தமிழ்
English
Contact
Saturday 7th April 2018    
ආණ්ඩුවේ SAITM පිලිබඳ පරණ විසඳුම නව මුහුණුවරකින් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුවේ SAITM පිලිබඳ පරණ විසඳුම නව මුහුණුවරකින්



SAITM ගැටළුව මූලික කරගනිමින් ආණ්ඩුව විසින් තවත් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාවලියට අනුව ඉදිරියේදී මාලඹේ SAITM ආයතන නාමය අහෝසි කර ලාභ නොලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යන බව පැවසේ.

අද(29) දින නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙම නව ආයතනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණයට යටත් කෙරෙන බව පැවසෙන නමුත් නවක සිසුන් බඳවා ගැනීමේදී දැන් පවතින ආකාරයෙන්ම මුදල් අයකෙරෙන බව තහවුරු කරමින් අඩු ආදායම් ලාභී පවුල් වල සිසුන්ට සහනදායී නය පහසුකම් ලබා දීම යටතේ එහි අධ්‍යාපනය ලැබීමට අවස්තාව ලබා දෙන බව දක්වා ඇත. SAITM ආයතනය ආරම්භයේදී මෙන්ම අවස්ථා ගණනාවකදීම මෙම ශිෂ්‍යත්ව ලබා දීම් හරහා අධ්‍යාපනය විකිණීම සාධාරණීකරණය කිරීමට උත්සාහ කර තිබුණි.

ආණ්ඩුව ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශය හරහා ගැසට් කිරීමට නියමිත වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය මත යෝජිත නව ආයතනයට බඳවා ගැනීම් කරන බව මෙම නිවේදනය හරහා නැවතත් ප්‍රකාශ කර ඇත.

මේ අනුව සුභසාධන වැය බරින් නිදහස් වී, සමාජ අයිතීන් වෙළඳපොළට යටත් කරලීමේ ආණ්ඩුවේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය ආරක්ෂා කරගනිමින් SAITM නාමය ඉවත් කර වෙනත් නමක් හරහා දැනට සිදු කෙරෙන අධ්‍යාපනය විකිණීම රජයේ ආයතන ද මැදිහත් කරගනිමින් එලෙසින්ම සිදු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර SAITM ගැටළුව විසදීමට බව පවසමින් කිහිප වතාවකදීම ලබා දුන් විසඳුම් වලට අමතරව මෙම යෝජනාවලියේ ද අලුතින් යමක් එක් කර නොමැති බව දක්නට ඇත.