Posted on 04.22.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
‘ලංකාවීව්ස්’ සහෘදයිනි,
ඔබගේ සහෘද වෙබ් අඩවිය වෙත නැවත සාදරයෙන් පිළිගනිමු. පසුගිය අප්‍රේල් 14 සිට 21 වැනිදා දක්වා සතියක් මුලුල්ලේ ‘ලංකාවීව්ස්‘ වෙබ් අඩවිය වෙත ප්‍රවේශවීමේ ගැටලුවක් පැවති බව ඔබ විින් වරින්වර පැමිණිලි ඉදිරිපත් කර තිබිණි. ඒ නිසාම සංස්කාරකවරුන්ටද වෙබ් අඩවි පාලක පැනලයට ප්‍රවේශවීමට නොහැකි වීමෙන් වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමද ඇණහිට තිබිණි.
වෙබ් සේවා සැපයුම් ගැටලුවක් නිසා ඇති වූ මෙම කණගාටුදායක තත්වය පිළිබද ඔබ වෙත කණගාටුව පළ කරමු. අප වෙබ් අඩවිය ආරම්භය් සිට විවිද අන්දමේ ගැටලුවල බාධාවන් මැද සහ බාධාකිරීම් මැද පවත්වා ගෙන ආ බව ඔබ දන්නවා ඇත. එසේම වෙබ් සැපයුම් සදහා අධික මිලක් වැය කිරීමට සිදුවන තත්වයක් තුළ තාක්ෂනික වශයෙන් ඉහළම තත්වයක පවත්වාගෙන යාමේ ගැටලු අප වෙත ඇත. මෙවර අප මුහුණ දුන්නේ එවැනි තත්වයකට බව සහෘද ඔබ දැන ගත යුතුව ඇත.
එම තාක්ෂනික ගැටලු දිගින් දිගටම පැමිනෙන්නනේ නම් වෙනත් සේවා සැපයුමක් වෙත යාමට වියදමක් දරන්නට සිදුවනු ඇත. ඒ නිසා ඉදිරියේදී තාක්ෂනික ගැටලු නිවැරදි කරගනිමින් වෙබ් අඩවියේ සේවය ඔබ වෙත ගනෙ එන්නට අපේක්ෂා කරමු.
– ලංකාවීව්ස් සංස්කාරක මණ්ඩලය