Posted on 08.29.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
SAITM පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම නතර කර අනෙකුත් ඉල්ලීම් වලටද විසඳුම් ලබා දීමෙන් තොර වූ වෙනත් කිසිඳු ව්‍යාජ විසඳුමක් සඳහා වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කිසිසේත් එකඟ නොවන බව එම සම්මේලනයෙහි සභාපති වෛද්‍ය මනුජ් ක්‍රිශාන්ත ප්‍රකාශ කරන ලදි.
සයිටම් අර්බුදය සැමට සාධාරණ විසඳුමක් යන තේමාව යටතේ මෙම සම්මේලනය විසින් ඊයේ(28) දින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
පසුගිය 25වන දා ජනධිපතිවරයා සමඟ සිදුකරන ලද සාකච්ඡාවේදී ද මේ මෙම ස්ථාවරය ප්‍රකාශ කර බවත් SAITM ආයතනයට 2016ට පෙර බඳවා ගෙන ඇති සිසුන් සඳහා යම් සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අනුබද්ධව අන්තර්කාලීන අධිකාරියක් පිහිටුවීමද යෝජනා කරන බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන ලදි.