Posted on 02.12.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය නොකළ පළාත්පාලන අායතනවල බලය ඒම පෙරමුණ සමග ඒක්ව පිහිටුවන්නටත් හැකි අවස්ථාවලදී සහයෝගයෙන් කටයුතු කරන්නටත් කටයුතු කරන ලෙස ජනාධිපති ෙමෙත්‍රිපාල සිරිසේන විසින් තමන්ට පක්ෂපාත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අැමතිවරුන්ට සහ සංවිධායකවරුන්ට උපදෙස් දී අැති බව දැනගන්නට අැත.
ඊයේ (11) රාත්‍රි ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඊට සහභාගි වූ ශ්‍රීල.නි.ප. ජේෂ්ඨයන් ජනමාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ දැනෙන වෙනසක් කරන්නට තින්දු ගත් බව සහ දින කිහිපයක් ගතවන විට ඒ් තීරණ මොනවාද යන්න දැනගත හැකිවනු අැති බවය. ඒ් අනුව පෙනී යන්නේ වාසිදායක තත්වයක් ළගා කරගන්නට නම් පැරණි කෝන්තර අත්හැර දමා මහින්ද රාජපක්ෂ කණ්ඩායම සමග ඒකගතාවකට යන්නට සිදුවන බව ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බවයි. වසර තුනක් තිස්සේ රාජපක්ෂ කල්ලිය සම්බන්ධ වංචා දූෂණ අාදිය පිළිබද ප්‍රකාශ නිකුත් කළා මිස නීති ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන්නට හවුල් අාණ්ඩුව කටයුතු කළේ නැත. මැතිවරණය අාසන්නයේ පමණක් ජනාධිපතිවරයා හීනයකින් අවදි වූ අාකාරයෙන් ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කළද අවසානෙය් දේශපාලන ගනුදෙනුවකින් මහින්ද රාජපක්ෂ අැතුළු විපක්ෂයේ බලවේග සමග ඒකගතා අැතිකරගන්නට ඔහු සූදානම් බව මෙයින් පැහැදිලි වේ.
ජනතාව විසින් 2015දී ජනාධිපතිවරයාට සහ ඔහු සමග ඒක්සත් ජාතික පක්ෂය අැති කළ හවුල් අාණ්ඩුවට ඡන්දය දී අෙප්ක්ෂා කළේ රාජපක්ෂ රෙජීමයේ දූෂිත සහ අවනීතික ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය වෙනුවට වඩා යහපත් පාලනයක් බිහි කිරීම වුවද ඔවුන් දැන් රාජපක්ෂ අාණ්ඩුවට සම්බන්ධ කිසිදු වංචාවක් හෝ දූසිතයෙක් නීතිය ඉදිරියට ගෙනැවිත් නැත. ඒ් අතරම බලය ස්ථාපිත කරගන්නට රහසිගත ගනුදෙනු කරමින් පවතී. පළාත්පාලන මැතිවරණයේදී ද පසුගිය 2015 ජනාධිපතිවරණෙය් සහ මහමැතිවරණයේදී ජනතාව දුන් ඡන්ද වෙනුවට පාලකයන්ට දේශපාලන බලය වැදගත් බව මෙයින් සනාථ වේ.