Posted on 08.25.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය දින පැවති පාගමන් දෙකක් පදනම් කරගනිමින් ගොනුකළ නඩු දෙකක් අද කොටුව උසාවියේදී විභාගයට ගැනුණු අතර එම නඩු දෙක සදහා පෙනී නොසිටිබව චෝදනා නගමින් අද(25) වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් ලබන මස 07 දක්වා රක්ෂිත බන්දනාගරගත කරන ලදී. එහිදී ඇප ඉල්ලීමද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කරන ලදී.
ජූනි 21 දින සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුල්වී රාජ්‍ය දේපලවලට හනිකල බවට චෝදනා නගමින් රයන් ජයලත් දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අනෙක් නඩු නැවත කැදවීම අද දිනට යෙදී තිබුණි එම නඩුව තවමත් කැදවා නොමැතිව තිබියදී පැරණි නඩු දෙක පදනම කරගනිමින් මෙසේ ඔහු සැප්තැම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත ඇත.