Posted on 01.17.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මෙෙත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට සිදුව අැත්තේ තමන්ට සිදු වූ දේම බව හිටපු ජනාධිපති කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසයි.
ඊයේ කඩුවෙල පැවති පොදුජන පෙරමුණේ පළාත්පාලන මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය. “මට වෙච්ච දේම මෙෙත්‍රිටත් වුණා. සමහරවිට වටේ ඉන්න අයගෙ කීමට ඒයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය අහන්න අැති. නමුත් දැන් අවුරුද්දකින් ධුරකාලය අඩු වුණාම ඒක පරිත්‍යාගයක් කියනවා. වැඩේ වැරදුණාම ඒ්ක පරිත්‍යාගයක්ලු. මට වෙච්ච වැඩේම ඒයාටත් වුණා. දැන් මටයි කිව්වෙ ඒ්කාධිපතියා කියලා. දැන් කවුද ඒ්කාධිපතියා. මේවට තමයි දිට්ටධම්මවේදනීය කරම කියන්නෙ. හැබැයි දේවල් නැති වෙනකොට තමයි මිනිස්සු අදුරගන්න පුලුවන්.”
මේ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුර කාලය ලෙස මෙෙත්‍රිපාල සිරිසේනට අැත්තේ පස් වසරක් පමණක් බව කීම නිසා සතුටට පත්ව සිටින බව පෙනී යයි. තමන් විසින් නක්ෂත්‍රකරුවන්ගෙන් විමසා නැවත ජනාධිපති ධුරය හිමිකර ගන්නට වේලාසනින් ජනාධිපකිවරණය කැදවීම නිසා ජනාදිපතිකම දරන්නට තිබුනු කාලයත් අහිමි වූ බව මහින්ද රාජපක්ෂ මෙසේ පසුතැවිලි සහගතව පිළිගෙන අැත.