Posted on 11.01.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
පසුගියදා SAITM ගැටළුව සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය හරහා මාලඹේ SAITM ආයතනය අහෝසි කිරීමක් හෝ ජනසතු කිරීමක් සිදු නොවන බව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරන ලදි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(01) දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
මෙම යෝජනාවලියට අනුව අදාළ නව ආයතනය හා සම්බන්ධ වීමට SLIT ආයතනයට අමතරව තවත් පෞද්ගලික ආයතන කිහිපයක්ම සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් මේ සඳහා රජය මැදිහත් නොවන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන ලදි.
ආණ්ඩුව පසුගියදා මෙලෙස ලබා දුන් යෝජනාවලිය හරහා අධ්‍යාපන පෞද්ගලීකරණය කිසිසේත් වෙනස් නොවන බවත් මෙම ප්‍රකාශය හරහා වඩාත් හොදින් තහවුරු වේ.
අදාල යෝජනාවලිය පිළිගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට සිය ස්ථාවරය වෙනස් කර ඇති අතර ඒ පිලිබඳ මාලඹේ SAITM ආයතන හිමිකරු නෙවිල් ප්‍රනාන්දු ප්‍රකාශයක් නිකුත් කරමින් සිය ස්තුතියද වෛද්‍යවරුන් වෙත ලබා දී ඇත.