தமிழ்
English
Contact
Tuesday 26th December 2017    
මාතරදී සිසුවකු පැහැරගෙන යාමේ උත්සාහයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාතරදී සිසුවකු පැහැරගෙන යාමේ උත්සාහයක්!



මාතර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක් අසලදී  ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු පැහැරගෙන යාමට නාදුනන පුද්ගලයන් දෙනෙකු විසින්  ගත් උත්සාහයක් අද (01) වැලකී ගියේය.

මාතර වෙලෙවත්ත සිසු නේවාසිකාගාරය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිනි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට උත්සාහ ගන්නා ලදී.

සයිටම් විරෝධී අරගලයට සම්බන්ධ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ලැයිස්තුගතකර ඔවුන් අත්අඩංගුවට ගැනීමට හෝ බලහත්කාරයෙන් පැහැරගෙන යාමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව දැන් සිදුවීම් කිහිපයක් තුළින් හෙළිව තිබේ. ඇතැම් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ගේ නිවෙස්වලට ගොස් මව්පියන්ට තර්ජනය කිරීම හා දරුවන් පොලිසියට භාර නොදුන්හොත් ඔවුන්ගේ ජිවිතවලට ඇතිවන අවදානම ගැන වගකීමක් නොගන්නා බවටද ප්‍රකාශ කර තිබිණි.