළේ ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන අැතුලු ශ්‍රිල.නි.ප. අැමතිවරුය. ඉන්පසුව ඒය හුදු කතාවක් වූ අතර පසුව ඒහි ක්‍රියාකාරිත්වය කැබිනට් අැමති සංශෝධනයක් දක්වා පහලට වැටුණි. දින ගනනක් පස්සට දැමුනු අැමති සංශෝධනය පසුව ක්‍රියාවට නැගුණේ අැමතිකම් මාරු කිරීමක් දක්වා පමණකි. දැන් අමරවීර අැමතිවරයා පවසන අාකාරයට දින නියමයක් නැති මීළග අැමති සංෙශා්ධනයක් ෙතක් නීතිය හා සාමය පිලිබද අැමතිකම අගමැතිවරයා අත පවතිනු අැත.