Posted on 01.30.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තම විරුද්ධවාදීන් කොතරම් චෝදනා කළද තමන් ජාතිවාදියකු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
පොදු ජන පෙරමුණ සංවිධානය කර තිබූ මහරගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කළේය
යුද්ධය සමයේ සියලු ජනයාට සාමය උදාකිරීමට කටයුතු කල බවද වර්තමානය වන විට සංහිඳියාවට මුවාවෙන් සිදු කෙරෙන ජාතිවාදී ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බව හිටපු ජනාධිපතිවරයා පවසයි. තමන්ගේ පාලනය සමයේ සිදුවූ අැතැම් ක්‍රියාකාරකම්වලට තමන් කිසිදු සම්බන්ධයක් නැති බවද ඒ්වා විරුද්ධවාදින් විසින් තමා අප්‍රසාදයට පත්කිරීමට මෙවැනි කෙතරම් චෝදනා කළද තමන් ජාතිවාදියෙකු නොවන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරණයේදී සුලුතර ජාතික ප්‍රජාව නියෝජනය වන ඡන්ද මහින්ද රාජපක්ෂට නොලැබුණේ විශේෂයෙන් මුස්ලිම් ජනයා ඡන්දය ලබා නොදුන්නේ බොද්බල සේනා, සිහල රාවය, රාවණා බලය වැනි සංවිධාන පසුපස රාජපක්ෂ අාණ්ඩුව සිටි නිසා බව කතාබහට ලක් විය. අාරක්ෂක අමාත්‍යංශයේ ෙල්කම් ෙලස ගේාඨභය ාජපක්ෂ බොදුබල සේනා සංවිධානයේ ගාලු දිස්ත්‍රික්ක මධයස්ථානය විවෘත කරන්නට අාරාදිතයා ලෙසද සහභාගි විය. ඉන්පසුව විවිධ ප්‍රදේශවල බොදුබල සේනා වැනි සංවිධානවලින් මුස්ලිම් ජනයාට ඔවුන්ගේ ව්‍යාපාරික ස්ානවලට පහර දුන් නමුත් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයකින් ඊට වගකිවයුත්තන් අධිකරණය හමුවට ගෙන අාවේ නැත.