தமிழ்
English
Contact
Sunday 5th May 2019    
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළොත් වෙන අතක් බලා ගන්න වෙනවා - අතුරලියේ රතන හිමි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළොත් වෙන අතක් බලා ගන්න වෙනවා – අතුරලියේ රතන හිමි



ගල්යිෆොසෙට් තහනම ඉවත් කිරීමට අාණ්ඩුව පියවර ගන්නවා නම් වස විසෙන් තොර ගොවිතැන සඳහා කටයුතු කරන පිරිසක් සමඟ එක්වීමට තමන් සූදානම් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.
අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙම අදහස් පළ කළේය. ග්ලයිෆොසේට් වල් නාශකය සඳහා පනවා ඇති තහනම මෙතෙක් ඉවත් කර නොමැති බවද අදාළ තහනම ඉවත් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව  උන්වහන්සේ පවසයි. කෙසේවෙතත්  ග්ලයිෆොසේට් වල් නාශකය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට මේ වන විටත් යෝජනා ඉදිරිපත් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පසුගියදා ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. ග්ල්යිෆොසෙට් හානිකර බවට මේ දක්වා සනාථ කර නැති බවද පවසමින් ඔහු ප්‍රකාශ කළේ විවිධ පාර්ශ්වයන් රජයෙන් කළ ඉල්ලීම් විශාල ප්‍රමාණයක් නිසා තහනම ඉවත් කරන්නට සිදුව අැති බවයි.