Posted on 08.14.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුවේ ඇමතිවරු අද මාධ්‍යෙව්දින්ගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරිව දුවන නමුත් සයිටම් විරෝධී අරගලයට මර්දනයෙන් උත්තර දෙනව නම් ඉදිරියෙදි පාලකයන් සියලු දෙනාට දුවන්න සිදුවනු ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර අවධාරනය කරයි.
සයිටම් විරෝධී සිසු-ජන සමුළුවට පිළිබඳව කැඳවුම්කරු ළහිරු වීරසේකර පසුගිය 13 වැනිදා පැවැත්වූ ජනමාධ්‍ය සාකච්ඡාවේදී ඔහු විසින් මේ අදහස් පළ කරන ලදී.
සයිටම් විරෝධී සිසු-ජන සමුළුවට පිළිබඳව අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු එම ජනමාධ්‍ය සාකච්ඡාවේදී පළ කළ අදහස් මෙසේය.
“අද අපි මේ සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය විදියට මේ මාධ්‍ය සාකච්චාව පවත්වන්නෙ. එම ව්‍යාපාරය නියෝජනය කරන සංවිධානවල නියෝජිතයන් පිරිසකුත් මේ මාධ්‍ය සාකච්ඡුාවට එක්ව සිටිනවා.
අපි දන්නවා මේ වනවිට වසර ගණනාවක් ඉදිරියට ගෙන ගිය සයිටම් විරෝධී අරගලය සහ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙළෙද භාණ්ඩයක් කිරීමට එරෙහි අරගලය දැන් තීරනාත්මක මන්සන්ධියකට පැමින තිබෙනවා. සමාජයේ සියලූ දෙනා මේ ඉල්ලීම් පිළිබද මේ අරගලය පිළිබද අවදානයෙන් සංවේදීව බලන අවස්ථාවක අපි ඉන්නෙ. නමුත් අප දකින කාරණයක් තිබෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරය නෙ ගිය අරගලයට දැන් විවිධ සංවිධාන හා බලවේග ඒකරාශි වෙලා සහයෝගය දක්වමින් විරෝධතා ක‍්‍රියාමාර්ගවලට පැමිණ සිටිනවා. නිදහස් සෞඛ්‍ය සේවය හා නිදහස් අධ්‍යාපනය මේ රටේ ජනතාවගේ අයිතියක් කියන පිළිගැනීම යටතේ මේ අරගලය පුලූල් බලවේග නියෝජනය කරන ජනතා අරගලයක් බවට පරිවර්තනය වෙලා ඉවරයි.
නමුත් තවමත් සටන් කරන බලවේග මර්දනය කරලා ඔවුන්ගෙ ඉල්ලීම් වෙනුවට මර්දනය කරන එක මේ පාලකයන්ගෙ විසඳුම බවට පත් වෙලා තියෙනවා. ඔබ දන්නවා සයිටම් ආයතනය පටන් ගත්ත පහුගිය රාජපක්ෂ ආණ්ඩුව විසින් මේ අරගලයෙ යෙදුණු වරදට ශිෂ්‍යයන් 1423ක් පන්ති තහනම් කළා. ඒ අරගලයෙදි සිසුන් තුන්දෙනෙක් ඝාතනය කෙරුණා. දැන් ශිෂ්‍ය මර්දනය ගැන කියමින් ආව වර්තමාන ආණ්ඩුව සිදුකරමින් ඉන්නෙත් එම ක‍්‍රියාදාමයමයි. රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩු බලයට පත් වෙන්න කලින් කිව්වෙ වරාය නගර ව්‍යාපෘතිය නවතා දමන බවයි. නමුත් එය ඉදිරියටම කරගෙන යනවා. තෙල් සංස්ථා සේවකයන් පසුගිය දිනවල වැඩවර්ජනයක් කලේ මේ රටේ ජනතාවට අයත් සම්පත් විකුණා දමන්න එපා කියන ඉල්ලීම යටතේ. ඒ සේවකයන්ට මැරයන් යොදවා පහර දුන්නා. වෘත්තිය සමිති නායකයන් අත්අඩංගුවට අරගෙන නඩු පැවරුවා. මේ නීතියම මේ පද්ධතියම තමයි ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්නත් පාවිච්චි කරන්නෙ. ශිෂ්‍ය නාවකයන් සිරගත කළේ මේ නීති පද්ධතියම යොදාගෙනයි.
හැබැයි අද වනතුරු පහර දුන් මැරයන් සම්බන්ධව නීතිය ක‍්‍රියාත්මක වෙලා නෑ. පොලිස් නිලධාරින් බල ඉඳිද්දි මැරයන් පහර දුන්නෙ. දැන් අධයාපනය හා සෞඛ්‍ය පමණක් නෙවෙයි ජනතාවට අයත් සියල්ල විකුණා දමන්න තීන්දු කරලා තියෙන්නෙ. මේ රටේ ජනතාව ප‍්‍රතික්ෂේප කළ නිසා ඡුන්දයෙන් පත්වෙන්න බැරිව ජාතික ලැයිස්තුවෙන් පත් වූ එස්.බී. දිසානායක ඇමතිවරයා කිව්වා ඒ ගහපු එක ගැන තමන් සංතෝශ වන බව. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කියපු ආණ්ඩුවක ඇමතිවරයෙක් කියනවා මං ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එච්චර කැමති නෑනෙ කියලා. එහෙම නං එස්.බී. දිසානායක ඇමතිවරයා ගැන ගන්න පියවර මොකක්ද? අපට එස්.බී. දිසානායක ගැන විතරක් නෙවෙයි, මේ ආණ්ඩුවම ඉන්න ස්ථාවරය ඒක. එස්.බී. ඇමතිගෙ කටින් පනින්නෙ මේ පාලකයන්ගෙ අදහස තමයි. ඒ නිසා අපට තවදුරටත් මේ සටන තුළ ආණ්ඩුව විශ්වාස කරමින්, ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විශ්වාස කරමින් ඇමතිවරු විශ්වාස කරමින් කටයුතු කරන්න හැකියාවක් ඉතිරි වෙලා නෑ. ඉතිහාසය තුළ මේ පාලකයන් උත්සාහ කළේ මොන ක‍්‍රමයකින් හරි අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ ජනතාවගෙ අයිතිවාසිකම් කප්පාදු කරමින් ඒවා වෙළෙඳපොළේ විකිනෙන භාණ්ඩ බවට පත් කරන එක. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු ප‍්‍රගතිශීලී බලවේග පාලකයන්ට දුන් පණිවිඩයක් තිබෙනවා. ඒ මොනතරම් මර්දනය බලහත්කාරය යොදවන්න හැදුවත් ඒක පරද්දන්න ජනතාවගෙ බලය සමත් කියන එක. අද මේ අරගලය ඇවති තියෙන තැන විශේෂයි. ශිෂ්‍ය ව්‍යාපාරය විදියට අපට කියන්න වෙන්නෙ කාලයක් තිස්සේ ශිෂ්‍ය පාගමන්, සිය ගණනින් එක් වෙලා කළ විරෝධතා අවසානයේ ජනතාවගේ විවිධ බලවේග මේ සටනට සහයෝගය දක්වන්න එක් වෙලා ඉවරයි. ඒ නිසා මේ සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය වශයෙන් අද එකතු වෙලා ඉන්න සියලූ බලවේග සමග ජනතා අරගලයක් බවට මේ සටන පත්ව තිබෙනවා. පන්ති වර්ජනයක දින පන්සිය ගණනක් හිටිය වෛi ශිෂ්‍යයන්, වෛiවරු වැඩවර්ජනය කළා, ගුරුවරු එක් අවස්ථාවක ඒ අරගලයට සහය දෙමින් අරගලයට එක් වුණා. දුම්රිය සේවකයන් අතුළු කම්කරුවන් අරගලයට එක් වුණා. ඒ සියලූ බලවේග ඒකරාශිවන නිසාම තමයි ආණ්ඩුව එක් වෙලාවක ජනතාවගේ මුදල්වලින් පෝස්ටර් ගහලා, පුවත්පත් දැන්වීම් ඇතුළු ජනමාධ්‍යයෙන් විශාල ප‍්‍රචාරයක් දුන්නා නෙවිල් ප‍්‍රනාන්දුගෙ රෝහලට. නමුත් දැන් රෝහල පවරාගත්ත එක බොරුවක් නේද කියලා රාජිත සේනාරත්න ඇමතිගෙන් මාධ්‍යවේදීන් අහනකොට එයා උත්තර දේනනෙ නැතිව දුවනවා. කලින් ඡුන්ඩිපාට් දැම්මෙ, කලින් තෙල් ටැංකි විකුනනවා තමයි, වරාය දෙනවා තමයි ඇයි මොකද එක එක්කෙනාට ඔන විදියට අපි වැඩ කරන්නෙ නෑ කියපු කෙනා මේ.
ජනාධිපතිවරයා කියන්නෙ සුළුපිරිසක් නිසා බහුතරය පීඩාවට පත් කරන්නෙ නෑ කියලා. එදාම කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශ කරනවා කැබිනට් එකේ අපට ඕන විදියට තමයි කරන්නෙ කියලා. එක්කො ජනාධිපතිවරයා සුලූතරය සහ බහුතරය කියන එක දන්නෙ නෑ. එතුමා නිවැරදිව කියන්නෙ සුළුතරයක් නිසා බහුතරයට පීඩාවට පත් වෙන්න දෙන්න බෑ කියලා. දැන් මේ විධායකය හා ව්‍යවස්ථාදායකය නියෝජනය කරන සුලූතරය නිසා බහුතරය පීඩාවට පත් වෙලා තියෙන්නෙ. මේ ටේ බහුතරයට සෞඛ්‍ය පිළිබඳ අයිතිය අහිමි වෙලා නැද්ද, අධ්‍යාපන අයිතිය අහිමි වෙලා නැද්ද, ජීවත්වීමේ අයිතිය අහිමි වෙලා නැද්ද කියන ප‍්‍රශ්නය අපි අහනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බලකරලා කියනවා, මේ බලවේග එකතු වෙලා ඉන්නෙ මාධය ාකච්ඡුා තියන් නෙවෙයි, නිශ්චිතව මේ සම්බන්ධව ක‍්‍රියාමාර්ගවලට යන්න වෙනවා. වෛi පීඨවල සහෝදර සහෝදරයින් මාස 7ක් පන්ති වර්ජනයක නිරත වෙලා ඉන්නෙ. සත්‍යග‍්‍රහ අට්ටාල තවමත් ක‍්‍රියාත්මකයි. ඒ නිසා මේ අරගලයෙ ඉදිරි ක‍්‍රියාමාර්ගවලට යන්න අපි සූදානම්. ඒ නිසා අගෝස්තු 15 වැනිදා මේ සංවිධාන සියල්ලම ඒකාබද්ධ වෙලා නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේදි සිසු ජන සමුළුව පවත්වනවා. ඒ සමුළුවෙදි අපි එකතු වෙලා මේ රටේ ශිෂ්‍යයන්ට, කම්කරුවන් ඇතුළු ජනතාවට මේ ප‍්‍රහ්නය විසඳාගන්න සිදුවෙන නිසා ඒකට අදාළ ක‍්‍රියාමාර්ග මොනවද කියන තීන්දුව අපි ගන්නවා. අද ඒ සම්බන්ධව අප අතර පැවති සාකච්ඡුාවෙදි අදහස් ප‍්‍රමාණයක් එකතු කරගත්තා. ඒ සාකච්ඡුාවලින් අපි 15 වැනිදා සමුළුවට යෝජනා ඉදිරිපත් කරලා සම්මත කරන්න අදහස් කරගෙන ඉන්නවා. අද සහභාග වෙලා ඉන්නෙ සංවිධාන නියෝජිතයන්. තවත් සංවිදාන ගනනාවක් එම සමුළුවට සහභාගි වෙන්න සූදානමින් ඉන්නවා.
ඒ නිසා අපි පාලකයන්ට කියනවා එක වැදගත් කාරණයක්. මේ ප‍්‍රශ්නයට නීති පාවිච්චි කරලා, නඩු දාලා, හිරගත කරලා ඇප කොන්ේසි දාලා මේ ප‍්‍රශ්නයට විසඳුම් නොදී පොදු දේපළ හානි කරලා තියෙනවා කියලා බොරු චෝදනාවලින් හිරකරන්න හදනවා. දැන් රයන් සහෝදරයා පැහැරගන්න පිරිසක් ඇවිත් උත්සාහ කරපු වෙලාවෙ ඒක වලක්වන්න කටයුතු කරපු පිරිස අත්අඩංගුවට ගන්න කියලා නියෝග නිකුත් කරලා තිබුණා. මේ තමයි ආණ්ඩුව කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදය. ඒ කියන්නෙ අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් අපට පෙනී ඉන්න බෑ. උන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අපි අපේ ජීවිත බිල්ලට දෙන්න ඕන එතකොට තමයි වහල්ලූ විදියට ජිවත් වෙන්න පුළුවන් කියලා ආණ්ඩුව කියන්නෙ. අපි කියනවා මේ සටනෙදි ඒකරාශිව සිටින සහයෝගය පළ කරන කිසිම බලවේගයක් ඒ විදියට නිවටයො විදියට ඉන්න සූදානම් නෑ. ඒ නිසා මේ කාරණාව, මේ ප‍්‍රශ්නය සරලව නම් ආණ්ඩුව ගන්නෙ අපි කියනවා ඉතාම බරපතළ තත්වයන්ට මුහුණ දෙන්න වෙයි. අපි දුෂ්කරතාවලට ඇද දමන එක පීඩාවට පත්කරවන එක ආණ්ඩුවෙ වැඩක් තමයි හැබැයි ඒ නිසා මේ වයාපාරය නැවත නැවතත්, තවදුරටත් ශක්තිමත් වෙමින් පන්නරය ලබන එකයි වෙන්නෙ. මේ සටනෙදි ශිෂ්‍ය වයාපාරය වේම අනෙකුත් බලවේග ඒක පෙන්නුම් කර තිබෙනවා.
දැන් අපි සයිටම් අහෝසි කරන්න කියන කොට ආන්ඩුව කියන්නෙ අපි නවිල් ප‍්‍රනාන්දු රෝහල ගත්තා කියලා. ඒක බොරුවක් කියලා ඔප්පු වෙනකොට උත්තර දෙන්න බැරිව ඇමතිවරු දුවනවා. අපි අද කියනවා ඔහොම නෙවෙයි දුවන්න වෙන්නෙ. එක්කෙනකේ ඔහොම දිව්වට ඔක්කොටම දුවන්නයි වෙන්නෙ. ජනතාවගේ බලයට අභියෝග කරන්න කිසිම බලවේගයකට බෑ, ඒ නිසා වඩාත් මේ අරගලය වටා ජනතාව ඒකරාහි වෙන බවයි කියන්න තියෙන්නෙ. ඒ නිසා සයිටම් අහෝසි කිරීම, නිදහස් අධයාපනයත් නිදහස් සෞඛ්‍යයත් වනසන මාලබේ සයිටම් අහෝසි කරනු කියන සටන් පාඨය යටතේ අප මේ සිසු ජන සමුලූව පවත්වනවා. ඉන් පස්සෙ මේ අරගලය පිළිබඳ අප ගන්නා තීරණ අනුව සටන ඉදිරියට ගෙනයන්න වැඩවර්ජන දක්වා ඉදිරියට ගෙන යන්න සැලසුම් සකස් කරන්න ක‍්‍රියාත්මක කරන්න අපි සූදානම්. අපි මේ රනිල් මෛත‍්‍රී හවුල් ආණ්ඩුවට කියනවා පුලූවන් නම් ම් ඔක්කොම හිරේ දාලා බලන්න මේක නවත්වන්න කියලා. ශිෂ්‍ය ව්‍යාපාරයෙ නායකයන් දවස් දාහතරක දාලා දවස් පනහකට කිට්ටු කාලයක් හිරගතකරලා තිබ්බා. නමුත් මේ සටන එක දසමයකින්වත් නවත්වන්න ආපස්සට යවන්න හැකිවුනේ නෑ. මේ සහයෝගය දෙන සහෝදරවරු මේ සටන අත්හැරලා ගියේ නෑ. වඩාත් ශක්තිමත්ව ඒකරාශි වුණා. අපි කියනවා අධ්‍යාපනය හා සේඛ්‍ය විකිණීමේ ප‍්‍රතිපත්තියටයි අපි විරුද්ධ වෙන්නෙ, ඒ ප‍්‍රතිපත්තිය අත්හැර දමලා වහාම සයිටම් අහෝසි කරන තීන්දුව ගන්න කියන අවධාරනය අපි කරනවා. නැත්නම් එදා එක්කෙනෙක් දිව්වෙ, ඒ වගේ දුවන්න පාලකයන් සියලූ දෙනාට සිදුවෙයි.